හෙරොයින් මත්කුඩු විකිණූ මෝදරගේ රනීෂා නම් එක්දරු මවට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ඇය අනභිමුඛයේ දී මරණ දඬුවම නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 54ක් ළඟ තබා ගත්තැයි ඇය වැරදිකාරිය වූවාය.
ඇය හත් මාසයක් වයසැති ළදරුවකුගේ මවකි.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුඩු විකිණූ එක් දරු මව පෝරකයට
සම්පත් Thursday, 30 April 2015 04:16 PM
මට නම් හිතෙන්නේ කුඩු ගේනවා නම් හෝ ළඟ තියාගන්නවා නම් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් තියාගත්තට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. (නි)
ඩබ්ලිව්.එම්.ඒකනායක Friday, 01 May 2015 09:05 AM
එතකොට කුඩු කන්ටනේර්ස් පිටින් ගෙන්නලා රට විනාශ කරන එවුන්ට, අමු අමුවේ ඔප්පු වෙලා තියෙද්දිත් නිදහසේ ඉන්න ඉඩ දීල තියෙන්නේ ?? කවදද අපේ රටේ සාධාරණය ඉෂ්ට වෙන්නේ ? (බ)
මලිත් Friday, 01 May 2015 09:47 AM
අනේ මංදා ඉතින්...ග්‍රෑම් 54 නොගෙනත් කන්ටේනරයක් ගෙනාව නම් මේ අම්මාටත් බේරෙන්න තිබුණා.එකපාරක් කුඩු තොගයක් එක්ක ගුවන් සේවිකාවක් බම්බලපිටියෙදි ඇල්ලුවා මතකයි.එයාල ලස්සනට නිදහස්.එයාල බබාල.අනේ මංදා නීතිය කාටත් පොදු වෙන්න ඕන.මට,අර ගුවන් සේවිකාවට වගේම මේ මනුස්සයට. (බ)
පද්මිණී Thursday, 30 April 2015 05:52 PM
මවක් වශයෙන් මට නම් දරන්න අමාරුයි. (නි)
මාගලී ෆොන්සේකා Thursday, 30 April 2015 11:36 AM
ලංකාවේ කුඩු තොග ගණන් ළඟ තියාගෙන විකුණන අයට නම් ඔය මොකුත් නැහැ (නි)
බන්දුල Thursday, 30 April 2015 11:38 AM
එතකොට කුඩු කන්ටේනර් ගණන් ගෙනා අය? (නි)
සෙනෙවි Thursday, 30 April 2015 11:44 AM
නමුත් කුඩු ගෙන්වන ලොක්කන් තවම යහතින් (නි)
සජිත් Thursday, 30 April 2015 11:50 AM
කිලෝ 80ගෙනා වෙලේ සුදා ගැන නො කතා ග්රෑම් 54ලග තබාගත් රනීෂාට මරණ දඩුවම. යහ පාලනයයේ වෙනස (බ)
අමිත් Thursday, 30 April 2015 11:51 AM
මේ රටේ හෙරොයින් වැරදිකාරයින්ට දඬුවම් දෙන්ඩ මේ විනිසුරුටම බාර දෙන්ඩ. (බ)
රංග Thursday, 30 April 2015 11:56 AM
අහිංසක දරුවකුට මව් සෙනෙහස නැතිවෙනවා. කොහොමහරි ලංකාවට කුඩුගේන තෝරු මෝරු ටික අල්ලන්න ඕනි. එතකොට මේ වගේ අයට විකුණන්න කුඩු නැනේ (බ)
ප්‍රියාන් Thursday, 30 April 2015 12:03 PM
54 ට උරුම පෝරකේ නම් කිලෝ දහස් ගානට උරුම මොකද්ද කියල දන්නා කෙනෙක් කියල දෙනවද? (බ)
ආනන්ද Thursday, 30 April 2015 12:03 PM
ඇයි මුළු රටම දන්නා දුමින්ද,වෙලේසුදා,මර්වින්ගේ කොල්ලා මාලක,උන්ට දඩුවම් නැතෙයි හතිලව්වේ.ඇයි පොලිසිය බයද උන්ට,නැත්තන් උන්ගෙන් ලොකුගණන් ලැබෙනවද පොලිසියේ ලොක්කන්ගේ කටවැහෙන්නයි ඇස් නොපෙනෙන්නයි.අනේ මෙහෙම රටක්. (බ)
නදීකා Thursday, 30 April 2015 12:09 PM
අනේ පවු දෙවියනේ! (නි)
චමිලා Thursday, 30 April 2015 12:13 PM
මටත් කියන්න තියෙන්නේ ආනන්ද කියපු එකම තමා.නීතිය හැමෝටම එකක් වෙන්න ඕනෑ. (නි)
ආසිරි Thursday, 30 April 2015 01:22 PM
ඉහත ප්‍රතිචාර වලට මම හදවතින්ම එකඟ වෙමි (නි)
භානු Friday, 01 May 2015 02:15 AM
අපිටත් දරුවන් ඉන්නවා. මේ ළදරුවාගේ ඉරණම ගැන මට බොහොම කණගාටුයි. දෙමාපියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙන මේ වගේ දරුවන් ගැන ආණ්ඩුවෙන් සොයා බලන්න කියලා මම ඉල්ලනවා. මව් සෙනෙහස අහිමි වී නන්නත්තාර වී හැදෙන දරුවා මවටත් වැඩිය දරුණු රට හොල්ලන දාමරිකයෙකු වුණොත් මොන අපරාධයක්ද? (නි)
පිටබැද්දර ජයා Thursday, 30 April 2015 01:37 PM
අනේ මන්දා අපේ රටේ නීති? (නි)
දුමින්ද Thursday, 30 April 2015 01:49 PM
පහත් තැනින් බසී ජලේ (නි)
පිටිගල Thursday, 30 April 2015 01:51 PM
කුඩු පොඩ්ඩ පොඩ්ඩ ගෙනෙන්නයි තිොගන්නයි තමයි තහනම්. කිලෝ ගණන් කන්ටේනර් ගණන් ගෙනාවට කමක් නැහැ. අනෙක ලොකු ලොකු අය කරන ඒවා මේ පොඩි මිනිසුන්ට කරන්න දෙන්න බැහැ නොවැ.මොකක්ද එතකොට ඒ උත්තමයින්ට තියෙන තැන. (නි)
ගමගේ Thursday, 30 April 2015 02:01 PM
කුඩු ගෙනෙන අයටත් දඬුවම් දෙන්නකෝ ඔය විදිහටම (නි)
රකිත් Friday, 01 May 2015 03:00 AM
ග්‍රැම් 54ක් තියාගන්නේ නැතුව කිලෝග්‍රෑම් 54ක් එක්ක අහුවුණා නම් බේරෙන්න තිබුණා. මොකද කුඩු කන්ටේනර් පිටින් නිදහස් වුණා පහුගිය කාලේ (නි)
ජානක Thursday, 30 April 2015 02:42 PM
එතකොට අර ළදරුවාගේ ඉරණම හා මව් සෙනෙහස ලැබීමේ අයිතිය ? (බ)
සුමනසිරි කටුලන්ද Friday, 01 May 2015 04:35 AM
මොකක්ද මේකෙ තේරුම? කුඩු ග්‍රෑම් 54ක්? ඔය වටග් සොච්චමක් විකුණලා මොනවා කරන්නද? (නි)
චන්න බුවනක Thursday, 30 April 2015 03:11 PM
නීතිය අකුරටම දුප්පතාට. (බ)
සුමනසිරි Friday, 01 May 2015 04:39 AM
ආණ්ඩුව මොක් වුනත් ලොකු මිනිස්සුන්ට එක නීතියක් පොඩි මිනිස්සුන්ට තව නීතියක් ඕකයි වෙනස් වෙන්න ඕන (බ)
යසස් Friday, 01 May 2015 04:50 AM
ස්තූතියි ! (බ)
යසස් Friday, 01 May 2015 05:02 AM
දුමින්ද වගේ කෙනෙක්ට දඬුවම් කළොත් තමා නීතිය විශ්වාස අපට (බ)
ශ්‍රීලාල් Thursday, 30 April 2015 03:38 PM
එක් දරු මවක් තවත් දරුවන් ලක්ෂ ගණනකගේ ජීවිත හානි කරන දෙයක් කරන්නේ නම් අති මහත් අභාග්‍යයකි. (බ)
මාදන්ගි Friday, 01 May 2015 08:50 AM
මෝඩයෝ මෙහෙම තැන්වලට පත්වුණාම මෙහෙමයි. (ම)