(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේ දී කොටි සංවිධානය යුද සමයේ දී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.
අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාළ භූගත බංකරය දැක යුද හමුදා කඳවුර වෙත දැනුම් දීමෙන් පසුව යුද හමුදා සෙබළුන් පිරිසක් අදාළ ස්ථානයට පැමිණ බංකරය පරික්ෂා කර ඇත.
යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයන්ගේ බේරීම සඳහා කොටි සාමාජිකයින් විසින් මෙම බංකරය අඩි 35 ක් තරම් වූ ගැඹුරකට කපා බංකරය උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා තිබේ.
යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද සැඟවී සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි මෙවැනි වූ බංකරකය.
මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද සැක පල වන බවටද භූගත බංකරය ඉදිරියේ දී විනාශ කර දැමීමට පියවර ගන්නා බවද යුද හමුදා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වහන්නේ නැතුව ටොයිලට් වලක් විදියට පාවිච්චි කරා නම් වඩාත් ගැලපෙනවා.
දැන් ඔය මුල් පදිංචි කරුවන් කියන අය ප්රභාකරන් ඉන්න කළේවත් පදිංචි වෙලා ඉදල නැ. එතකොට ප්රභාකරන්ගෙන් ඉඩම ඉල්ලලා උද්ගෝෂණ කලේ නැද්ද දන්නේ නැ. උතුරේ ඉඩම් ඉල්ලීම තනිකරම දේශපාලනික අරමුණු ඉටුකරගනිමක්.