කොළඹ කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද ප‍්‍රදර්ශනයට තබා තිබූ මිල කළ නොහැකි පුරාවස්තු සොරකමට සම්බන්ධ 16 හැවිරිදි තරුණියකද පිළියන්දලින් අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කස්තානකඩු දහයක්, මැණික් එබ්බවූ රන් මුදුවක්, රන් කාසි නවයක්, රිදී කාසි 68 නුගවෙල අදිකාරම්ගේ බඳපටිය හා බස්තම් දෙකක් ඇතුළු ඉපැරැණි කෞතුක වස්තු සොයාගෙන තිබිණි.
සොයාගත් භාණ්ඩ වල රන් හා මැණික් ඉවත් කර ඉතිරි කොටස් බොල්ගොඩ ගඟට දැමීමට පෙර සැකකරවෝ අත් අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රධාන සැකකරු කොටහේන පොලිසියේද තවත් සිව් දෙනෙක් පිළියන්දල පොලිසියේද සිටිති. ඒ අතරින් තිදෙනෙක් කාන්තාවෝය. ඒ අතරද මවක් හා දියණියක් වෙති.












1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ හොරු ගැන සැකයි (නි)
මේක තවත් නොවිසදුණු අපරාධයක් නොවී එළිවීම ගැන සතුටුයි..!! මෙය තවත් තිර රචනයක් නොවේවා..!!(නු)
පොලීසිය නියම හොරුද අල්ලලා තියෙන්නෙ? හැබැයි එහෙම නෑත්නම් පවු අහින්සකයො ටික. (නි)
මේකට සම්බන්ධයි කියලා රන් ගුලි ළග තබාගත් බවට අත්අඩංගුවට ගත් කෙනා කෝ..!(නු)
මට ත් හිතෙන්නෙම වෙන කවුරුන් හරි වෙනුවෙන් ඉදිරිපත් වෙනවාද කියලා..!!(නු)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වගෙයි නේද? (නි)
මේ සැකකරුවන් හැර තවත් සැකකරුවන් සිටීද?(නු)
කොහොම හරි කරලා මේක විසදුන එකනම් ඉතාම හොදයි..!!(නු)
අපේ සමහර අයට හොරු ඇල්ලුවත් වැරදි...නැතත් වරදී....අනේ මන්දා... (ස)
මේවා නිකං විහිළු කථා..!!(නු)
පොලීසිය නියම හොරුද අල්ලලා තියෙන්නෙ?(නු)
පොලිසිය ගැන නැවතත් මගේ සිතේ ගෞරවයක් ඇති වුණා (නි)
මහ මොළකරුවද අල්ලා ගත යුතුයි. (නි)
හොරුන් මොවුන් නම් වෙනත් අයට වැරැද්ද පටවන්න හැදුවේ ඇයි? (නි)
මේ වගේ ඉතා බයානක සොර ගැහැනුන් ඉතා වෙහෙසක් දර අත්අඩංගුවට ගැනීම ගැන අපගේ ප්‍රීතිය . මොඋන්ගේ මුහුණු දුටු විට තවත් බැංකු කොල්ලකා ඇති බව පෙනේ.තවත් මෙවැනි සොර ගැහැනුන් ලංකාවේ සිටි. ඔව්නුත් අත්අඩංගුවට ගැනීම පොලිසියේ යුතුකමකි .(ස)
උල තියන්න ඕනේ
විශිෂ්ටයි නිලධාරීනී, ඔබගේ දස්කම් නිසා වැළලි යාමට තිබූ අපේ උරුමය අද දින රැකුණි. මේ රටෙහි අපරාධයක් කළ කෙනෙකුට සදාකල් සැඟ වී සිටිය නොහැකිය යන විශ්වාසය යළි ගොඩනැගුනි. ඒ සදහා කැපවුණු ඔබට අපගේ හදපිරි කෘතඥතාව පුද කර සිටිමු. (නි)
වසන්ත, මේක ප්‍රෝඩාවක් වෙන්න පුලුවන්. බලන්නකෝ, මේ ගොල්ලොමද ඇත්ත හොරු කියලා. තව ටිකක් බුද්ධිමත් වෙන්න. බොළද වෙන්න එපා ඔච්චර. (නි)
6 වැනි පින්තූර්යේ ඉන්නෙ රිය අනතුරමින් මිය ගිය පොලිස් නිළධාරියෙක්ද? එක කකුලක් නෑ වගෙයි පෙන්නේ. භූත ආත්මයක් වගේ.(ස)
හොරු ??? (ස)
කාවද මේ රටව්වන්න හදන්නේ? අපි අහුවෙයි ඕවට.... (නි)
සම්පූර්ණ සිද්ධිය පළ කරන් ලංකාදීපටය ස්තුතියි (අ)
අපරාදයක් කෙරුවා නම් කොච්ච්චර කල් කට්ටි පැන්නත්, කොහේ හැංඟුනත් අන්තිමට අහු වෙන එක අහු වෙනවාමයි පුතෝ. (නි)
කව්රු උනත් දඩුවම් දෙන්න (දී)
කෙල්ලෝ මොකද? කොල්ලෝ මොකද? හොරා හොරාම තමා (දී)
මේ ඇත්තම සැකකරුවන් නම් නිසි දඩුවම් ලබා දෙන්න..!!(නු)
මේ කතාව පිළිගැනීමට අමාරැයි..!!(නු)
අනේ බොරු කතා. (නි)
පොලිසියේ උත්සාහය හා කැපවීම නිසා නියම හොරුන් අල්ලා ගත්තා...!!(නු)
මෙම කතාව සත්‍යෙයන් තොරයි...!(නු)
අල්ලලා මදි (දී)
අපේ සමහර අයට හොරු ඇල්ලුවත් වැරදි...නැතත් වැරදී....අනේ මන්දා... (දී)
හේර නායිකාවක්ද? (දී)
එතකොට කාන්තාවන් පිරිසක්ද මේ 'ගේම්' එක දුන්නේ? (නි)
අල්ලපු එක හොදයි.. මහ මොලකාරයා කොහෙද?.. මේ ගැහැණුද කටුගෙට පැන්නෙ.. මේක විශාල කතන්දරයක් වගේ.. හොරාගෙ විස්තර දැන ගැනීමට ජනතාව ඉතාම උනන්දුවෙන්...!!(නු)
මේ කෙල්ලට මොන දඩුවමක් දීලා ඇතිද?(නු)
කිසිම තර්කයක්වත් කිසිම සාක්කියක්වත් නැතුව මේක බොරුවක් ය කියන්න දඟලන උදවියගෙ යටි අරමුණ මොකද්ද දන්නෑ නේ?(ස)
කෙල්ලන්ට ගිය කල (දී)
පව් අහිංසක මිනිස්සු ටිකක් අහුවෙලා වගේ..!!(නු)
අනේ එයාව හිරේ දාන්න එපා. එයා හරි අහිංසකයි (නි)
කැමරාවක් අල්ලලාවත් පුරුද්දක් නැති නිසා, චලනය හේතවෙන් බොඳ වුන මිනිස් රූප හොල්මන්ය කියා රැවටී පිස්සු හදාගන්නා අපේ මහත්වරුන්ට හා නෝනාවරුන්ට මෙහි හයවැනි සේයා රුව දිහා බලන්න කියා ඇරයුම් කරමි. මේකේ ඉන්න පොලිස් රාළහාමිත් හොල්මනක්ය කියා හෙට සමහර අයට හිතෙන්න පුළුවන්. ලංකාදීපේ පාඨක අපිනම් රැවටෙන්නේ නැහැ. (ස)
අපි කොහොමද මේවා විශ්වාස කරන්නේ....පිළිගතහැකි ලෙස ඉදිරිපත් කරන්න ...ලංකාදීප කරන සේවය තවත් වැඩි වේවි..(ස)
මේවා ලෝකල් බඩුද දන්නේ නැහැ. (නි)
හොර ලොක්කා?(දී)
අයියෝ කෙල්ලෙකුත් මාට්ටු උනානේ..ඇගේ හැටියටද වැඩ (ස)
කෝ දැන් අර ඉස්සර කෑ ගහපු කට්ටිය? රට අස්ථාවර කරන්න හැදුවට අන්න ඒ කට්ටියව තමයි මුලින්ම අල්ලලා හිර කරන්න ඕනෑ. (නි)
ඇත්තමයි මේ කියන්නේ. මේ සිද්ධීය ගැන මෙච්චර කල් බොරු කතා කියවපු කට්ටියගෙන් එක් කෙනෙක් මට අහුවුණානම්? (නි)
මේවා නිකම් විහිළු කතා... මෙහෙම පිරිසකට පුලුවන්ද අධි ආරක්‍ෂිත කලාපයක තියෙන කටුගෙට පැනල මේ කියන විදිහේ හොරකමක් කරන්න...? අනික එහෙම දෙයක් කලත්, මෙච්චර කල් අහු නොවී ඉන්න.... ඔය ඔක්කොම හරියට කරගත්තු කට්ටිය, 'ඉතිරි කොටස් බොල්ගොඩ ගඟට දැමීමට' මෙච්චර කල් බලා ඉඳීද...? මේවා මේ කලින් ලියා තිබු තිර රචනාවකට අනුව පෙන්වන නාඩගම් වගේ... (ස)
මේක අමුලික වංචාවක්. බලන්නකො අර කොලු ගෑටයගෙ මුහුණේ තියෙන හිනාව. (නි)
වරදක් කරලා බේරෙනවා බොරු . අවුරුදු ගානක් ගිහින් හරි විදවන්න වෙනවා....දැඩ් දඩුවම් දෙන්න මෙයාලට...(ස)
මේක හරිම විහ්ළුවක් ..මේ ගෑනුද කටුගේ කැඩුවේ. කෝ හොරා..(ස)
ඔන්න හොරු අහුවුනෝ කියල කියමුකෝ.....දෑන් ඉතින් ඔය හොයගන්න දේවල් ආපහු අතුරුදහන් වෙන්න බෑරි නෑ.(ස)
"බඩුත් එක්ක හොරු පිළියන්දලදී" (නි)
මේ නියම හොරු විය නොහැක.කුලියට ඉදිරිපත් වන අය විය යුතුය.(ස)
මේ පොලිස් මහත්තුරු ටික දෙයියනේ කියල කහවත්තට යවන්න .කහවත්තෙ දුකත් නිවේවි (ස)
මෙ පාරවත් ඉලක්කයටම හරි වගෙ වැඩෙ...!!(නු)
පොලීසිය නියම හොරු නේද අල්ලලා තියෙන්නෙ?(නු)
මේ වගේ අධි ආරක්ෂිත ස්ථානයක ගැහැණුන්ට මේවගේ දෙයක් කරන්න බැහැ කියලා මම නම් හිතුවෙ..!!(නු)
නියමයි. එකෙක් නෑර අල්ලන්න........ කවුරු කතා කරත් යටත් වෙන්න එපා... (අ)
නියම වැඩේ. (නි)
දැං ඉතිං වෙන්න ඕන දේවල් වෙලා ඉවරයිනේ...!!(නු)
කාන්තාවෝ උපතින්ම රත්තරංවලට ආසයිනේ.. පොලිසියට ස්තුතියි මෙවැනි ජාතික අපරාධයක් කරපු අයව අත්අඩංගුවට ගැනිම ගැන... මේ අයගේ මුහුණුවලින් නම් බයක් පේන්න නැහැ.. මෙවැනි හොරුන්ට ඇප දෙන්න නරකයි..!!(නු)
කටුගෙය කැඩුවේ මෙහෙම කට්ටියක් නම් තිබුණු ආරක්ෂාව ගැන අපිට හිතා ගන්න පුලුවන්. (නි)
මෙයාලටත් මොනවත්ම මතක නැහැ කියයිද දන්නෙ නැහැ..!!(නු)
ඔය වගේ තැන් වලට කැමරා සවිකරලා තිබුණා නම් හරිනේ (නි)