(සුජිත් හේවාජුලිගේ)

කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සැදැහැවතුන් උපරිම වශයෙන් 20 දෙනෙකු සම්බන්ධ කරගෙන පැවැත්වීමට අවසර හිමිවන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

කඨිනානිසංස ධර්ම දේශනය සැදැහැවතුන් විසි දෙනෙකු සම්බන්ධ කරගෙන සිදුකළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහෙත් කඨින චීවර රැගත් පෙරහැරට අවසර ලබා දීමට මෙතෙක් තීරණය කර නොමැත.