හෙරොයින් මත්කුඩු විකිණූ මෝදරගේ රනීෂා නම් එක්දරු මවට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ඇය අනභිමුඛයේ දී මරණ දඬුවම නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 54ක් ළඟ තබා ගත්තැයි ඇය වැරදිකාරිය වූවාය.
ඇය හත් මාසයක් වයසැති ළදරුවකුගේ මවකි.
හෙරොයින් මත්කුඩු විකිණූ මෝදරගේ රනීෂා නම් එක්දරු මවට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ඇය අනභිමුඛයේ දී මරණ දඬුවම නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 54ක් ළඟ තබා ගත්තැයි ඇය වැරදිකාරිය වූවාය.
ඇය හත් මාසයක් වයසැති ළදරුවකුගේ මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ කුඩු ගේනවා නම් හෝ ළඟ තියාගන්නවා නම් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් තියාගත්තට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. (නි)
එතකොට කුඩු කන්ටනේර්ස් පිටින් ගෙන්නලා රට විනාශ කරන එවුන්ට, අමු අමුවේ ඔප්පු වෙලා තියෙද්දිත් නිදහසේ ඉන්න ඉඩ දීල තියෙන්නේ ?? කවදද අපේ රටේ සාධාරණය ඉෂ්ට වෙන්නේ ? (බ)
අනේ මංදා ඉතින්...ග්‍රෑම් 54 නොගෙනත් කන්ටේනරයක් ගෙනාව නම් මේ අම්මාටත් බේරෙන්න තිබුණා.එකපාරක් කුඩු තොගයක් එක්ක ගුවන් සේවිකාවක් බම්බලපිටියෙදි ඇල්ලුවා මතකයි.එයාල ලස්සනට නිදහස්.එයාල බබාල.අනේ මංදා නීතිය කාටත් පොදු වෙන්න ඕන.මට,අර ගුවන් සේවිකාවට වගේම මේ මනුස්සයට. (බ)
මවක් වශයෙන් මට නම් දරන්න අමාරුයි. (නි)
ලංකාවේ කුඩු තොග ගණන් ළඟ තියාගෙන විකුණන අයට නම් ඔය මොකුත් නැහැ (නි)
එතකොට කුඩු කන්ටේනර් ගණන් ගෙනා අය? (නි)
නමුත් කුඩු ගෙන්වන ලොක්කන් තවම යහතින් (නි)
කිලෝ 80ගෙනා වෙලේ සුදා ගැන නො කතා ග්රෑම් 54ලග තබාගත් රනීෂාට මරණ දඩුවම. යහ පාලනයයේ වෙනස (බ)
මේ රටේ හෙරොයින් වැරදිකාරයින්ට දඬුවම් දෙන්ඩ මේ විනිසුරුටම බාර දෙන්ඩ. (බ)
අහිංසක දරුවකුට මව් සෙනෙහස නැතිවෙනවා. කොහොමහරි ලංකාවට කුඩුගේන තෝරු මෝරු ටික අල්ලන්න ඕනි. එතකොට මේ වගේ අයට විකුණන්න කුඩු නැනේ (බ)
54 ට උරුම පෝරකේ නම් කිලෝ දහස් ගානට උරුම මොකද්ද කියල දන්නා කෙනෙක් කියල දෙනවද? (බ)
ඇයි මුළු රටම දන්නා දුමින්ද,වෙලේසුදා,මර්වින්ගේ කොල්ලා මාලක,උන්ට දඩුවම් නැතෙයි හතිලව්වේ.ඇයි පොලිසිය බයද උන්ට,නැත්තන් උන්ගෙන් ලොකුගණන් ලැබෙනවද පොලිසියේ ලොක්කන්ගේ කටවැහෙන්නයි ඇස් නොපෙනෙන්නයි.අනේ මෙහෙම රටක්. (බ)
අනේ පවු දෙවියනේ! (නි)
මටත් කියන්න තියෙන්නේ ආනන්ද කියපු එකම තමා.නීතිය හැමෝටම එකක් වෙන්න ඕනෑ. (නි)
ඉහත ප්‍රතිචාර වලට මම හදවතින්ම එකඟ වෙමි (නි)
අපිටත් දරුවන් ඉන්නවා. මේ ළදරුවාගේ ඉරණම ගැන මට බොහොම කණගාටුයි. දෙමාපියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙන මේ වගේ දරුවන් ගැන ආණ්ඩුවෙන් සොයා බලන්න කියලා මම ඉල්ලනවා. මව් සෙනෙහස අහිමි වී නන්නත්තාර වී හැදෙන දරුවා මවටත් වැඩිය දරුණු රට හොල්ලන දාමරිකයෙකු වුණොත් මොන අපරාධයක්ද? (නි)
අනේ මන්දා අපේ රටේ නීති? (නි)
පහත් තැනින් බසී ජලේ (නි)
කුඩු පොඩ්ඩ පොඩ්ඩ ගෙනෙන්නයි තිොගන්නයි තමයි තහනම්. කිලෝ ගණන් කන්ටේනර් ගණන් ගෙනාවට කමක් නැහැ. අනෙක ලොකු ලොකු අය කරන ඒවා මේ පොඩි මිනිසුන්ට කරන්න දෙන්න බැහැ නොවැ.මොකක්ද එතකොට ඒ උත්තමයින්ට තියෙන තැන. (නි)
කුඩු ගෙනෙන අයටත් දඬුවම් දෙන්නකෝ ඔය විදිහටම (නි)
ග්‍රැම් 54ක් තියාගන්නේ නැතුව කිලෝග්‍රෑම් 54ක් එක්ක අහුවුණා නම් බේරෙන්න තිබුණා. මොකද කුඩු කන්ටේනර් පිටින් නිදහස් වුණා පහුගිය කාලේ (නි)
එතකොට අර ළදරුවාගේ ඉරණම හා මව් සෙනෙහස ලැබීමේ අයිතිය ? (බ)
මොකක්ද මේකෙ තේරුම? කුඩු ග්‍රෑම් 54ක්? ඔය වටග් සොච්චමක් විකුණලා මොනවා කරන්නද? (නි)
නීතිය අකුරටම දුප්පතාට. (බ)
ආණ්ඩුව මොක් වුනත් ලොකු මිනිස්සුන්ට එක නීතියක් පොඩි මිනිස්සුන්ට තව නීතියක් ඕකයි වෙනස් වෙන්න ඕන (බ)
ස්තූතියි ! (බ)
දුමින්ද වගේ කෙනෙක්ට දඬුවම් කළොත් තමා නීතිය විශ්වාස අපට (බ)
එක් දරු මවක් තවත් දරුවන් ලක්ෂ ගණනකගේ ජීවිත හානි කරන දෙයක් කරන්නේ නම් අති මහත් අභාග්‍යයකි. (බ)
මෝඩයෝ මෙහෙම තැන්වලට පත්වුණාම මෙහෙමයි. (ම)