කිලෝ එක හමාරක රන්  ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට ආ කොළඹ ආමාර්වීදියේ පදිංචිකරුවකුට (43) රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව රන් බිස්කට් රාජසන්තක කළේය. රේගුව පවසන්නේ සැකකරු කුලියට රන් ගෙන යන්නකු බවයි. රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටියකි. අමල් අබේවීර, නුවන් අබේනායක, උපුල් විදානගම යන සහකාර රේගු අධිකාරීවරුන්ට ඇතිවූ සැකයක් මත අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී රන් බිස්කට් සොයා ගැනීමට හැකි වූ බව රේගුව කියයි.