ශ්රී ලංකා ආගමන විගමන සේවයට වසර ගනානවක් කැප වී සේවය කළ නිලධාරීන් ඇගයීමට ලක් කර උපහාර තිලිණ ප‍්‍රදානය කිරීමේ උළෙලක් ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කටුනායකදී පැවැත්විණි.
‘එකමුතුවට මං සලසන උත්තම සැණකෙළිය‘ නමින් නම් කොට තිබූ මෙම උළෙල ප‍්‍රත්‍යන්ත කළමනාකරණය හා සම්බන්ධ ඉස්ලාම් භක්තික සහෝදර නිලධාරින් මුල්කොටගෙන පැවැත්වීම විශේෂත්වයක් විය.
මෙහිදී වසර 25 කට වඩා ආගමන විගමන සේවයට කැපවී වැඩ කළ ප‍්‍රධාන ආගමන නිලධාරී එස්.එම් මන්සූර් මහතාගේ ප‍්‍රත්‍යන්ත කළමනාකරණ කටයුතු විශේෂ ඇගයීමකට ලක්වූ අතර ආගමන විගමන සේවයේ නියුතු ඉස්ලාම් භක්තික නිලධාරීන් වෙනුවෙන් උපහාර තිලිනයක් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ඔහුට ප්‍රදානය කළේය.
විශ‍්‍රාමික නිලධාරීවරුන් දෙදෙනෙකු වන සරත් අබේධීර, ජෙ.එම්.කේ.ඞී ජයසේකර යන මහත්වරුන් විසින් කරන ලද සේවය වෙනුවෙන් උපහාරයට ලකවූ අතර ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී අයි.එන්.ඩබ්ලිව් පෙරේරා සහ ආගමන විගමන සුභසාධක සංගමයේ ලේකම් රසික හේවාවිතාරණ යන මහත්වරුන් මෙහිදී ඇගයීමට ලක් විය.
ශ‍්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයන්ත රත්නායක මහතා ඇතූළු නිලධාරීන් විසින් මෙය සංවිධානය කර තිබුනි.
මෙම අවස්ථාවට ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා, ප‍්‍රත්‍යන්ත කලමනාකරණය හා වීසා කටයුතු පාලක එන්.රණසිංහ, පාලන කටයුතු පාලක කේ.ජී විජේසිරි, නියෝජ්‍ය පාලක තොටුපොළ හා විමර්ශන ආර්.එස්.එල් රාජපක්ෂ, ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයන්ත රත්නායක, ලේකම් අරුණ කණුගල, භාන්ඩාගාරික දිමුතු ගාල්ලගේ යන මහත්වරුන් ඇතුළු ආගමන විගමන සුභ සාදක සංගමයේ නිලධාරීන්, ජාත්‍යන්තර සංක‍්‍රමනිකයන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු ආගමන විගමන් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3 වෙනි ඡායාරූපය දෙස හොඳට ටිකක් බලන්න. "හලාල් " ලාංඡනයක් වගේ දෙයක් දිස්වෙනවා නේද? (නි)
මොන භක්තිකයා වුණත් ඒ ශ්‍රී ලාංකිකයෙක් බව අමතක නොකරන්න. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මුස්ලිම් භක්තිකයෝ විතරද සේවය කරන්නේ? (නි)
ෆාරිස්, ඔයගොල්ලන්ගේ ඉස්ලාම් ආගමේ මුලික අවශ්‍යතා ඕගොල්ලෝ තියාගන්න. අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් 75% බෞද්ධ ඉන්න රටේ අපට ඒවා බලපාන විදිහට ක්‍රියා කරන්න එපා. හලාල් වලට ඉඩ දුන්නොත් ඊට පසු තවත් ඒවා කියාවි. (නි)
හොඳ දෙයක්. සියලුම දෙනාට ස්තූතියි! (නි)
චුලානන්ද මහතා විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක්. ඔහුගේ සේවය අගය කළ යුතුයි. (නි)
මෙතන තිබුනේ සේවය කළ නිලදාරින්ට උපහාරයක්. ඒක ඒ විදියට කරනවා හැරෙන්නට ආගමික නමක් ගාවගෙන කළ යුතු වැඩක් නොවෙයි (නි)
ෆාරිස්, අපි හැමෝම කියන්නෙත් ඕකම තමයි. ශ්‍රී ලංකික නම් හලාල්, ෂරියා වගේ බහුබූත අත්හරින්න. ආගමෙන් ආගමට රටක සිවිල් නීති වෙනස්වෙන්න ගියොත් ඒක මහා ඛේදවාචකයකින් තමයි අවසන් වෙන්නේ. මේ රටේ ඕනෑම තැනක පදිංචි වෙන්න, ඕනෑම රැකියාවක් කරන්න, ආගම අදහාගෙන නිදහසේ ජීවත් වෙන්න ඉස්ලාම් භක්තිකයින්ට හැකි නම් තවත් මොනවද ඔයාලට ඕනෑ? (නි)
චන්ද්‍රසිරි, එම මුස්ලිම් මහතා පමණක් නොවෙයි ඔතන ඉන්න බොහොම අය මහත්වරු. ඒ අය ඔබලාගේ අපගේ මුදල් වලින් යැපෙන්න හදන්නේ නැහැ. මිනිසුන්ට අවැසි වෙලාවට උදවු කරනවා. ඒ වගේම උපදෙස් දෙනවා. (නි)
උපුල්, හලාල් කියන්නේ ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයක් . ඒ මුලික අවශ්‍යතාවයන් අපෙන් උදුරා ගන්නවා කියන්නේ අපේ ආගමික නිදහස උදුරා ගන්නවා කියන එකයි. අපිට ජාතීන් හැටියට මේ රට බෙදාගන්ට අවශ්‍ය නැහැ. එහෙමයි කියලා අපේ ආගමික නිදහස පාවා දෙන්නටත් අපි සුදානම් නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මුස්ලිම්වරු එදත් හිටියා, අදත් ඉන්නවා හෙටත් වෙනසක් වෙන්නේ නැහැ. ආගමෙන් ආගමකට කවුද සිවිල් නීති වෙනස් කරන්න කියන්නේ? එහෙම දෙයක් වෙන්නෙත් නැහැ කරන්ටත් බැහැ. (නි)
අනේ මන්දා
ෂෙරිෆ්, හොඳට මතකයි ලක්මතාවට වෙච්ච උදව්! එකක් කරලා සීයක දේවල් ඉල්ලනවා. යුද්දෙට උදව් කළා නම්, ලංකාවේ පුරවැසිබව තියෙනවා නම්, ඒක උදව්වක් වෙන්නේ නැහැ. යුතුකමක් මිසක්. අනෙක ඔය කවුරුත් 'බලෙන්' ඇවිල්ලා උදව් කලේ නැහැ. ඔය ගොඩක් රටවල් අපිට උදව් කළේ දීර්ඝකාලීන වාසි බලාගෙන කියලා පේනවා දැන්. (නි)
මට ප්‍රශ්නයක් ආපු වේලාවකදී ගුවන් තොටුපළේ මුස්ලිම් නිලධාරියෙක් මට ගොඩක් උදවු කළා.එතුමාව මේ වෙලාවේ මට මතක් වුණා. (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
හොඳ අයත් ඇති. එහෙත් දැන් බොහෝ තැන්වල වැඩිපුර ඉන්නේ හොරු (නි)
උපුල්ගේ කතාව හරියට හරි. ශ්‍රී ලාංකික නම් මොන දේකටද හලාල් හෝ ෂරියා. (නි)
ෂෙරිෆ්, මුස්ලිම් අය ඔක්කොම මැලේ නෙමෙයි. මුවර් කියන අය තමා 95% ක්ම. ඒ අයගෙන් වුණු සේවය මොකක්ද? කථා කරන්නෙ දෙමල. හිතන්නෙ අරාබිකාරයො කියලා. (නි)
බොහෝවිට මුස්ලිම් භක්තිකයෝ විතරයි අල්ලස් සල්ලි ගන්නෙ නැතිව රක්ෂාව කරන්නේ (නි)
අති ප්‍රශංශනීයයි (නි)
ෆාරිස්, හලාල් කියන්නේ ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවක් නම් හරාම් කියන්නේ එකේ විරුද්ධ පැත්ත. ඉස්ලාම් දහමේ කියල තියෙන්නේ තම සේවකයාගේ දහඩිය වියලෙන්න පෙර කුලිය ගෙවන්න කියලයි. සිංහල ගැහැණුන්ට කොහොම උනත් ගල්ෆ් එන අපේ රටේ මුස්ලිම් ගැහැණුන්ටත් නොයෙක් තාඩන පීඩන මැද හිස් අතින් ගෙදර යන්න වෙන්නේ ඔයාලගේ ඔය මුලික අවශ්‍යතාව නිසාද?(නදී)
මෙය වසර ගණනාවකින් සිදු කළ ඉතා අනර්ඝ කටයුත්තක්. මගේ ප්‍රණාමය! (නි)
සොයුරනි... ඇති, වෛරය පතුරවන කතා දැන් ඇති. පිදිය යුත්තන්ට පිදීම ශ්‍රී ලාංකික ගුණාංගයක්. එය ඉටුකිරීම ගැන අපගේ ප්‍රසන්සාව කරමු. සැමට සෙත්..! (ස)
උපුල් , පන්සිල් ගන්න එක බෞද්ධයන්ගේ දෙයක් වගේම හලාල් ආහාර අනුබව කිරීම, ෂරියා නීතිය මුස්ලිම්වරුන්ට අයත් දෙයක්. අපි කවුරුත් ශ්‍රී ලාංකික වුණා කියලා අදහන ආගම්වල ඇති දේවල් වෙනස් කරන්න ඕනෑ නැහැනේ. අනික ශ්‍රී ලාංකික කියන්නේ ආගමකට නෙමෙයිනේ. (නි)
උපුල් ,සහ කසුන් ධර්මවංශ වගේ අදහස් දාපු අයගේ සාමාන්‍ය දැනුම පිලිබදව ලජ්ජා වෙමි.වෙනත් රටක හෝ මේ රටේ හෝ මුස්ලිම්වරුන් කීප දෙනක් කරන අකටතුකම් වගේම හිමිවරුන් ඇතුළු බෞද්ධයන් කීප දෙනෙක් කරන අකටයුතුකම් සමග ආගම් සංසන්දනය කිරීම හෝ විග්‍රහ කිරීම තම තමන්ගේ නුගත්කම් ප්‍රදර්ශනය කිරීමකි. ඒ වගේම මෙවැනි තිලින ප්‍රධානය කිරීම් ආගම අනුව නොව සේවක දක්ෂතා අනුව පමණක් කිරීමට කටයුතු කළා නම් වඩා උචිතය. (නි)
උපුල්ගේ අදහස නියමයි .අතාරීන්න එපා (නි)
ඇගයීම හොදයි. නමුත් එය වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී නොවිය යුතුයි. ශ්‍රී ලාංකික නිලධාරීන්ද අගයන්න. රාජකාරියට එය අදාල කර නොගත යුතුයි. (නි)
සුභපැතුම්
ජාති ආගම වශයෙන් හිතන්නේ මොනවටද, සාධාරණව වැඩ කළ සියලු නිලධාරීන් අගයලා, එක ආයතනයක් විදිහට ඕක කළා නම් වටිනවා. බුද්ධිමත් දෙය නම් කිසිම වෙනසක් නොකර එක වගේ සැමට සැළකීමයි, කොටස් වලට වෙන් කර කර සළකන්න ගියොත් කැද හැලියක් වෙනවා වැඩි කල් නොගිහින්. (නි)
සිංහලයන් නැවත අසාධාරණයට ලක් වෙනවෝ! සේනාව කොහේදෝ ! (නි)
කොහොම කොහොම හරි මෙයාලවම උඩට ගන්න කට්ටියත් එක්ක එකතු වෙලා. (නදී)
වර්තමාන නව පරපුරේ බහුතර අයට මුස්ලිම්වරුන්ගෙන් ලක්මාතාවට සිදුවුණු සේවය අමතක වෙලා. අපි ලංකාවට ආවේ මැලේසියානු මුස්ලිම් පරපුරෙන්, ජාවා පරපුර මේ රටේ එදා ඉඳලා අදටත් සේවය කරනවා. යූධ හමුදා, බුද්ධි අංශය, ගිනි නිවන හමුදා, ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදා සේවය... මේ වගේ දේවල් දන්නේ නැත්නම් අපෙන් අහගන්න. (නි)
එතකොට අනෙක් භක්තිකයන්? (නි)