සිරාජ් හසීම්
කොට්ඨාස මැතිවරණ ක්‍රමය ඉතාමත් දෝෂ සහගත බවත් වව්නියාව නගර සභාවේ බලය දෙමළ විමුක්තිකාමී සන්ධානය නතුවීම මීට නිදසුනක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.
නව මැතිවරණ ක්‍රමයෙන් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂය වෙනුවට ඇතැම් පරාජිත දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහයෙන් තවත් පරාජිත පක්ෂයක් බලය පිහිටුවා ගැනීම අභාග්‍ය කරුණක් යැයිද හෙතෙම කීය.
දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කළ වව්නියාව නගර සභාවේ පාලන බලය දෙමළ ජාතික විමුක්ති සන්ධානය විසින් නතුකර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළකරමින් සුමන්තිරන් මහතා මේ අදහස් පළ කළේය.
අසුන් 21කින් සමන්විත වව්නියාව නගර සභාවේ බලය ආසන 8ක් හිමි කරගත් දෙමළ ජාතික සන්ධානයට පිහිටුවා ගැනීමට නොහැකි වුණා. ආසන තුනක් පමණක් හිමිකරගත් දෙමළ ජාතික විමුක්තිකාමී සන්ධානය ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, ඊ.පි.ඩී.පී පක්ෂයේ සහාය ගෙන බලය පිහිටුවා ගත්තා. මෙය පිළිගත නොහැකි නුසුදුසු මැතිවරණ ක්‍රමයක් යැයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ට දැනෙන්න වැදුණාම තමයි, තේරිලා තියෙන්නේ. මේ තාක් කෙරුණු විවේචනවලට බීරිඅලි වගේ හිටියා. ඔය කියන කතාවම රට බෙදන එකටත් යොදලා බලන්න සාධාරණද කියලා... රටේ අවුරුදු දහස් ගණනක් ජීවත් වුණු සිංහලයාට රටෙන් භාගයක් ලැබෙන විදියට 15% ක ජනතාව බටහිරයෝ අල්ලාගෙන කරන බලහත්කාරකම සාධාරණද?
වෙන්න ඕනේ මොකක හරි හරි වැරැද්ද හොයාගන්න. මාර රටක්.
මෙයාට දැනුයි තේරිලා තියෙන්නේ. මහා මැතිවරණේත් වෙන්නේ ඕකනේ
මේගොල්ලෝ දෝෂ නැතිදෙයක් කලේ කවදාද?
ඕක තේරුම්ගන්න මෙච්චර කල් ගියාද? මේ ආණ්ඩුව දෝෂ නැතිව කල එක දෙයක් කියන්න.
ඡන්දයකින් පස්සෙද ඕක තේරුනේ? අපිට නම් ඔය කොයි කොයි ක්රමවේදයත් දෝෂ සහගතයි. මොකද අපේ සාක්කුවෙන් තමයි වියදම් වෙන්නේ..