(ගයාන් සූරියආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සළිදුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවනු ලබන අසිත නැමැත්තාගේ නෑනා හෙරොයින් ග්‍රෑම් 10.570 ක් රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටියදී පානදුර මාදුපිටිය ප්‍රදේශයේදී අද වලාන කාන්තා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මාදුපිටිය මහවිල ප්‍රදේශයේ ඇගේ නිවෙසේදී මෙම වැටලීම සිදුකර තිබූ අතර වැටලීම සදහා නිවෙසට පැමිණෙන පොලිස් නිලධාරීන් සපාකෑම සදහා පුහුණු කරන ලද දරුණු ගනයේ සුනඛයන් 4 දෙනකුද නිවෙසේ ආරක්ෂාව සදහා යොදා තිබූ බව පොලිසිය පවසයි.
එහිදී ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් ලක්ෂ විසි දෙකහමාරක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ‘පැට්ටා‘ නමින් හදුන්වනු ලබන 26 හැවිරිදි පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය කියයි.
මෙම කාන්තාවට එරෙහිව හරොයින් ළග තබා ගැනීමේ වරදට මහාධිකරණයේ නඩු 2 ක් විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි.
මෙම පැට්ටා නැමැති කාන්තාවගේ සැමියා, පියා සහ වැඩිමහල් සහෝදරිය ද මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බව වලාන දූෂණ ප්‍රහාරක බලකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු කතක් වලානෙන් අල්ලයි