
දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.
ගුවන්තොටුපොළේදී එමීර්වරයා වැලඳගනිමින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.
මෙය එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානීගේ දෙවැනි ඉන්දීය නිල සංචාරය වන අතර, එමීර්වරයා ඉන්දියාවට පැමිණියේ අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරැයුමකට අනුවය.
කටාර් එමීර්වරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේත්, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු අතරේත් හමුවක් අද (18) පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර මිත්‍රත්වය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් ඓතිහාසික බැඳීම් පවතී.
පසුගිය වසරවලදී දෙරට අතරේ, වෙළඳ, ආයෝජන, බලශක්ති, තාක්ෂණ සහ සංස්කෘතිකමය වශයෙන් ශක්තිමත් බැඳීම් පවතී. ඒවා තවත් ශක්තිමත් කිරීම කටාර් එමීර්වරයාගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
102
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර් එමීර් දෙදින සංචාරයකට ඉන්දියාවට
fairoos Tuesday, 18 February 2025 02:10 PM
ලංකාවත් ආරාධනා කරන්න ඕනම කෙනෙක්.