අපේ‍්‍රල් මස අවසානයේදී සිසිලි බෞද්ධ විහාරය වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සිදුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියෝ පවසති.
විහාරයේ ඇතිවූ අපකීර්තිමත් සිදුවීමක් නිසා කළකිරීමෙන් විහාරස්ථානයෙන් ඉවත් වූ දායකයකු නමට තිබූ විහාරස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කුලී කොන්ත‍්‍රාත්තුව අත් හිටුවීම ඊට හේතුවයි.
ගොඩනැගිල්ල පංසලට නොදෙන ලෙස ඔහු ඉතාලි අයිතිකරුවන් පොළඹවාගෙන ඇතැයි දායක සභාවේ ලේකම් සමන් රත්නායක මහතා කියයි. විහාරස්ථානයෙන් ඉවත්ව ගිය පිරිස සිසිලි බෞද්ධ විහාරය ගොඩ නැගීමට ප‍්‍රධාන වශයෙන් දායක වූ බවත් විහාරස්ථානයෙන් ඉවත්ව යෑමේදී විදුලි කොන්ත‍්‍රාත්තුව අවලංගු කොට විදුලිය පවා විසන්ධි කර ඇතිබවත් කියයි.
වැරදි කරුවන් විහාරස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති මොහොතක සියලූ දේ අමතක කොට නැවත එකමුතුවන මෙන් රත්නායක මහතා දායකයන්ගෙන් ඉල්ලයි. විහාරය පවත්වාගෙන යෑම සඳහා යළි එම ගොඩනැගිල්ල දෙන ලෙස කටානියා නගරාධිපතිද ඉල්ලා ඇත. එයටද මේ වන විට ස්ථිරසාර විසදුමක් ලැබීනැති අතර යම් හෙයකින් විහාරස්ථානය ඉවත් කර ගැනීමට සිදුවුව හොත් අඩි හයක් උසැති චෛත්‍යය හා අඩි පහළොවක් උසැති බෝගස ඉවත් කර ගැනීම ප‍්‍රශ්නයක් බව ද දායක සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද දැන් ඔය කියන අපකීර්තිමත් සිදුවීම? (නි)
වෙන රටකදි එකට එකමුතුව ඉන්න බැරි නම් ලංකාවේ කොහොමටවත් එකමුතුව ඉන්න බැහැ (නි)
කෝ මේ බුද්දාගම වෙනුවෙන් පෙනී ඉන්න අය (අ)
අර කට්ටියගෙනුත් මේ සම්බන්ධව ප්‍රකාශයක් අවශ්‍යයි (නි)
කොතන බැලුවත් මේ දහම අදහන අයගේ ප්‍රශ්න. (නි)
ගාමිණී, ඔබ "කොතන බැලුවත් මේ දහම අදහන අයගේ ප්‍රශ්න" කියන්නේ 'බෞද්ධාගම අදහන අය' යන අදහසින් නේද? ඒ අදහස වැරැදියි. පුහුදුන් මිනිස්සු ගාව තියන අඩුපාඩු වලට ආගම පටල ගන්න එපා. (නදී)
සුබෝද හිමියනි, හාමුදුරුවෝ දෙමල ඉගෙනගන්න ගියොත් කියයි ආයේ ආගමට හරවාගෙන කියලා (නි)
ලංකාවේ ගම්මාන වලටත් නැති පන්සල් මෙහෙට මොකටද? (නි)
දැන් මෙහෙ තියන පන්සල් වලට අලුත් බෙදීමක් එකතුවෙලා. 'අහවල්ලුන්ට' පක්ෂ සහ විපක්ෂ කියලා. (නි)
පිට රට තියන අපේ රටේ දේවල් පත්තරවල යනකොට අපේ අය සන්තෝෂ වෙනවා. නමුත් එයාලට කිසිම තේරුමක් නැහැ මොකද්ද වෙන්නේ කියලා. මනෝහරන් කිවුවා වගේ මේවා වෙළද රැල්ලට අහු වෙලා. (නි)
දෙනෝ දහසකට පන්සලක් නැතුව ඉන්න ලංකාවේ අහිංසකයින්ට බණ කියන්න බැරුව මෙහෙ ආවට හොඳ පාඩමක්. (නි)
මේ බෙදීම ඇති කලේ සේනාව. දැන් පන්සල් බලන්නෙත් සේනාව ගෙන්නලා ජාතිවාදී කතා ටිකක් කියවල දායකයෝ වැඩි කර ගන්ට. සමහර අය කැමති නෑ ජාති වාදේ. අනික මේ රටවල ජාති වාදේ කතා කලත් මිනිහෙක් මැරුවා හා සමානව හිරේ දානවා.(නදී)
මෙහෙම කියන්න වුණාට කණගාටුයි.මේවා අහද්දී පන්සල් වල පස් පගන්ට හිතෙන්නේ නැහැ. (නි)
හාමුදුරුවෝ සංසාරෙන් එතෙරවන්න නේද මහණ වුණේ? (නි)
දැන් මේ අපේ හාමුදුරුවෝ අප්‍රිකාව දකුණු ඇමරිකාව,පැසිෆික් වගේ රටවලට යන්නේ නැත්තේ එහෙ අපේ අය නැති නිසාද? (නි)
ලංකාවේ ඉන්න හාමුදුරුවොත් කණ්ඩායම් කිහිපයකට බෙදිලා. ලංකාවේ ඉන්න හාමුදුරුවරු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හොර තක්කඩියෝ වෙලා. (නි)
අදහස් ටික බලන විට හිනා යනවා. අර කලබල සේනාව නිසා මේ සියලුම ප්‍රශ්න.(අ)
කොහේ බැලුවත් බෞද්දයන්ට ප්‍රශ්න.(අ)
නොයා හිටියම ඉවරනේ. මොකටද පන්සල් නිසා මිනිස්සු අමනාප වෙන්නේ. කට්ටිය මුස්ලිම් වෙන්න කිසි කරදරයක් නැහැ. (නි)
බාලසුබ්‍රමනියම් , මොකද අරගොල්ලෝ කාට හරි ගහලද? නිකන් මොලේ නැති කෙනෙක් වගේ කතා කරන්න එපා. ප්‍රවෘතියට අදාලව අදහස් දාන්න. (නි)
මෙහෙම දේට හාමුදුරුවන්ට පමණක් චෝදනා කරන්න එපා. අපි ඉන්නේ වෙන රටක සංස්කෘතියක. සමාජ විද්‍යාත්මකව අපට අපේ දේවල් ඒ ආකාරයෙන්ම එහෙදි කරන්න බැහැ. අපි එහෙදි සුලුතරේ නිසා අපේ දේවල් දිය වෙනවා. (නි)
මිලනෝ සිසිර මොකද හාමුදුරුවන්ට බනින්නේ? (නි)
හැමෝම බලන්නේ මොකක් හරි දෙයක් කරලා ගොඩ යන්න. (නි)
ෂි...ෂී...ෂී...සිසිර, එහෙම කියන්න එපා. සංඝයා වහන්සේලාට නිගරු කිරීම මහා පාපකර්මයක්. (නි)
දවසක් කෝවිලකට ගිහින් බස් එකක් වැදුනම ඔයාලා කොහොම අදහස් දැම්මද? අද ඔයාලට පන්සලක් නැතිව ගියා.(නදී)
වෙරෝනා නගරයේත් ඔය වගේ පන්සල් ප්‍රශ්නයක් වුණා.කට්ටිය දෙකට බෙදුනා.එක කට්ටියක් පන්සල අත ඇරලා ගිහින් වෙනින් පන්සලක් හදා ගත්තා. අනික් කට්ටිය මොනවා කළාද මන්දා (නි)
කණගාටුයි කියන්න. අලුත්ම බෙදිල්ල තමයි අර අහවල්ලුන්ට කැමති සහ අකමැති කියන බෙදීම. එක්කෝ ගිහියෝ කැමති හාමුදුරුවෝ අකමැති. නැත්නම් හාමුදුරුවෝ කැමති ගිහියෝ අකමැති. (නි)
මොකක්ද ඔය කියන අපකීර්තිමත් සිද්ධිය. ඒත දන්නේ නැතුව කොහොමද කිසිම අදහසක් ප්‍රකාශ කරන්නේ.(නදී)
ගිහියෝ බුදු වෙලා වගේ. හාමුදුරුවරුන්ට බන දොඩවන්න යනවා. ගල හොඳනම් අඹරන කහ මක් වේද කියල කව්දෝ කිව්වලු.(නදී)
අපි සිංහල බෞද්ධයන් වශයෙන් ලැජ්ජා විය යුතුයි. පන්සලක් නම් අයිති විය යුත්තේ සංඝයා වහන්සේලාටයි. මේ මිනිස්සු වැඩ කරන්නේ බෞද්ධ දර්ශණය ගැන කිසිම අවබෝධයක් නොමැතිව වීම කණගාටුවට කාරණයක්. මෙහෙ ගොඩක් පන්සල් වලට තියෙන ප්‍රශ්ණයක් මේක. (නි)
සුබසිංහ, එතකොට එහෙ ඉන්න හාමුදුරුවෝ කන්නේ මොනවද? (නි)
ලංකාවේ ඉඩම් විදේශිකයන්ට ගන්ට බැහැ වගේ තමයි මේකත්. පුළුවන් වුණත් අස්ප ගණන්. (නි)
ඇත්ත හරියට නොදැන ලංකාවේ ඉන්න පුරාජේරුකාරයෝ එහෙත් බෞද්ධ, මෙහෙත් බෞද්ධ කියලා උඩ පැනලා අදහස් දානවා. (නි)
දැන් දැන් හාමුදුරුවරුන් කොහේ ගියත් වලි දාගෙන , දෙකෙට බෙදෙන එක තමා වැඩේ (නි)
මෙම සිද්ධියේදී එක් පිරිසකට දොස් කීම වැරදියි. පන්සල් කේන්ද්‍රකොට ගත් ව්‍යාපාර මගින් පන්සල් අපකීර්තියට පත්වෙනවා. (නි)
ඉහත ඇතැම් අදහස් එක්ක මමත් එකගයි. ගිහියෝ තේරුම් ගන්න ඕනෑ මෙහෙ හාමුදුරුවෝ වාහන එලවන්නේ,පිගන් වලින් වළදන්නේ,නිතර කෝපි බොන්නේ, ව්‍යායාම, ක්‍රීඩා, වෙලදාම කරන්නේ ඇයි කියලා. අනික මෙහෙ අපිට විරුද්ධ වෙන්න බැහැ. හාමුදුරුවන්ට පොලිසි යන්න වුණත් පුළුවන්. (නි)
මේකත් අර අපේ අහවල් කට්ටියටම කරලා දෙන්න කියන්න (නි)
සිසිර, ඒ රටවල හාමුදුරුවෝ කන්නේ පිහි ගෑරුප්පු වලින්. කන්නේ බටහිර කෑම. (නි)
මෙහෙ කඩයක් දානවට වඩා ලාබයි පන්සලක් දැම්මහම.(නදී)
අපිනොදන්න පන්සල්. ඕවට කියන්නේ පන්සල් කඩ.(නදී)
පිටරට වල සිටින අපේ සිංහල හාමුදුරුවරු වැඩි දෙනෙක් එම රටේ භාෂාව දන්නේ නැහැ. එහෙ යන්න ඕනෑ අවශ්‍ය සුදුසුකම් තිබෙන හිමිවරුයි. ධර්ම ප්‍රචාර කරන තරමට හරිනම් දසදහස් ගණන් බුද්ධාගමට පැමිණිය යුතුයි. (නි)
අදයි දන්නේ කුලියට ගන්නවා කියලා.(නදී)
ලංකාවෙ පන්සල්වල නැති ප්‍රශ්න පිට රටවල තිබෙන අපේ පන්සල්වල තිබෙනවා. (නි)
ලංකාවේ සමහර පන්සල් වල හාමුදුරුවෝ නැහැ. ඒත් මෙහෙ ඉන්නවා ඕනෑතරම්. නමුත් මෙරටේ භාෂාව නොදැන කොහොමද ධර්ම ප්‍රචාරය කරන්නේ? (නි)
විහාරස්ථාන වලින් ටිකෙන් ටික බෞද්ධ පිරිස් ඈත් වෙමින් පවතිනවා. මේකට වගකිවයුත්තේ ස්වාමින් වහන්සේලාමයි. ස්වාමින් වහන්සේලා අතරත් සමගියක් නැහැ. ඉතින් ගිහියන් අතර සමගිය ඇතිවේද? (නි)
හාමුදුරුවෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා පිටරට ගොහින් ධර්ම ප්‍රචාරයට කියලා. ඒකේ වරදක් නැහැ, ඇත්තටම ඒ වැඩේ වෙනවා නම්. නමුත් මෙහෙ තියන අනික් ප්‍රධාන භාෂාව වන දෙමල ටිකක් ඉගෙන ගත්තා නම් ඊට වැඩිය හොදට ධර්ම ප්‍රචාරය කළ හැකියි. (නි)
දැන් ධර්ම ප්‍රචාරේට කියන තව නමක් නේද ආගම පැතිරවීම කියන්නේ. මේ අනික් රටවල කරන්නේ ඒ වැඩේ නෙමෙයිද? (නි)
මොකක්ද මේ විහාරයේ සිදුවුන අපකීර්තිමත් සිදධිය? මට පේන්නෙ මහ ලොකු බැරෑරුම් දෙයක් වෙලා වගෙයි මේ තරම් දුර යන්න.(නදී)!
අනික් ප්‍රශ්නේ තමයි හාමුදුරුවන් මෙහෙ ආවත් නිකාය බේදය අත්හරින්නේ නැහැ. ඉතින් දායකයෝ වන අපි මොනවා කරන්නද? නිකාය දෙකක හාමුදුරුවෝ දෙන්නෙක් එකට ඉන්න කැමති නැහැ (නි)
මෙහෙ ලංකාවේ වගේ හැමදේම ඒ ආකාරයෙන්ම කරන්න බැහැ. උදාහරණයක් කිවුවොත් දානේ වෙලාවට දෙන්න කවුරුත් නැහැ. ඉතින් හමුදුරුවොන්ට අවන්හල් වලින් සමහරවිට දානේ ගන්න වෙනවා.මේක යථාර්තය කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ. (නි)
මෙහෙ ගොඩක් සීතල නිසා හාමුදුරුවෝ වුණත් ලංකාවේ වගේම ඉන්න බැහැ. මේ දේශගුනෙත් එක්ක මෙහේ වෙන ආහාර පුරුදු සාමාන්‍ය දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕනෑ. (නි).
බෞද්ධ වීරෝධී අදහස් තුලින් කොච්චරනම් දරුණු අයුරින් ගරහන පිරිස් ඉන්නවද කියල හිතෙනවා , සිව්රු දරාගත් අය තුලිනුත් විවිධ අඩුපාඩු ගොඩ තමයි , හොද හෝ නරක ඔවුන් ගිහි කමෙන් ආපු අය. නරක අය වන්නේත් සිවුරු දරාගත් අමු ගිහියෝය.. සිවුරු දරන්නෝ අහසින් වැටුනු අය නොවෙති. හොද ගිහියෝ පැවිදි වෙයල්ලා.(නදී)
ඇයි දැන් අපේ සේනා කෝ? (නි)
පිටරට පන්සල් කියන දේවල් අපි ලංකාවේ හිතන් ඉන්න විදියට නැහැ. ඒවා ලංකාවේ තියන දේශපාලක පක්ෂ අනුව බෙදිලා. නිකාය වශයෙන් බෙදිලා. ලංකාවේ තිබෙන ප්‍රධාන පන්සල් වශයෙන් බෙදිලා. (නි)