කොළඹ සිට කටුනායකට මිනිත්තු 20කින් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙතියි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. රුපියල් කෝටි 3913 ක චීන ශ්‍රී ලංකා ආයෝජනයකින් කිලෝමීටර් 25 ක් දිගැති කොළඹ කටුනායක මාර්ගය මංතීරු හතරකින් ඉදිකැරෙයි. 2009 දී වැඩ ඇරඹූ මේ මාර්ගයේ කැලණිය, පෑලියගොඩ, ජා ඇල, කෙරවලපිටිය හා කටුනායක මංසන්ධිවල ගුවන් පාලම් පහක් ඉදිකැරේ. මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි කොළඹට වැඩක් කරපු එක..!!(නු)
හම්බන්තොට විතරක් සංවර්ධනය කරනවායි කියපු අය මේකට මොනවා කියයිද දන්නෙ නැහැ...!!(නු)
කොහොමද ගණන් හිලවු එහෙම? (නි)
කුමාරගේ කතාවට මමත් එකගයි.අපේ රටේ විපක්ෂය කවදාවත් බලයට එන්න උවමනාවක් නැතිවා සේම රජය කරගෙන සංවර්ධන වැඩවලට අකුල් හෙලමින් හැමදාම විපක්ෂයේ සිටමින් එහි ඇති වරප්‍රසාද විදිමින් සිටින කොටසක් බව පැහැදිලියි.දක්ෂිණ අධිවේගී මාර්ගයට දොස් කියපු,ගල් පෙරලපු විපක්සයෙ අය ඔය යන්නෙ දැන් ඔය ඒකෙම යන්නෙ අගේට..(නු)
පිටරටක ජීවත්වෙන අපට අපේ රටේ මීට ටික කලකට පෙර තිබුණු පාරවල් ගෑනත්, අද අපේ රටේ තිබෙන පාරවල් හිතනකොට ඇත්තටම පුදුම හිතෙනවා.සමහරෙකුට මේව දිහා බලගෙන ඉන්න බැහැ. රටේ පාලනයට කවුරු ආවත් හොඳ දේ අගය කරන්න ඕනෑ. පාරවල් හරියට නෑතිව කිසිම රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ මාර්ග හදන්න උපකාර වු හෑමට පින්. (නි)
මම නම් ආසයි උඩින් යන්න.. හැදුවනම් බිමිං වැඩක් ගන්න තිබුණා..!!(නු)
මේකත් නොරොච්චෝලේ වගේ වෙයිද ??.... (ස)
බොහොම අගය කල යුතු වැඩක්.. (ස)
අපේ ඉහළම සුභ පැතුම්! (නි)
රනිල් මහත්තයා තව අවුරුදු දෙකක්වත් හිටියා නම් මේ පාර අපට ලැබිලා ගොඩක් කල්. (නි)
වරුණ හැමදේම එක විදියට හිතන්න එපා..මේ 21 වෙනි සියවස. (ස)
පේන විදියටනම් 2012 බැරි වේවි.. (ස)
වරුණ , මේක තවත් දක්ෂිණ අධිවේගී මාර්ගයක් වෙන්න කියල පතමු. (ස)
ගරු ජනපතිතුමණි, ඔබට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි.. (ස)
ගොඩාක් හොඳ වැඩක්. කොළඹ යන්න ගියහම පාරටම කාලේ ගෙවිලා යනවා. මේකෙත් සල්ලි ගෙවලා තමා යන්න ඕනේ. එ වුණත් පාඩු නැහැ. තෙල් වියදම අඩුවෙනවනේ. (නි)
රටක් දියුණුවෙන්න අනිවාර්යයෙන්ම රටකට හොද මාර්ග පද්ධතියක් අවශ්‍යයි.. ලංකාව අද ඉන්න තැනට වඩා ඉහළින් ඉන්නනම් රථවාහන මෙන්ම දුම්රිය මාර්ග ඉතාම අවශ්‍ය දෙයක්.. අපේ සුභ පැතුම් මෙයට දායකවන සැමට..!!(නු)
වරුණ එහෙනම් මේකත් වාහන එහෙම ගිනි ගනියි..!!(නු)
ඉතාම සන්තෝශයි...!!(නු)
මේක හොද වැඩක්.. අපි අගය කරමු.. ජනපතිතුමාට ගෞරවය..(නු)
ඉක්මණට යන්න පාරවල් හැදුවත් වාහන ගිනි ගණන්නේ. (නි)
ලොකු දෙයක්. දැන් පැය දෙකක් යනවා. (නි)
ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියානම් මේ වගේ දේවල් මෙච්චරකල් යනකම් ප්‍රමාද වෙන්නේ නැහැ. (නි)
මේක විසි එක්වන සියවස උනාට රමිලා ඔයාට හිතාගන්න පුළුවංද රට වර්තමානයේ තියෙන්නෙ කොයි සියවසේද කියලා..??(නු)
මේ පාර අත්‍යවශ්‍ය එකක්ද? (නි)
හොද වැඩක්. ලංකාවට හොද පාරවල් ඕනෑ. (නි)
මේක හොද දෙයක්. වාහන වල ඉන්ධන, මිනිස්සුන්ගේ කාලය එහෙම පිටින්ම ඉතුරු වෙනවා. (නි)
සමන් .... ප්‍රේමදාස ජනාධිපති ජීවතුන් අතර හිටියනම්... ප්‍රභාකරනුත් තාම ජීවතුන් අතර....!!(නු)
ඔහොමම කොළඹ සිට අම්පාරට යන ගමනත් අඩුම ගානෙ පැය පහක්වත් උනානම් හොදයි... හරියටම පැය දහයක් දොළහක් යනවා එපා වෙනවා යන්න ගියාම...!!(නු)
වහිනකොට සි ප්ලේන් වල යන්න පුලුවන වෙයිද දන්නේ නැහැ. ඇයි ඉතිං, හැදුවේ චීන්නුනේ. (නි)
මේක හොද වැඩක්. වේගය වැඩි වුණු තරමට ඉක්මණින් නිවන් යන්න පුලුවන්. (නි)
මේකෙත් යන්න වෙන්නේ මුදල් ගෙවලද? (නි)
මේක කළත් වැරදියි. කරන්න ඕනෑ විදිය කියනවකෝ බලන්න එහෙනම් බොරුවට කෑ ගහන්නේ නැතුව. (නි)
ලංකාවේ හුගක් අය චීන ඉදිකිරීම් වලට බැන්නට, මම ඉන්න ඩුබායි රටෙත් හුගක් ඉදිකිරීම් කරන්නේ චීන්නුන් විසින් තමයි. (නි)
කවුරුහරි දන්න කෙනෙක් කියන්න, මේ පාර කවදාද හදලා අවසන් කරන්නේ? (නි)
මෙයාලට මොන දේ කළත් වැරදියි. (නි)
කීයක් කොමිස් ගත්තද? (ස)
අතිගරු ජනාධිපතිතුමාට සියලු දෙවි පිහිටයි! (නි)
රටක සංවර්ධනයට මාර්ග පද්ධතිය ඉතාම වැදගත් අංගයක්.මේක අපි අගය කල කරන්න ඕනෑ.සමහර රටවල කාන්තාර මැද්දේ අධිවේගී මාර්ග තියෙනවා. කවුරුත් ඒකට කියන්නේ නැහැ ''කාන්තාරේ මැද්දේ මොකටද අධිවේගී මාර්ග'' කියලා. ඒක රටේ සංවර්ධනයේ ලක්ෂණයක්. කොහොම වෙතත් රටේ සංවර්ධනය සතුටුදායකයි, එහෙත් සමහර ආයතනවල තත්ත්වය කියන්න කණගාටුයි.නාස්තිය දුෂණය අන්තයටම ගිහින්. ඇස් පනාපිට දුෂණය වංචාව වෙනවා,මේවා නැතිකරලා අවංකවම රට හදන්න කැපවෙනවා නම් අපේ රට ආසියාවේ සංවර්ධිත රටක් කරන්න බැරි නැහැ.අපේ සමහර දේශපාලන පක්ෂ දන්නේ පාරට බැහැලා කෑගහන්න විතරයි. එයාලටත් අවංක උවමනාවක් තියනවා නම්, එන්න ඇවිත් සංවර්ධනයට උර දෙන්න. කොහෙවත් රටකට ඕනෑ විදිහට, එයාල සල්ලි දුන්නට රට පාවාදෙන්න එපා. (නි)
මේක හදන්නේ ලොක්කන්ට ඉක්මණට ගුවන් තොටුපළට යන්න වෙන්න ඇති. (නි)
හරිම කුහකයි අපේ සමහරු... හොද වැඩක් රක්නකොට සමහරුන්ට අඩුපාඩුවක් කියන්නේ නැතිව ඉන්නම බැහැ..!!(නු)