කොටි සංවිධානයේ වළ දමා තිබූ රුපියල් විසි කොටියක් පමණ මුදලක්ද අවි ආයුධ තොගයක්ද වවුනියාව ආචිපුරම් වැවක් අසල දී ගොඩගැනීමට ගිය පිරිසක්ද එහි නතර කර තිබූ ප‍්‍රාඩෝ රියක්ද පොලිසිය එනු දැක පලා ගිය බව වවුනියාව පොලිසිය කියයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසූයේ මේ ගැන සොයා බලන බවයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ පැත්තකින් තියමුකෝ. දුවද්දී සල්ලි ගණන් කළ එකට සම්මානයක් දියයුතුයි. (නි)
මේ කතාවේ කිසි අංගපුලාවක් නෑනේ...(ස)
ඒ කියන්නේ ගොඩගත්තෙ නැද්ද? (නි)
නෑ ... නෑ.... දෑන් එහෙම එකක් එතන නෑතිලු...... !! (ස)
මේ සල්ලි ටික සංවර්ධනයට යොදවලා, අහිංසක දුක් විදින ජනතාවට යමක් කරන්න. (නි)
මෙතන ඒවා ගොඩ අරගෙන ඉවරද? (නි)
අයියෝ සල්ලි! (නි)
අලුත් සොයා ගැනීමක් ද
කොටි ත්‍රස්තවාදය යළිත් හිස ඔසවයිද? (නි)
අනේ ඔය මුදල අධිවේගෙට දෙන්නකෝ. (නි)
මේවා ගොඩ ගන්න
මේක හතරබීරි කතාවක්. ටෙලි නාට්‍යයකට හොද කෑල්ලක්. (නි)
පොලිසියේ සාස්තර කියන අය ඉන්න එකේ, ඔය ගාණ දැන ගත්ත එක මහ ලොකු දෙයක්ද? (නි)
විසි කෝටියට දැන් මොකද කරන්නේ?(නි)
ඔබේ පුවත ගොඩාක් හොද පුවතක්
ඒ අය දිවුවහම පොලිසිය මොකද දන්නේ නැහැ කළේ? (නි)
අනිවාර්යයෙන්ම ඔතන කෝටි 100ක් විතර තියෙන්න ඇති මගේ හිතේ. (නි)
ඒව ඉතින් රට වෙනුවෙන් නෙමෙයි, හලෝලෝලෝලෝඕ. (නි)
කවුරුවත් කලබල වෙන්න එපා. ඔය සල්ලි අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ. ඔය සල්ලි අපි දැන් රටේ සංවර්ධනයට යොදවමු. (නි)
අයියෝ සල්ලී (ස)
ඔය ඇත්තමද? කොහොමද විසි කෝටියක්ම කියලා කියන්නේ? (නි)
කොටි සල්ලි වලින් අපේ ජීවන බර අඩු කරලා දෙන්න. (නි)
වවුනියා....? (නි)
අර පහුගිය කාලේ හිටපු නිධන් හොරුද දන්නේ නැහැ. (නි)
මම එහෙම දෙයක් කිව්වේ නෑ, මම මතකත් නෑ...(ස)
ආ... වවුනියාව නේද? (නි)
ඔය සල්ලි ටික මට ලැබුණොත්...? පිස්සු හැදෙයි. (නි)
ආරක්ෂක හේතූන් මත ඔක්කොම ඇත්ත ඔයාලට කියන්න බැහැ. (නි)
වැඩක් නැහැ කියලා. (නි)
විසි කෝටියත් අර නැතිවුණ කඩුව වගේ වෙයි. (නි)
දැං මේ සල්ලි බෙදාගන්න කට්ටිය සෙට් වෙනවාද දන්නෙ නැහැ..!!(නු)
ඒ කියන්නේ තවමත් කොටි පුල්ලි තියෙනවා? (නි)
ඉතිං ඒක පොලිසියෙන් ගතතේ නැද්ද?(නු)
මෙය නිධන් හෑරීමක්වද්ද? ප්‍රාඩෝ රියක්? (නි)
අයියෝ, ඔයාලා පොඩි බබ්බුද? ඒකවත් තේරෙන්නේ නැහැනේ. (නි)
ඊට වැඩිය තිබුණද දන්නේ නැහැ..!(නු)
ඒ අය කියලා ගිහින්ද, එතන විසි කෝටියක් තියෙනවා කියලා? (නි)
දැං එහෙනං භාණ්ඩාගාරෙට විසිකෝටියක් ලැබුණනේද?(නු)
අපරාදෙ..!(නු)
නිකම් කාලෙ කන අයට මේවා හොද වැඩ..!!(නු)
කොටින්ට මේ තරම් සල්ලි කොහෙන්ද
ගාණ කිය කියාද දුවලා තියෙන්නේ? (නි)
පුවත් වලට වැඩිය මම නම් ආසා ඒවාට ලැබෙන ප්‍රතිචාර වලටයි. හිනා කාලා මැරෙනවා අප්පා. (නි)
එහෙනම් එතන තමයි වැරදිලා තියෙන්නේ (නි)
ප්රාඩෝ එක වාෂ්ප වෙන්න ඇති එහෙනම්. නේද? (නි)
මේ ගැන සොයා බලා ප්‍රකාශයක් කළා නම් හොදයි. (ත)
ඒ රුපියල් විසි කෝටිය, මෙතන හාරපු වළ වහන්න වියදම් වෙයි නේද? (නි)
අම්මෝ! විසි කෝටියක්? බලමුකෝ මේක ගත්තාට පස්සේ මොකද කරන්නෙ කියලා. (නි)
අයවැය පියවා ගන්න මෙන්න හොදම ක්‍රමයක්. මේ මුදල් රට වෙනුවෙන් යොවදන්න. (නි)
මේ සල්ලි ටිකත් පිල්ලි ගියොත්? (නි)
කොහොමද ගණන දැන ගත්තේ? (නි)
තව ස්විස් බෑන්ක් ගිණුමක් පටන් ගන්න පුලුවන් නේද? ජය වේවා! (නි)
ඉතින් දෙයියනේ මේවා ගන්න එක හොඳයිනෙ.ඇයි මේවා පොළවට පස් වෙන්න දෙන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ කවුද මේක ගණන් කළේ කියන එක.හරියටම විසි කෝටියක් කියලා. (ස)
දෙකෝටියක් ඉන්න රටේ ඡන්ද ටික හරියට ගණන් කර ගන්න බැහැ රෑ එළිවෙනකම් කලත්. ඒ වුනත් විසි කෝටිය ගණන් කරලා තප්පරේට. (ස)
අවංකවම ඉන්න පොලිස් පුතුන් වැඩිපුරම ඉන්නේ අපේ ශ්‍රී ලංකාවේය. (නි)
පළායන්න හැදූ සැකකරුට වෙඩි වැදෙන මෙහෙවු රටේ මේ අයව අල්ලන්න බැරි වුණ හැටි අනේ.... (නි)
ඔක්කොම මෝඩයි. (ස)
කොහොමද දන්නේ එතන විසි කෝටියක්ම තියෙනවා කියලා? (නි)
කාවවත් අල්ලන්නෙවත් නැතුව මේ දේවල් හරියටම දන්නේ කොහොමද? (නි)
ඒ කියන්නේ සල්ලි, අවි ආයුධ, මිනිසුන් සහ රථය ඔක්කොම පලාගිහින්ද? (නි)
එයාලා පැනලා ගියාට පස්සේ ඒවා ගොඩ ගත්තද? නැත්නම් විසි කෝටියක් තියෙනවා කියලා දන්නේ කොහොමද? (නි)
පහුගිය කාලේ රත්තරං වලට වුණ දේම වෙයිද දන්නේ නැහැ. ප්‍රාඩෝ එක නම් අසරණ ගොවියෙකුගේ වෙන්න ඇති. (නි)
කවුරුවත් අල්ලා ගත්තේ නැත්නම් විසි කෝටියක් තියෙනවා කියලා දන්නේ කොහොමද? ආයුධ තියෙනවා කියලා කලින් පොලිසියට දැනුම් දීලද දන්නේ නැහැ ගියේ? (නි)
පුනරුත්තාපනය කරපු කොටිද දන්නේ නැහැ ඔය ප්‍රාඩෝ වලින් ගිහින් ඕවා කරන්නේ? (නි)
අපේ දුප්පත් බත් වේලෙන් පෝෂණය වෙලා, මුන් ආයිත් ගිහින් වළලපුවා ගොඩ ගන්නේ අපිට කොකා පෙන්වන්නද? (නි)
අපේ පොලිසිය ස්කොට්ලන්ඩ්යාඩ් එකට වැඩිය දක්ෂයි. ඒකනේ හරියටම ගාණ කිවුවේ. (නි)