වත්තල හැඳළ සුපිරි වෙළඳ සැලක රථ ගාලේ නවතා තිබූ රියක තිබී රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කුඩු තොගයක් හා රුපියල් ලක්ෂ 24ක මුදලක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 65ක මුදල් හා හෙරොයින් ග්‍රෑම් 20ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද පවසයි.
රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිකැ රගත් තෙරතුරු අනුව වත්තල කුලී නිවසක තිබී මේ මුදල් සොයාගත් බව ද පොලිසිය පවසයි. සැකකරු රුපියල් 25,000ක මාසික කුලියට මේ නිවස ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තල ඉඳලා මීගමුව දක්වා වූ මුහුදු තීරයටත් දෙවියන්ගේම පිහිටයි. (නි)
අද මත්කුඩු මර්දනයට කිසිම දේශපාලන බලවතෙකුට උවමනාවක් නැහැ. ඒ එය ඔවුන්ගේ දේශපාලන බර අවියක් කරගෙන ඇති නිසාය. ඒ වගේම ඔවුන්ගේ දේශපාලන ඉදිරි ගමනට එයම ආර්ථික රුකුලක් කරගෙන ඇති නිසාය. කුඩු නිසා රටේ ආර්ථික සමාජ සංස්කෘතික සහ විද්‍යාත්මක දියුණුවක් ලබන්න බැරි බව ළඟකදී ඉඳලා තැන් තැන් වල කියන නායකයොත් ඉන්නවා. නමුත් ලොකුම කුඩු රජා අල්ලාගත්තාම ඔහුගේ කට උත්තර සහ ෆයිලුත් අතුරුදහන් වෙනවා. මේ රටේ සංවර්ධනය සහ රටවැසියාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති නොවන්නේ කුඩුකාරයෝ නිසා නොව දේශපාලක බොරුකාරයෝ නිසා බව ජනතාව හඬනඟා කිවයුතු කාලය පැමිණ තිබෙනවා. (නි)
දුමින්දගේ සහෝදරයා රේනෝ සිල්වාට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා දෙනවලු. එදාට අපිත් තීරණයක් ගන්නවා යහපාලනය ගැන (නදී)
ලෝකයේ රටවල් නවීන තාක්ෂණයෙන් දියුණුවක් ලබද්දී අපේ රටේ එවැනි දියුණුවක් ලබන්න තාම බැහැ. හේතුව මත්කුඩු ජාවාරම නිසයි. මෙසේ කියන්නේ මා නොවේ.ජනවාරි 8 වැනිදායින් පසු කොපමණ කුඩ්ඩෝ බඩු සමග ඇල්ලුවාද? මහා කුඩ්ඩොත් ඇල්ලුවා නේද? අද වනවිට මාස හයකටත් කිට්ටුයි. තාම කිසි කෙනෙක් අත්අඩංගුවට පැත්වුණේ නැහැ. පාර්ලිමේන්තුවට සම්බන්ධ ජනතා නියෝජිතයෝ ගැන කියවුණා. පැය ගණන් ප්‍රශ්න කෙරුවා. ඒත් කෝ ? අද වනතුරු මොකුත් නැහැ. ලොක්කෝ සම්බන්ධ වෙනකොට ෆයිලුත් අතුරුදහන් වෙනවා. ඉතින් ඔය කතාවලින් ඵලක් තිබේද? මට නම් හිස වනන්නවත් අත්පොළසන් දෙන්නවත් බැහැ. කිසිම ප්‍රායෝගිකකමක් නැහැ. (නි)
විපුල, මේ මුදල් ගැන ආශාවෙන්න එපා. ඔයා හම්බකරන්න පොඩි මුදලක් වුණත් ඒක ගොඩක් වටිනවා, මේ වස විස අපේ දරු පරපුරට විකුණලා හම්බකරන මේ ජරා මුදල්වලට වැඩිය. (නි)
වෙලේ සුදා අල්ලලත් තාම කුඩුකාරයෝ ඉවරවුණේ නැද්ද? මහා කුඩුකාරයෝ අල්ලන්න. එහෙම නැතිවුණොත් කුඩේ කුඩු! (නි)
ප්‍රධාන සැකකරු අල්ලන්නේ කවදාද? (නි)
බුදු අම්මෝ සල්ලි කන්දරාව! අනේ අපේ මාසික වැටුපම කීයද? (නි)