IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘කුඩු නැති පාඩුවට පෙත්තක්‘

ඉතා ඉහළ මිල ගණන් වලින් හෙබි මත්පෙති වර්ග කිහිපයක් වසර ගණනාවක් මුළුල්ලේ මෙරට ඉතා සුක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ පැවසීය.

රෙස්ටොරන්ට් රාත්‍රී සමාජශාලා ‘‘බීර උයන‘‘ නමින් හදුන්වන ස්ථානවල සුක්ෂම ක්‍රමවේදයක් යටතේ මෙම මත්පෙති අලෙවි වෙයි. අලෙවිකරුවන් අත්අඩංගුවට ගැනීමට උපායක් යෙදු බවත් වෛද්‍ය සමරසිංහ මහතා කිවේය.

සුපර් මෑන්, රම්බෝ, ප්ලෙෂර්, හීරෝ යන නාමයන්ගේ පෙති කුඩු පොසින්ජර් ලෙස මේවා අලෙවි වන්නේ රුපියල් තුන්දහසේ සිට රුපියල් හයදහස දක්වා වූ මිල ගණන් වලටයි.

‘‘තරුණ පිරිස් ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය අලෙවිකරන්නේ ධනවතුන් ලෙස වෙස්වලාගත් සමාජයේ ඉහළින් වැජබෙන වැදගතුන් ලෙස පෙනී සිටින කල්ලියක් බවටත් තොරතුරු ලැබී ඇත.‘‘

‘හොරෝයින් මත්ද්‍රව්‍ය හිගවී යන බැවින් මෙම මත්ද්‍රව්‍ය වර්ග ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බැවින් තම දරුවන් ගැන අවධානයෙන් සිටින ලෙස අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය දෙමාපියන්ට අනතුරු හඟවමිත් කරයි. දැනට මෙම මත්ද්‍රව්‍ය බිලිවී තිබෙන්නේ මධ්‍යම පාන්තික සහ ඉහළ සමාජ ස්ථරවල දරුවන් බවත් අනාවරණය කරගෙක ඇත.‘

මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 1984 දුරකථන අංකයට හෝ බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා යටතේ පවතින විශේෂ ඒකකයට දැනුම් දෙන ලෙස වෛද්‍ය සමරසිංහ ඉල්ලයි.



අදහස් (0)

‘කුඩු නැති පාඩුවට පෙත්තක්‘

ඩීජේ Friday, 27 March 2015 05:04 AM

කුඩු අඩුයි ? ලංකාව ගැන නෙමෙයිද කතා කරන්නේ? (බ)

:       0       0

රොෂාන් Friday, 27 March 2015 06:58 AM

බදු ගැන නොහිතා රට ගැන හිතල මේවා තහනම් කරන්න බැරිද (නදී)

:       0       0

සොහාන් Thursday, 26 March 2015 05:26 PM

මේවායින් අපේ දරුවන්ට කවදාහරි බලපෑමක් ඇතිවෙයිද කියලයි මට බය (නි)

:       0       0

නිමල් Thursday, 26 March 2015 09:47 PM

මේවා ගන්න සල්ලි අපේ මිනිසුන්ට කොහෙන්ද? (නි)

:       0       0

දුමින්ද Friday, 27 March 2015 02:23 AM

හැම දෙයටම ඇල්මක් දැක්වීම පරිහානිය වේ. (නදී)

:       0       0

සුලේ වෙදා Friday, 27 March 2015 03:53 AM

මේ අර අරයාගේ පුතා නේ මේවා කරන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site