එළවළු හා පළතුරු ආරක්‍ෂා සහිතව ප‍්‍රවාහනය කිරිමේ නීතිය ලබන 15 වැනිදා සිට අකුරටම කි‍්‍රයාත්මක කරන බවත් ගොවීනට සහන මිලට ප්ලාස්ටික් කූඩ අලෙවි කරන බවත් රජය කියයි. කිලෝ 30ක් ඇසිරිය හැකි කූඩය රුපියල් 500 කටද කිලෝ 35-40 ඇසිරිය හැකි කූඩයක් රුපියල් 637කටද කිලෝ 50ක් ඇසිරි හැකි කූඩයක් 1465කට මිල කැර ඇතැයිද කොටස් වශයෙන් ගෙවා ඒවා මිලට ගත හැකි යැයිද ගොවිජන සේවා ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා පවසයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කූඩ නීතිය විතරක්? අනිත් නීතිත් අකුරටම කරන්නේ නැද්ද?
මේ අයට කරන්න වෙන වැඩ නැද්ද දන්නේ නෑ. මේ පොඩි අසරණ මිනිස්සුන්ව විතරක් කල්ලන්නේ?
ගොඩක් හොදයි
ඕකත් ගොවීන්ගේ බෙලි මිරිකනවා වගේ වැඩක් තමයි..
මෙය තනත් නාට්‍යයක් වේවි..
ඉතාමත් හොද තීරණයක්. ඒත් යම් කිසි තීරණයකට එන්න කලින් අදාළ අය සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට පිළියම් යොදමින් හදිස්සි නැතිව හරියටම ක්‍රියාත්මක කලානම් හරි.
උසස් පෙළ ප්‍රතිඵල පවා අකුරට කරන්න බැරි උදවිය,මේ වැඩේ අකුරටම කරනවලු...දෙයියෝ සාක්කි වලට හොද කථාවක්.හොදයි කරන්න මේ පාරත් අපි අමාරුවේ.
ඇයි කූඩ නීතිය විතරක් අකුරට? අනිත් නීතිත් අකුරට කළා නම් තහයි නේද හොද..?
දෙවැනි සැරේටත් වරද්ද ගන්න වගේ යන්නේ..
මේ වගේ දේවල් වලින් තැලැන්නේ පොඩි අසරණ මිනිස්සු. හැබැයි හැම නීතියක්ම අකුරට කරන්න.
කූඩවල දනෙ එළවළු ගණන් යයි. අනිත් ඒවා ලාභ වෙයි.
ඉතාම හොද තීරණයක්. නොබියව ක්‍රියාත්මක කරන්න.
එළවලු ග්‍රෑම් 100 රු. 100 ටම ගියත් කමක් නැහැ. නීතිය අකුරටම කරන්න. අපි දරුවන් සමග දවසක් හැර දවසක්වත් එළවලු ටිකක් කන්නම්. නැතිනම් බඩගින්නෙ ඉන්නම්. නීතිය අකුරටම, දශමයටම කරන්න
කුඩු වෙළෙඳාම වැඩි වෙයි වගේ