
(ඩී.ජී.සුගතපාල සහ ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදුව හීනටිගල හැඩිදෙමළ කන්ද ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් 46 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළකු මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ සිසිර කුමාර නැමැති තිදරු පියෙකි. මොහු මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයකු බව අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා මුදල් පොලියට දීමෙන් තමන් වෙත සින්නවූ ඉඩමක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
යතුරුපැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd