ශ්රී ලංකාවට මත්කුඩු ගෙන ඒමේ චෝදනා යටතේ දීර්ඝ කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිටි පාකිස්තාන ජාතිකයෝ විසි දෙනෙක් අසාදු ලේඛන ගත කැර පාකිස්තාන රජයට බාරදෙන බව ආගමන විගමන පාලක ජනරාල් චුලානන්ද පෙරේරා මහතා කියයි. ගැහැණු දෙදෙනක්ද මේ අතර වෙති. බන්ධනාගාර නිලධරයන් දෙදෙනකු සමග මුල්ම දෙදෙනා කටුනායකට ගෙන ආ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරි ජයන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් විස්තර අසා ඔවුන් අසාදු ලේඛන ගතකැර යළි ශ්‍රී ලංකාවට ඒමට නොහැකිවන සේ පාකිස්තානයට බාරදීමට ක‍්‍රියා කළේය. එසේ නොවුයේ නම් සිංහල ද හොඳින් දන්නා ඔවුනට යළි ශ්‍රී ලංකාවට ඒමට ඉඩ ලැබෙතියි කියති. ශ්‍රී ලංකාවේදී වැරැදිකරුවන් වන නොරටුන් තවත් රටකට බාරදීම සඳහා 1995 පැනවූ අංක 5 දරණ පනත යටතේ මොවුන් පාකිස්තානයට බාරදෙනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් එක්ක අල්ලා ගත්තු කුඩු තොගයත් ඒ රටටම යැවුවා නම් නේද හොද? (නි)
D.N.A. වාර්ථාවක් අරගෙනම යවන්න (ස)
DNA වාර්ථාවකුත් අර ගෙනම යවන්න..(ස)
කලකට පසුව හොද අවස්ථාවක් ඔය ගමන්ම අපේ ඉන්න අයත් පකිස්ථානයට යැවීමට හැකියි. (ස)
තමන්ගේ රටට බාරදෙන එක හොඳයි. නමුත් නැවතත් ඒ වගේ දේවල් ඇති නොවෙන්න රජය නීති පැනවිය යුතුයි. නැතිනම් අපේ බාලපරපුර විනාශ වෙනවා (අ)
මොකක්ද මේ වැඩේ තේරුම? මැලේසියා වල රටට කුඩු ගේන විදේශිකයින්ව පැය 24ක් ඇතුළත එල්ලලා මරනවා. අපි එයාලව ආපහු යවනවා. මේකෙන් වෙන්නෙ තව අලුතින් පාකිස්තාන් ජාතිකයින් බය නැතිව ආපහු කුඩු අරන් ලංකවට එන එකයි. ඇයි ලංකාවෙන් ආපහු යවනවනෙ. ජනාධිපතිතුමනි, මේ ගැන අවධානය යොමු කරන්න. (නි)
ඔය සහනය අපේ රිසානා නෆීක්ට වලංගු නැද්ද? මෙහෙන් එහෙට විතරද බුරුල එහෙන් මෙහෙට නැද්ද?අනික ඔය අසාදු ලේඛන ගතකැර යැව්වාට ඔය අය ආයෙත් කරන්නේ ඔය වැඩේම තමයි.පාකිස්තාන් රු10000 වියදම්කලොත් අලූත් ගමන්බලපත්‍රයක් ඉතා ලෙහෙසියෙන් අරගන්න පිලිවන්. (අ)
ගාමිණී, කුවෙට් , පකිස්තාන් , සෞදි අරාබි අතරේ ලොකු වෙනසක් තියෙනවා......(ස)
මෙහෙදිම මරණ දඬුවම දෙන්න බැරිද ඕකුන්ට ????
ලංකාව අයට විතරද මරණ දඩුවම ? දඩුවම කාටත් පොදු වන්න ඕනෑ. විශේෂයෙන්ම මයාලට ??????????? (දී)
සල්ලි වලට ඕනෑම වැඩක් කරන ඉහල නිලධාරීන් ඉන්නා තාක්කල් ඔය පකිස්තානු ජාවාරම් කාරයන් ලංකාවට නැවත නැවතත් එන එක නවත්වනවා බොරු. බොරුවට ලංකාවෙන් පිටමං කළාට, ලබන සතියෙම ඒ ජාවාරම් කරුවා නැවතත් කුඩු අරගෙන මෙහෙට එනවා. ඕකයි සත්‍ය සිද්ධිය. (නි)
මේ අයට මරණ දඩුවම දෙන්න ගියොත් අපේ මුස්ලිම් ඇමතිලා ටික උසාවියට බෝම්බත් ගහයි. (නි)
ඉබ්බ දියේ දැම්ම වගේ හිටිවී (අ)
ලාංකිකයෙක් ඇල්ලුවා නම් මැරෙන තුරුම හිරේ.......??? (නි)