කුරුලූ බෙටිත්, සීගිරියේ අලූත්වැඩියාවට ගෙන ආ සිමෙන්ති ඇතුළු රසායන ද්‍රව්‍යයන්හි ලූණු ගතිය නිසා සීගිරි කැටපත් පවුරට ලූණු කා වැදී ඇතැයි ද, එයින් සීගිරි ගී වලට හානි විය හැකි යැයි ද විද්‍යාඥයෝ පිරිසක් කියති. කැටපත් පවුරේ ”පුස්” වර්ගයක් හැදී ඇතැයි වාර්තා වීමෙන් පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල විශේෂඥ උපදෙස් පැතීය.
පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ජගත් වීරසිංහ, මහාචාර්ය ඞී.බී. නන්දදේව, ආචාර්ය අර්ජුන් නන්දතිලකගේ හා ප‍්‍රධාන සංරක්ෂක ඩයස් වගආරච්චි අද කැඩපත් පවුර පිරික්සූහ.
මේ කාරිය සඳහා පත්කර සිටින අජිත් ජයසුන්දර කළමනාකරු ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආචාර්ය ගාමිණී ඈකන්ද එහිවූහ.
ලූණු ගතිය ඉවත් කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ඔවුහු සොයා බලති. අත්හදා බැලීම් ද සමග තුන් ආකාරයකින් පරීක්ෂණ පැවැත්වෙන බව විද්‍යාඥයෝ කියති.







1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙණයක් පාත් උනේ ලුණු නිසාද දන්නේ නෑ ?(ස)
මොකක්ද විද්‍යාඥයින්ගේ කාර්යභාරය? (නි)
මේ කට්ටිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නැහැ. (නි)
ලංකාවේ වැඩිපුරම ලුණු තියෙන්නේ කොහෙද ළමයි ?..සර් හම්බන්තොට නෑ,...නෑ...ළමයි . සීගිරියේ (ස)
පද්මි, එතකොට කැඩපත් පවුරටද අපි මේ කැටපත් පවුර කියන්නේ? (නි)
සිංහලයගේ අභිමානය වෙන සීගිරිය රැකගන්න බලධාරීන් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනි (ස)
උගත් මහත්වරුනි, නිවසක් ගොඩනගනා ලෙසට සිතුවමක් ගොඩනැගිය හැකිද? (නි)
සීගිරි ලඳුන් මුත්‍රා කරලාවත්ද ?? (ස)
එහෙන් අකුණු මෙහෙන් ලුණු. අනේ මන්දා, මේවා ඉස්සරහට දකින්න ලැබෙයිද කියලා. (නි)
පද්මි අක්කේ, ඉස්සර සීගිරි ලලනාවෝ අතින් ගෙනියන්නෙ වැටකොළු මල්. ඒවට ඒ කාලෙ කිවුවෙ රැට් කොට් මල් කියලා. ඒ වගේම කැඩපතට ඒ කාලෙ කියලා තියෙන්නෙ ‘‘කැට පත’’ කියලා හරිද? (නි)
ඕකට වැඩිය හොද නැද්ද සීගිරි ගල ඇතුළේ තියෙන මාළිගාව හොයාගත්තා නම්? (නි)
මුස්ලිම් අය වගේ අපේ ජාතික උරුමයන් නැතිකරන්න සහය වෙන්න එපා. (නි)
කවුරු හරි කෙනෙක් උඩට ගිහින් මුත්‍රා කරලද දන්නෙ නැහැ. ඊඊඊඊඊය්යා (නි)
කැටපත් පවුර ආරක්ෂා කරන්න වැටවල් ගහන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය එකම දේ, කෘතීම දේවල් බාවිතා නොකීරීමයි. ඒ බැම්ම හදලා තියෙන දේවල් දිහා බැලුවහම, ස්වාභාවයෙන් වෙන විපත් වලින් ආරක්ෂා වුණත්, කෘතීම දේවල් වලින් විනාශ වෙනවා. (නි)
සීගිරි ගී සීපද වෙලා...!(නු)
ඉක්මනින්ම වීදුරු සහිත ආවරණයක් කලානම් හරි කියලා මම හිතනවා.. ඇයි අපේ උරුමය විනාශවෙන්න දෙන්නේ අපි ඒවා රැක ගමු..!(නු)
තෙමෙන්නේ නැතිවෙන්න වහලක් ගහන්න බොරු වැඩ නොකර. (නි)
අනේ! අපි මේවට දැන් නැහැ පිළිතුරු.... (නි)
ඡායාරූපයේ ඉන්න කාන්තාව කවුරුද? ඇය හරිම ලස්සනයි. (නි)
බලකොටු තනා ගල් පවුවක කළ රජකම් මුළු ලොව පුදුම වී නරඹන ඒ දස්කම් නවතා කෙසේ හෝ ඇතිවෙන මේ පැල්ලම් කැඩපත් පවුර රැක ගැන්මත් අපෙ යුතුකම් (නි)
ඔය තියෙන්නේ ජාතික අභිමානයයි.. කටුගෙට කළා වගේ පුළුවං නම් ඕකත් විනාශ කරලාම දාන්න..!(නු)
ඉංග්‍රීසියෙන් බෝර්ඩ් එක ගහලා තියන්නේ මිරර් වෝල් කියලා. එහෙමනම් විය යුත්තේ කැඩපත් පවුරයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරනවද? (නි)
අර්තාපල් හා පැපොල් එකට අඹරා ලබාගන්නා පල්පය අවශ්‍ය ස්ථානයේ ගාන්න, වියළීමට නොදී නිතර තෙමන්න,දින 21ක් කරගෙන යන්න. තවදුරටත් ගැමියන්ගෙන් උපදෙස් ගන්න. (නි)
ඇත්තටම කිව්වොත් සිංහල අපි තාමත් අපේ දේ අගය කරන්වා අඩුයි.. මේවා ඉදිරි පරපුරට ආරක්ෂා කළ යුතුයි..!(නු)
ඒකාලෙ සීගිරියත් විකුණන් කනවෝ කියලා කෑගැහුවා කෝ ඒ අය දැං..!(නු)
ඒ කාලේ සීගිරියත් විකුණන් කනවෝ කියලා කෑ ගැහුව කට්ටිය කෝ දැන්? (නි)
දිවිහිමියෙන් රැකිය යුතු දේවල්. ප්‍රමාද වෙන්න එපා. (නි)
අළුත් විදියට ප්‍රථම සිමෙන්තිවල රාසායානගාර පරීක්ෂාවක් කළේ නැද්ද?(නු)