ශ්රී ලංකාවේ කර්මාන්තපුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කියයි.
අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සූදානමින් සිටින එම කටාර් ව්‍යාපාරිකයෝ පිරිස පසුගියදා හමුවුණි,දෙරටේම නියෝජිතයින් මෙම ආයෝජනය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී තිබේ, තමන් ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහාද කටාර් රාජ්‍යය සූදානමින් සිටින බව අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර තිලක් තමුන්ලා මොනවාද කටාර් ගැන දන්නේ. ඒ මිනිස්සු දැන් මැද පෙරදිග ඉන්න දියුණුම ජාතිය. යල් පැන ගිය අය නොවේ. හොදටම දියුණු වෙලා බටහිර පන්නයට ගැලපෙන ලෙස සියලු දේ වෙනස් කරගත් ජාතියක්. අපේ වගේ පම්පෝරි ගහ ගහ ඉන්න මෝඩයෝ නොවේ. (නදී)
ආයොජනය කළාට කමක් නැහැ! නමුත් ලංකාව තවත් අරාබියක් කරන්න උඩ ගිනි දෙන්නේ නැතුව (බ)
ප්‍රභාෂ් කුලරත්න ..මම නොදන්නා නිසා අහන්නේ කටාර් වල බුදුන් අදහන්න,පිරිත් නූල් බදින්න නිදහස තියේද ? (බ)
හැමදේම ගැන වැරදි විදිහට බලන්න එපා,කටාර් අරාබි රටක් වුවත් , මුලධර්මවාදී අදහස් ඔවුන් ලග නැහැ.(ම)
ඉතා හොඳ වැඩක් කටාර් රාජ්ජය පොහොසත් රාජ්ජයක් ඔහුන් සමග ගනුදෙනු කිරීම රටට ලොකු වාසියක් ගන්න පුළුවන්. (බ)
රජින්දගේ කතාව හරි. දුර්වල රටවල් අල්ලන එක තමයි එයාලගේ අදහස. ඊට අමතරව පොහොසත් රටවලත් ආයෝජනය කරනවා. මොකද තෙල් සහ ගෑස් ඉවර වුනාම (තව වසර 40 කින්) එයාලට කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා තමයි විකල්ප ආයෝජනයන් කරන්නේ. මම අහල තියෙනවා ඉතාම දුප්පත් රටවල් වලින් මෙයාල අක්කර දහස් ගණන් වග ඉඩම් මිලදී ගෙන තියෙනවා කියල. මේක තමයි එයාලගේ පැවැත්ම සඳහා කරන්න යන්නේ. එහෙම කරන අතරේ අනෙක් අධිරාජ්‍යවදිනුත් කලා වගේ තමන්ගේ ආගමත් ව්‍යාප්ත කරනවා. ප්‍රබාශ් කියන තරම් මෙයාල වෙනස් වෙලා නැහැ. ආගමක් සහ සංස්කෘතියක් කරේ තියාගෙන අතරේ බටහිරෙන් පැමිණි අධ්‍යාපනය, රෝහල් සේවය, මහාමාර්ග, කර්මාන්ත, වගා ක්‍රම, වැනිදේත් සහ බටහිර විනෝදාත්මක දේවලුත් (හොඳ සහ නරක දෙකම) පාවිච්චි කරනවා. ඒ වුනාට බටහිරට බනින එකෙත් අඩුවක් නෑ මෙයාලගේ. එහෙම බලනකොට අපි වගේම තමයි (වංසේ කබල් ගාන කට්ටිය කලබල වෙයි දැන්). වෙනස තමයි එයාල අනාගතය වෙනුවෙන් දැවැන්ත ලෙස සිතා මත වැඩ කරනවා; හැමෝගෙන සහය ගන්නවා. හැබැයි ඉතින් මේවා කරන්නේ දනපති ක්‍රමය ඇතුලේ ඒක නිසා එයාලගේ උපක්‍රමත් කඩා වැටෙනවා අනිවාර්යයෙන්ම. ලෝක පරිමාණ සැලැස්මක් නැතිව රට රටවල් තමන්ගේ වාසියට කරන මේ වැඩ වලින් වෙන්නේ මනුෂ්‍යයන් දුක් විඳීම පමණයි. ලෝක පරිමාණ සැලසුම් කරණයකට යන්න පුළුවන් විදියට තාක්ෂනය දියුණු වී ඇති මේ මොහොතේ අපි කලා යුත්තේ එවැනි පාලන ක්‍රමයකට යන එකයි. ටිකක් කල් යාවි ඒකට ඉතින් හැබැයි කරන්න පුළුවන් ලෙවල් ඒකට ඇවිල්ල අපි ඉන්නේ "අපි" කිව්වේ මනුෂ්‍ය සංහතිය ලංකාවේ අපිත් ඇතුළුව. (බ)
ඔව් ඕක හදලා අවසන්වුණාම මුස්ලිම් අයව විතරක් වැඩට ගනීවිද දන්නෙ නැහැ. දන්නවනෙ මෙයාලගේ සැළසුම්. විල්පත්තුවටත් වැඩේ දුන්නේ නිවාස යෝජනා ක්‍රමයක් කියලා. අන්තිමට ගිනිගෙඩි තමා පාත්වෙන්නේ. (නි)
මෙයාලගේ වැඩ ගැන ලගපාත රටවල් පවා කනස්සල්ලෙන් ඉන්නේ... (හේ)
අපි නොදන්නා මොනරතැන්න නුවන් කිව්වා දේ නොවුනොත් ඇති.(හේ)
මේ වගේ ආයෝජනයක් සිදු විය යුතුයි.(හේ)
නුවන්, ඔයාට ලෝකය ගැන ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න. මැදපෙරදිග කලාපේ විතරක් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 14 කිට්ටුවෙන්න වැඩකරනවා. ඒ එවන මුදල් තමයි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය. සෞදියේ ලක්ෂ 6.5 ඉන්නවා. ඉතින් ඒ රටවලින් කිවුවොත් ආපසු තමන්ගේ රටට යන්න කියලා මොකද කරන්නේ? අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ. ගෝත්‍රිකයෝ වගේ හිතන්න බැහැ. (නි)
ගැටලුව තියෙන්නේ, වෙනත් ආයෝජකයො වගේ නෙමෙයි, මුස්ලිම් මිනිස්සු වෙළඳාම මුවාවෙන් ආගම් පතුරවන එකයි අනුමත නොකරන්නේ. ආයෝජන නීතිරීති එක්ක එනවා නම් හොඳයි. (නි)
සිල්වා හිතන් ඉන්නේ අපි මේ රටවල් වල හිඟා කාල ඒ සල්ලි ලංකාවට එවනවා කියලද? අපි මෙහෙ අපේ දැනුම හැකියාව දීල තමයි සල්ලි ගන්නේ. (ත)
ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ ආයෝජන මණ්ඩලය හරහා පමණයි එහි තිබෙනා සියලු බදු වලට සහ නීති රෙගුලාසි වලට යටත්ව තමයි හැමදෙයක්ම කරන්න පුළුවන් හැබයි පසුගිය රජයෙන් ජෙමේස් පැක්ර්ට කැසිනෝ වියාපාරය සදහා විසේස වර්ප්පසාද දුන්න බදු අය කරේ නැහැ. කටාර් යෝජෝකයෝ එන එක රටට හොදක් වෙන්නේ ඒ තුලින් ආර්ථිකයට සහ විරැකියාවට යම්කිසි විසදුමක් ගන්න පුළුවන්.(කේ)
ආර්ථික අමාරුකම් වලින් පෙලෙන රටවල් තමයි මෙයාලගේ සාර්ථකම ගොදුර වෙන්නේ. දැන් බලන්න ග්‍රීසියට වෙලා තියෙනදේ. ඒ රටේ ආර්ථික කඩාවැටීම නිසා, ඒ රටේ ඉඩම්, වෙළද ව්‍යාපාර සහ බොහෝ ආර්ථිකමය වැදගත් අංශ කටාර් රාජ්‍ය ඇතුළු අරාබි වරුන්ගේ අයිතියක් වෙලයි තියෙන්නේ. ලංකාවට වෙන්නෙත් ඕකෙම අනිත් එක. අතේ දුරින් තියාගන්නකම් විතරයි මෙයාල හොද(.කේ)
මම කටාර් වල වැඩකරපු කෙනෙක් හැටියට දන්නවා කටාර් කියන්නේ නිදහස් රටක්. බුදු හාමුදුරුවන්ගේ පින්තූර කඩවල් වල විකුනන්න පවා තියෙනවා. එහි පලවෙන මැදපෙරදිග ලංකාදීප පුවත් පතක් පවා තියෙනවා. මැදපෙරදිග තියෙන එකම 100%ක් මුස්ලිම් නොවන අරාබි රට. ෂාරියා නීතිය ක්‍රියාත්මක වන්නේ විවාහ කටයුතු වලදී පමනයි. කටාර් රජය ලංකාවට ආධාර දෙන්න ඇති ඒත් ඒවා ලබාගත් කෙනා තමා වැරදි. මම දන්න තරමට කාටාර් ගැන කියන්න තියෙන්නේ නිතිය නිතිය විදිහට තියෙන විනෝද කාමී අරාබි වරු ඉන්න රටක්. (කේ)