කටුවන ප්‍රාදේශීය සභාවේ සිව් අවුරුදු අනියම් සේවිකාවක වන තිදරු මවක (41)සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලමින් අඩි 25ක පොල් ගසක නැග සිටින්නීය.
එම සේවිකාවගේ අධ්‍යාපන සහතික ටිපෙක්ස්වලින් මකා වෙනස් කර තිබිනැයි ද, එම සහතිකය පිළිගත නොහැකි නිසා ස්ථිර නොකළැයි ද, ප්‍රාදේශීය සභාව කියයි.
ඇය ගසෙන් බැස්සාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ සුදුසුකම් වලට ගස් නගින එකත් දැන් අමතර සුදුසුකමක්. ඒ හින්දා රැකියාව ස්ථිර කරන්න හදිසියකට පොල් ගෙඩියක්වත් කඩා ගන්න. (නි)
හැමෝම වගේ මේ කාන්තාව විහිළුවකට අරන්. නමුත් කොතරම් හිත ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනෙද අර තරම් උස පොල් ගසකට නගින්න. බලදාරින් ටිකක් කල්පනා කලොත් ඇයගෙන් පලදායි සේවයක් රටට ගත හැකිවේවි. (නදී)
බලාගෙන අපේ අයියලා ටික ගහ යටට එයි.(නදී)
විහිළු නම් හොද නැහැ. දුප්පත් නිසා හිතේ ආවේගයටයි ගහට නැග්ගේ. අනතුරක් නොවී බැස්ස නිසා බලධාරීන් ඇයට පිහිටක් වෙයි.(නදී)
ඔයාගේ වයස තවම 41නේ. ඔය අර සබා මේ සබා දිහා බලන්නේ නැතුව අත පය වෙහෙසලා ස්වයං රැකියාවක් ගැන හිතන්න. ඔයාට ගස් නගින්න පුලුවන් නම් ,ස්වයං රැකියාවක් කරන්න ඕනෑවට වඩා ශක්තිය තියනවා. (නි)
මේ කාන්තාව විහිළුවකට නොගන්න. ඇයට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන්නයැයි මම ඉල්ලා සිටිමි (නි)
අපේ අහවල් අයියට බාරදුන්නා නම් වැඩේ ඉවරයි. අක්කා ලස්සනට ගහෙන් බහිවී. (නි)
අමතර රැකියාවක් විදියට පොල් කඩන්නකෝ. වැඩේ ඉවරයි. අමතක නොකර කලිසමක් දාගන්න.. (ස)
තිදරු මවක වීම හෝ අවුරුදු හතරක් දුක් විඳීම සුදුසු කමක් නෙමෙයි. ආණ්ඩුවේ සමිතියකට බැඳෙන්න. රස්සාවත් අරන් ගහෙන් බහින්න පුළුවන්. (ස)
වාසනාවන්! (නි)
අනියම් පෙමක් වුණත් ස්ථිර කර ගන්න ලේසි නැහැ පොල් ගස් නැගලා. කව්ද අනේ ඔයාට මේ ලනුව දුන්නේ?පොදු අපේක්ශකයෙක්වද්ද? ට්‍රයි කොරලා බලන්න නංගියේ ජිනීවා වලට ලියමනක්වත් ලියලා රාජ්ජ නොවන සංවිධානක් හරහා යවලවත්. (නි)
රටේ ඇති සියලුම උස ගස් කපා දැමිය යුතුයි (නි)
නංගි රැකියාවේ ස්ථිරකම පැත්තකට දමන්න. දිගටම පොල්ගස් බඩගාන්න. ඒ මොකද, දැන් ගස් වලට හොඳට ගෙවනවා . (නි)
ඊලග ඡන්දෙට වැඩ කරන්න නංගී. (නි)
අද කාලයේ හැම දෙයක්ම විහිලුවට ගන්නවා. බරපතලව හිතන්නේ බොහොම ටික දෙනෙක් පමණි.අක්කේ, ඔබගේ ඉල්ලීම ඉටු වෙනකම් ගහෙන් බහින්න එපා. මම ලංකාව හිටියා නම් ඔයාග ශක්තියක් වෙන්න පොල ගස යටට වෙලා ඉන්නවා. (නි)
අපේ රටේ සමහර අයගේ මානසිකත්වය දැන් මේකමයි. කවුරුහරි දෙන ඕනෑම ලණුවක් කනවා හොඳද නැත්ද බලන්නෙ නැතුව. උඩ නැගලා හරි, යටටම බැහැලා හරි තමන්ගෙ ජීවිතය අනතුරේ දාගෙන ඉල්ලන්නේ මොනවද? (නි)
කටුවන ජිවත් වෙන එක යාපනේ ජිවත් වෙනවට වඩා අමාරුයි. ගස් ගිහින් බේරුනා ඇති (නි)
ඔය අනියම් සම්බන්ධය ඉවත් කර ගත්තා නම් ඉවරනේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැහැනුත් ගස් නගිනවද? (නි)
සහතිකේ මකලා තියෙනවා නම්, සහතිකය නිකුත්කළ අයගෙන් විමසුවා නම් ඔය කාන්තාව ගස් නගින්නේ නැහැ නේද? ? (නි)