(චමිල් රූපසිංහ)
කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි අද (15) මිය ගියේය.
සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයා මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 18 වැනි දින ඇතුළත් කර ඇත
මෙම වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා පැවසිය.
මළ සිරුරු භූමදාන කටයුතු සඳහා ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේදී භූමදානය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අහිංසක ජනතාවට කල මහඟු සේවයට හිස නමා ගෞරව කරමි .ඔබතුමා ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවකට ගොදුරු නොවේවා .නිවන් සම්පත්තිය ලැබේවා
ඔහු එන්නත ලබා ගත්තාද?
නිවන් සැප ලැබේවා
ඔබට නිවන් සුව අත්වේවා....!!!