
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පෙරවරුවේ ඉල්ලීමක් කළේය.
අශෝක අබේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මුව ආවරණ පැළඳ නොසිටින බව තමාට පෙනෙන්නේ යැයිද කතානායකවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දීය.
මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කතා කරමින් සිටියදී මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා ප්‍රශ්නයක් මතු කළේය. මේ අවස්ථාවේදී ඇමතිවරිය "කොවිඩ් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමා මාස්ක් එක දාගන්න"යැයි පැවසුවාය.
පාර්ලිමේන්තු රැස්වීම සෞඛ්‍ය නීති වලට අනුගතව ඊයේ පැවැත්වීමද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ එහෙමවත් ඔය බුරන්න විතරක් අරින වක්කඩ කටවල් වහන්න පුළුවන් නම් ලොකු දෙයක්.
වැලිගම් යනකොටත් හාලියෝ වගේ බෝක්කු කටවල් ඇරගෙන ඉන්න එකේ..., ඔය පට්ටියේ 225ට කවදා හොඳ පුරුදු ජීවිතයට එකතුකර ගනියිද..?
වැඩිපුරම ඉන්නේ සත්තු වගේ හැසිරෙන, ඔවුන්ගේ නම් කියාගන්න අයනේ... කටවල් වහගෙන කොහොමද?