කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළැයි කියන කෞතුක භාණ්ඩ ළඟ තබාගත්තැයි සැකපිට කැලණියේ ගෝනවල ගැහැණු දෙදෙනෙක් ද, හංවැල්ලේ කුලී රියැදුරෙක් ද, කැස්බෑව වැඩබලන මහේස්ත‍්‍රාත් කාංචන ද සිල්වා මහත්මිය විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
මේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් කොටහේන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරනු ලැබ සිටී.
ඔහුගේ බිරිය වන කැලණිය ගෝනවල කොරතොට ආරච්චිගේ නිලන්ති දේශප‍්‍රිය පෙරේරා, ඔහුගේ සහෝදර හංවැල්ලේ පැතුම්පුර හික්කඩුව ගමගේ සුජීව දේශප‍්‍රිය හා කැලණියේ ගෝනවල සේනාධීරගේ ඉස්තිකා ලසන්තිකා ඔස්ටියා පෙරේරා රිමාන්ඞ් කළ අය වෙති.
නිලන්ති කොළඹ නගර සභාවේ පිරිසුදු කිරීමේ අංශයේ සේවිකාවකි. ඔස්ටියා පෙරේරා ගුවන් සමාගම් සේවිකාවකි. 16 හැවිරිදි දැරිය උසාවියට ඉදිරිපත් කෙළේ නැත. පිළියන්දල පොලිසියේ පොලිස් පරීක්ෂක ගාමිණී කීර්තිරත්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. පෙනුමෙන්නම් දළ කාරයෝ ටිකක් වගේ... (ස)
කොටහේන හා පිලියන්දල පොලිසිවලට මුළු රටේම ප්‍රණාමය...!(නු)
ඉතාම හොදයි... ඉතාම හොදයි...!!(නු)
ඇත්තම හොරුනම් නිසි දඩුවම් ලබා දිය යුතුයි..!!(නු)
ඉතාම සංතෝෂයි අපේ පොලිසිය ගැන..!!(නු)
අනේ මේහෙමත් ගැහැණු...!!(නු)
මෙ පාරවත් වැඩෙ හරි නමි ඔත්තු කරැවන්ට අපේ පුනාමය..!(නු)
මෙයාලගේ පිටුපස ඉන්න කෙනා අල්ලන්නෙ නැද්ද? (නු)
කෝ එතකොට කඩු 10..!!(නු)
අල්ලපු පොලිස් නිලධාරීන්ට උසස්වීමක් වත් දෙන්න ඉතිං....!!(නු)
අරුම පුදුම ගැහැණු...!!(නු)
අපරාධයක් කළානම් කවදාහරි එළිවෙනවා..!! එකෙන් ගැලවිම බොරු....!!(නු)
ඇත්තටම මෙයාලද මේ වැඩේ කළේ...?? (නු)
මේකත් වරද භාරගන්න කියල බලෙන් පවරපු චෝදනාවක්ද දන්නෙ නෑ..??(නු)
තාම විශ්වාස නැහැ.. කෝ කඩුව.. ඒකත් ඉක්මනටම හොයාගන්න...!!(නු)
අනිවාර්යයෙන්ම අල්ලලා ගස් බදිනවා..!!(නු)
ඇත්තටම මේක රගපෑමක්ද?(නු)
ගනු කඩුව එනු සටනට..........(දී)
රේමාන්ඩ් කරලා මදි (දී)
වටිනාම දේ කඩු. කෝ ඒවා ලැබුණද? (නි)
තවම මේක හරියටම පැහැදිලි නැහැ (දී)
දැන් පොලිසිය ගැන බය නැතිව කතා කරන්න පුළුවන් වගේ (දී)
කොටහේන හා පිළියන්දල පොලිසිවලට ස්තූතියි! (නි)
මේක රගපෑමක්. ඇත්තමයි!!! (නි)
කලින් නඩු තියෙනවද මෙයාලට ? (දී)
දේශපාලන බලපෑමක් ඇති (දී)
අර කහ ඇදුම අඩන ඉන්න නෝනා කව්ද?(දී)
උපරිම දඩුවම් දෙන්න (දී)
සැ ක විතරද? (දී)
මේ නෝනාටත් අමතක වෙලාද දන්නේ නැහැ. (නි)
බඩුත් එක්කම හොරු අහුවුණු නිසා තීණ්දුව දෙන්න ලෙහෙසියි නේද? (නි)
කුලී රියදුරා මොනවා කරන්නද? (නි)
ටෙලි නාටකයක් වගේ රසවත්. (නි)
මාර ගැහැණු කෙනෙක්නේ. ලැජ්ජා නැද්ද මන්දා? දැන් කොහොමද ආයි පාරේ බැහැලා යන්නේ? (නි)
පොලිසියට ප්‍රණාමය! (නි)
ශ්රී ලාංකීය අනන්‍යතාව රැකෙන දේවල්වල තියෙන ඓතිහාසික වටිනාකම ගැන මුලින් කියලා දෙන්න වෙයි. මේ කෞතුක වස්තු කඩා බිද දාලා නම් ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි බවත් සෑදූ ශිල්පීන්ට පණ දිය නොහැකි බවත් ඔවුන්ට කියා දෙන්න. මේවායේ ඇත්තේ මුදල් වටිනාකමක් නෙමේ. මේ ලැබී ඇති භාණ්ඩ ප්‍රවේශම් කරන්න වැඩ පිළිවෙළක් තිබෙනවාද? (නි)
මේ පින්තුර ටික දාපු එක මරු (දී)
කැලණියේ සෙට් එකක් නේ (දී)
දෙවැනි ඡායාරූපයේ මැද සිටින්නේ අර ඉස්සර ප්‍රසිද්ධ කරපු සිතුවමේ හිටපු කෙනාද? (නි)
මංහිතන්නේ මේක බොරුවක් (අ)
දැං ගැහැණුත් මේ වගේ වඩ කරන්න පටන් අරන් වගේ.. ඉදිරියට පාතාලෙ වැඩත් කරන්න ගැනී..!!(නු)
දෙන්න පුළුවං උපරිම දඩුවම් දෙන්න.. මේ ගැහැණුද කියලා හිතෙනවා..!!(නු)
අප්පේ අකුරැස්සේ නඩුව වගේ වෙයිද දන්නෙ නැහැ.. නැත්නම් ජුලම්පිටිය අමරගේ නඩුව වගේ..!!(නු)
මේකේ හොඳ වැඩක් මේකේ මහා මොළ කාරයා කොහේද (අ)
මම නම් හිතන්නෙ කවද හරි ඈත්ත හෙලි වේවි. මේ අපරාධය කරපු අය හිතින් විදවනවා. ඒ දඩුවම අති.(නු)
කියන කතා සමහරක් පරස්පරයි කියලා දැනෙනවා. (නි)
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු..!!(නු)
මෙහෙමත් ගෑණු ඉන්නවනේ හැබෑටම? (නි)
මේක නම් මහ ලොකුම ලොකු බොරුවක්ද කොහේද? (නි)
පොලිස්පතිතුමනි, මොන දේශපාලන බලපෑම් පැමිණියත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. (නි)
විශිෂ්ටයි නිලධාරීනී, ඔබගේ දස්කම් නිසා වැලලියාමට තිබූ අපේ උරුමය අද දින රැකුණි. මේ රටෙහි අපරාධයක් කළ කෙනෙකුට සදාකල් සැඟ වී සිටිය නොහැකිය යන විශ්වාසය යලි ගොඩනැගුනි. ඒ සදහා කැපවුණු ඔබට අපගේ හදපිරි කෘතඥ්තාව පුද කර සිටිමු. (නු)
නඩුව අහලත් ඉවරයි වගේ ප්‍රතිචාර (දී)
දැන් පෙනෙයි බොරු කිවුවේ කවුද කියලා. (නි)
මේ දුරකථන ඇමතුමක් ගන්නෙත් සැක කරුවෙක්ද?(නු)
කෝ එතකොට බඩු, ඒවත් මේවගේ එළිකරන්න................(නු)
දැනට නම් අග්‍රගණ්‍ය චිත්‍රපටයක් වගෙයි. පහුවෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත මහතාණෙනි, මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? (නි)
මේ කතාව ඇත්තනම් මෙයාලට දෙන්න ඕන රජකාලෙ දඩුවම්.. ඇයි රජකාලේ දේවල්නෙ හොරකම් කළේ..!!(නු)
මේක ප්‍රෝඩාවක්..!!(නු)
මේ අපිව රවට්ටන්න කරන වැඩක්නෙ..!!(නු)
මෙයාලා ඇත්තටම වැරදිකාරයන් වුණොත් මෙයාලගෙත් ෆොටෝ ගහලා කටුගෙයි තියන්න ඕනෑ. (නි)
මේ සැරේනම් බේරෙනවා බොරු. (නි)
ඉතිරි අය (දී)
කෝල් එක කටුගෙටද ??(ස)
මේ ගෑනු කෙනත් එක්කෙනෙක්ද?
මේක ගොතාපු බොරුවක් (ස)
එතකොට අර පින්තූරයක් ඇඳල පත්තරවල දැම්මේ වෙන කටුගෙයක් කඩපු හොරෙක්ද ??(ස)
මෙගා ටෙලිනාටයක් !!!!!!!!!!(ස)
මේක ආණ්ඩුවේ ගිණුමට දාලා කතාකරපු අය දැන් මොකද කියන්නේ ????(ස)
මේවා බොරු.(ස)
සැක විතරද? හොරු නැද්ද? (දී)
මේ වැරදිකරුවන්ද? සැකකරුවන්ද? (නි)
හොරු නැද්ද? (දී)
අම්මෝ ඇති යන්තම්...!!!! (ස)
දැන් කීපාරක් කටුගෙයි හොරු ඇල්ලුවද . මේවා ඔක්කොම ගොතන කතා...(ස)
මේ කට්ටියට හොඳ සැප පහසු කාමර දෙන්න .(ස)
මමනම් හිතන්නේ එයා දුරකතන ඇමතුමක් ගන්නවා නෙමෙයි ඒ.කොන්ඩේ අතින් හදාගන්නවා කියලයි...(ස)
එතකොට හොරු කොහෙද? (දී)
මාස පහක් ගිය එකෙන්ම පොලිසියේ නොහැකියාව පෙනෙනවා. (නි)
තවම ඇප ලබා දුන්නේ නැද්ද ? හොට අනිද්දට ඇප දේවි. (ස)
පොලිසිය ඔවුන්ව රැගෙන යන විට ඔවුන් හැසිරෙන ආකාරය ගැටලුවක්. (නි)
පොලීසිය අපේ ලංකාවේ.........(ස)
කේ බඩු ...(ස)
අපේ රටේ අයම තමයි අපේ රට විනාස කරන්නේ..(ස)
එතකොට සිකුරිටි මල්ලිලාට මොකද වෙන්නේ? (නි)
දෙයියනේ කොච්චර වටිනා වස්තුද? (දී)
ඒ සැක අයනේ ........... කෝ වැරදි අය (දී)
ඉඉලගට මොකද වෙන්න? (දී)
ඇත්තටම මෙයාලට කටුගේ තියෙන තැනවත් හරියටම කියන්න පුළුවන් අයද කියලා අපිටනම් සැකයි... (ස)
ඊට පස්සේ?(දී)
මේකෙනම් මොකක්හරි අභිරහසක් තියෙනව. ත්‍රස්තවාදීන්ගෙ අවි හොයන්ඩ යද්දිලු අහුවෙලා තියෙන්නෙ පුඳූම අහම්බයක් තමා ඒක.අනික මේකෙ මහ මොලකාරය කුඩු ගහන මිනිහෙක්ලු??? කුඞු ගහද්දිත් පුදූම මොලයක්නෙ එන්නෙ බලාගෙන යද්දි.(ස)
වැලේ වනපු රෙද්දක් හොරා ගත්තා මේ කුඩුකාරයක් කිව්වොත් අපි පිළි ගන්නවා.. එත් අධි ආරක්ෂිත කලාපයක් තියෙන කෟතුකාගාරයට ඇතුල්වෙලා රත්තරං කඩු හොරකම් කළේ මේ කඩු කාරයෝ කිව්වොත් අපි පිළිගන්නෙ කොහොමද? (නු)
රිමාන්ඩ් කලහම ඇති (දී)
නන්දුනී දන්නෙ නැද්ද මේකත් රජ කාලයක් තමයි.. මතක නැද්ද සමහරු කිව්වෙ ...(නු)
මේකනම් විශ්වාස කරන්න බෑ . මේ කුලියට හිරේයන අය වෙන්න ඕන..(ස)
ගොඩක් මිනිස්සු දැනටමත් රැවටිලා. මෙම සැකකරුවන් අල්ලාගැනීම ගැන කිසිම විශ්වාසයක් නැහැ. ත්‍රස්තවාදීන් අවුරුදු තුනෙන් විනාශ කරපු ආරක්ෂක අංශයට මේ වගේ දෙයක් හොයන්න ඔච්චර කාලයක් යන්නේ නැහැ . මෙතන කුමක් හෝ බලවත් කෙනෙකුගේ සම්බන්දයක් තියෙනවා. (නි)
මීට කලිනුත් කටුගෙයි හොරා කියලා අහිංසක මනුස්සයෙක් අල්ලා ගෙන කූඩු කළා නේද? ඒ මනුස්සයාට වුණු අසාධාරණයට දැන් කවුද වන්දි ගෙවන්නේ? (නි)
හොරකමින් ජීවත් වෙන කණ්ඩායමක්ද කොහෙද?(නු)
අද සමහර ශ්‍රී ලාංකිකයන් සතුටුවෙන දවසක්..මොවුන් ඇල්ලූ දක්ෂ පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය.(ස)
ඕක තමයි කියන්නේ කාටවත් නීති විරෝධී වැඩ කරලා ඒවගෙන් බේරෙන්න බෑ කියලා...දැන් ඉතින් හිරේට වෙලා විදවන එකයි ඇත්තේ.....(ස)
මේ සැකකාරිය කැළණිය පැත්තේ දැකලා තියෙනවා වගේ මතකයි..!!(නු)
සාධාරණ සාක්ෂි නොමැතිව මෙහෙම කියන්නේ කොහොමද? (නි)
පොලීසියට වෙලා තියෙන්නේ "කොටියා ආවෝ.." කියපු ගොපලු කොලුවාට වුණු වැඩේ. නිකම් බොරු ජනප්‍රියත්වය පතා ' ඔන්න ඇල්ලුවා.. මෙන්න ඇල්ලුවා..' කියා කියා මිනිස්සු ඉදිරියේ සංදර්ශන පෙන්වන්න ගිහින් දැන් ඇත්තටම ඇල්ලුවත් වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. (නි)
අපේ මිනිස්සු මොන හොඳ වැඩක් කරත් සෑහීමකට පත්වෙන්නේ නෑනේ..(ස)
නියමයි.ඇප දෙන්න නම් එපා. (නි)
මේ මිනිස්සු කටුගෙයි ප්‍රදර්ශනයට තියන්න. (නි)
පොටෝ එකේ හැටියටනම් ලොක්කෝ ටිකකට් වගේ. කඩපු කඩුවල අලාභය මෙයාලටම ගෙවන්න කියන්න. (අ)
මට නම් හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා. (අ)
හොඳයි, අපි හිතමුකො කවුරු හරි මේගොල්ලන්ව කුලියට අරන් බෙල්ල දෙන්න ඉදිරිපත් කළාය කියලා.... එහෙනම් ඇයි ප්‍රධාන සැකකරු ඒ එක්කම ඉදිරිපත් උනේ නැත්තෙ??? ටීවී එකේ කිව්වනෙ ඌ ඉන්නෙ තාම කට්ටි පැන පැන කියලා. ඒ මිනිහත් බාර වෙලා "අපි තමයි හොරු" කියල කිව්වනං කරදරයක් නැතුව මෙළහකටත් වැඩේ සමාප්තයි නේද? මං දන්නෑ මේක මට විතරක් පෙනිච්ච දෙයක් ද කියලා, කොහොම උනත් මට කියන්න තියෙන්නෙ කවුරු හරි කට කතාවක් කියූ පමණින්ම ඒක පිළිගන්න එපා කියන එක. (අ)
මේකේ ප්‍රධානම සැකකරු කවදාවත්ම දැනගන්න බැරිවෙයි. එක්කෝ එයා දැන් ජීවතුන් අතර නැතුව ඇති. නැත්නම් වෙන රටකට පැනලා ඇති. (නි)
ප්රධාන සැකකරු තාමත් එලියෙ නේද?(නු)
නිදහසක් දෙන්න එපා ඔය වගේ අයට.. (ස)
නෑ චන්දිමා.. ඔබ වැරදියි.. කිසිම සැකයක් නැහැ ප්‍රධාන සැකකුරු ලංකාවේම ඉදගෙන සැප විදිමින් මේවා දිහා හිනාවෙවී බලාගෙන ඇති.. (නු)
කවුද මේවා කරන්න කිව්වෙ කියලා ඇහුවානම් අගේට කියයි..!!(නු)
මේ තරම් කාලයක් ගියේ හොයාගන්න මේවා විනාශ කරනකල්ද?(නු)