(වී. ඒ. නිශ්ශංක)
කොළඔ කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාපිත සීදූව අතරමැදි පොලිස් මුරපොළේ නිලධාරීන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සීදූව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී සුරේෂ් මහතා පැවසීය.
එම පොලිස් මුරපොළේ 54 දෙනෙකුට කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.
වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා එම පිරිස ගිලන්රථ මගින් පිටත් කර යවා ඇති අතර ආශි‍්‍රතයන් බවට හදුනාගත් සියලූම නිලධාරීන්ව නිවෙස්වල ස්වයං නිරෝධායනයට පත්කර ඇති බව සුරේෂ් මහතා කීය.
මෙම පොලිස් මුරපොළ මුළුමණින්ම විසබීජහරණය කර මීගමුව කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් වෙනත් පොලිසිවලින් නිලධාරීන් පිරිසක් අනුයක්ත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd