අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයට කොළඹ කොටුව දුම්රිය පොළේ නිශ්චිත ස්ථානයක සිය උද්ඝෝෂණ කළ හැකි නමුත් දුම්රිය මගීනට හෝ මහජනයාට අවහිර වනසේ උද්ඝෝෂණ කළ නොහැකියැයි කියැවෙන නියෝගයක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මින් මොහොතකට කලින් නියෝග කළේය. ශිෂ්‍ය බලමණ්ඩලයේ සංජීව බණ්ඩාරට හා භික්ෂු බලමණ්ඩලයේ කිවුල්ඇල්ලේ චන්ද්‍රාලෝක හිමියනට මේ නියෝග පොලිසියෙන් බාරදීමට නියමිතය. සිසුන් නීතිය කඩ කළහොත් පොලිසියට නිසි පරිදි ක‍්‍රියා කළ හැකි බවද මහේස්ත‍්‍රාත් කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ප්‍රශ්නය විසදන්න රජයට ශක්තිය නැද්ද? (නි)
හොඳ වැඩක් (ස)
හයියෝ සමොහමත් පොලීසි .(ස)
නීතිය යදිමින් ඇරගල නවත්වන්න පුළුවන්ද ?????? .(ස)
අනේ අපේ දරුවෝ හැමදාම අතරමග .(ස)
විරෝධය පාන ස්ථානය කියලා බෝඩ් එකක් ගහලා තැනක් හැම නගරයකම හැදුවනම් හැමෝටම ලේසියි නේද? මේ විහිළුවට නෙවේ කාලෝචිත නැද්ද? (විරෝපාස් VIROPAS කියලා ලස්සනට මොඩ් කරලා බෝඩ් එකක් හයි කරලා නගර සභාවට මේකෙන් ගාණක් හොයන්නත් පුළුවන් වෙයි) (ස)
ඔවු. චිත්‍රපටි බලන්න යනවා වගේ බලන්න යන්න පුළුවන්. (නි)
ඊ.එම්. ගේ අදහසට මමත් එකගයි (නි)
මහජනතාවට අවහිර වන පරිදි කරන සියළු ස්ථාන තහනම් කළ යුතුයි (නි)
අර අහවල් තැන කළා නම් තමයි හොදම (නි)
විරෝධය ප්‍රකාශ කරන්නන් හට ගාලු මුවදොර පිටිය හෝ විහාර මහා දේවි උද්‍යානය ගමනාගමනයට සහ මහජනයාට අවහිර නොවන සේ පැය ගන්නට බදු දෙන්න. හැබැයි ඉතින් විරෝධය මිස රගපෑමට නම් නොහැකි වේවි. ලෝකයේ බොහෝ රටවල ලංකාවේ මෙන් පොදු ජනයාට අවහිර වන සේ පොදු ස්ථානවල උද්ඝෝෂණය තහනම්ය. උද්ඝෝෂණ කිරීමට නගරයේ පොදු උද්‍යාන ඇත. (නි)
දැන් හැමදේටම විරෝධ (නි)
ඔය වෙලාවටම ගාලු පාර අවහිර කරලා තවත් උද්ගෝෂණයක් තිබුන ඇමරිකන් එම්බසිය ළඟ. එතකොට ඒව? (ස)
ධම්මික, ලෝකයේ බොහෝ රටවල වෙන විදියට අනිත් ඒවත් මෙහෙ වෙනවද? ගුටි කාපු මේජර්ලා අනේ මට ගැහුවේ නැහැ කියලා වෙන රටවලත් කියනවද? (නි)