කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරක් අනුව කොළඹ නගර සභාවේ සේවිකාවක, ගුවන් සමාගමක සේවිකාවක සහ ත්‍රීරෝදරථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බවත්, කඩු කැබලි සහ මැණික් ගැලවූ ඉපැරණි මුද්දක් ඔවුන් සතුව තිබූ බවත් දැනගන්නට ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව එල්ලලා හම ගහන්නයි වටින්නේ. (නි)
දැන් ගුවන් සේවිකාවන්ට අපලයි වගේ. (නි)
එක බොරුවක් වහන්න බොරු ගොඩක් කියන්න වෙයිද? (නි)
අනේ අපොයි! (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (නි)
ඒ අය ගානට නිදහස් වෙයි. (නි)
හොදටම විශ්වාසද? (නි)
හූ හූ හූ.... (නි)
ඇති යාන්තම්! අර රජ කතා කිය කියා දඟලපු අපේ අබිලිංලා ටික දැන් මොනවගේ බයිලයක් කියයිද දන්නෙ නැහැ. (නි)
ගුවන් සේවිකාවනුත් නීතිවිරෝධී වැඩ කරන්න පටන් අරන්නේ. (නි)
නියමයි. (නි)
මේ වගේම බඩු ටිකක් අපේ ආච්චි අම්මා ළගත් තිබෙනවා. හැබැයි ඒවා පරම්පරාවෙන් ආපු ඒවා (නි)
අපිට නම් දැන් මේ ගැන අහලම එපා වෙලයි තියෙන්නේ. ඔන්න අපි නම් නැහැ ඕවට හොදද? (නි)
අයියෝ! අපි මේ බලාගෙන හිටියේ මේකෙන් අර බොස්ටන් හිර ගෙදර බින්ද එකේ වාර්තාවවත් කඩයි කියලා හිතාගෙන. ඒත් කොහේද? (නි)
තවත් වේගවත් බොරුවක්ද දන්නේ නැහැ. (නි)
ඉස්තාලය විතරනේ. කෝ අශ්වයින්? (නි)
මොන බොරුද? (නි)
බොරුද කොහේද? (නි)
එල්ලා මැරිය යුතුයි. (නි)
අයියෝ දැන් ඒ ගැන අහලම එපා වෙලා. (නි)
නියමයි. (නි)
මේවා ඇත්තටම නැතිවුණ බඩුමද? (නි)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
හොද වෙලාවට පොලිසියේ ලොක්කෙකුට නැතුව මෙහෙම දෙන්නකුට තොරතුරු ලැබුණේ. ලොකු කෙනෙක්ට ලැබුණා නම් මේක මෙහෙම නොවෙන්නත් තිබුණා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට අපේ උපහාරය! (නි)
අනේ මෙහෙමත් අපරාධ? මෙයාලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ඔය පෑදිලා තියෙන්නේ 'පොටක්'. ඉතිහාසය මකන්න හදන අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මේ අයට දැනට ලංකාවේ තියෙන ලොකුම දඩුවම දෙන්න ඕනෑ. (නි)
අපේ පොලිසියට ගෞරවණීය ප්‍රණාමය! (නි)
'දෙයියෝ දනී අපි නොදනී' (නි) (නි)
කවුරු මොනවා කියනවද කියලා අපිට තියා මේවා කියන අයටවත් වැටහෙනවද දන්නෙ නැහැ (නි)
ඉතිහාස උරුමය වනසන්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
රාජාභරණ හොරකමක් නිසා රජකාලේ දඩුවම් දියයුතුයි. (නි)
එක බොරුවක් වහන්න බොරු ගොඩක් කියන්න වෙයිද? (නි)
මෙයත් කඩවත්න් අල්ලපු කෙනාවගේ වෙයිද දන්නේ නෑ...(ස)
ඉස්සර පත්තරවලට එවපු පින්තූරයි මේ ඒවයි එක වගේද? මේ වැනි වටිනා දේවල් හොරකම් කළ අයට මරණ දණ්ඩනය දිය යුතුයි..!!(නු)
අපේ කමෙන්ට් වීරයන් දැන් මේ වන විට පොලීසියෙන් කියන කියන සැකකරුවන් කීදෙනෙකුට දඬුවම් දී ඇත්ද? අපේ රටේ පොලීසිය මෙහෙම විජ්ජා පෙන්වන්නේ මේ වගේ අඳබාල ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්න බව දන්නා නිසයි. (ස)
විශ්වාස කරන්න අමාරුයි. මීට කලින් අහිංසකයො දෙන්නෙක් අල්ලල හතර හන්දි කඩල හොරකමේ වගකීම බාරගන්න කියපු අයනේ..(ස)
මටනම් හිතෙන විදියට මේ සිද්ධිය පිටුපස නොපෙනෙන හස්ථියක් තිබිය යුතුයි..(ස)
මේ අය අපේ ඇස් ඉස්සරහා කරන වැඩවලට මේක විශ්වාස කරන්න අමාරුයි.. චන්දෙ ළග නිසා හොද නම දාගන්න කරන වැඩක් වෙන්න ඕන.. (නු)
දැං ඉතිං මේ තුන් දෙනා මේක කළා කියලා ලංකාවෙ මහජනතාව හැටියට මේ කතාව විශ්වාස කරන්න කියලාද අපේ මේ පොලිසිය කියන්නෙ..!!(නු)
ඒකත් බොරුවක් වෙන්න ඇති...(ස)
මේ ඇත්තම බඩු ටිකද ??(ස)
ලොක්කෝ අල්ලනකම් අපිය විශ්වාස කරන්න බෑ...(ස)
බොරුවක්ද කොහෙද ???(ස)
ඇල්ලුවද නැත්නම් ඔත්තුවත් දුන්නද ? (ස)
මේකට සම්බන්ධ අය කවුද කියලා හෙලිකරන්න..(ස)
හුග කාලෙකට පස්සේ නේද පොලිසිය මේවා හොයා ගත්තේ. හැබැයි මේ දේවල් නියම නැතිවුණ බඩුද කියලා සොයා බැලිය යුතුයි. (නි)
හෝ හෝ දැන් තමයි තේරුනේ. ගුවන් සේවිකාවක් නිසා තමයි උඩින් ඇවිත් වහලෙන් බැහැල තියෙන්නේ. (ස)
මේක දැන් මෙගා ටෙලිනාට්‍යක් වගේ . කුතුහලය විතරයි..(ස)
විශිෂ්ටයි! අද්විතීයයි! අපේ රටේ පොලිසිය ගැන ඇත්තටම පුදුම ගෞරවයක් ඇතිවෙන්නෙ මේ වගේ වෙලාවක.....(ස)
වැඩේ ජෝන් බාස්ට ගියාම බඩුටික තිබුන තැනටම ලැබෙන්ඬ හොඳ නළුවො ටිකක් දාල හැදුවවත්ද මෙගා නාටකයක්??? (ස)
බලන්න අපේ ජාතික වස්තු වලට කරලා තියෙන දේ !!!! පොලිස් මහතුනි, ඔය සැකකාරයො තව මොනව හරි බොල්ගොඩ ගඟේ හංඟලා තියෙනවද කියන්න බෑනෙ? ඒ නිසා කකුලෙ තඩි ගලක් එහෙම ගැට ගහලා පොඩ්ඩක් ගඟ පැත්තට එක්කන් ගියොත් නරකද? (ස)
නියමයිනේ..!! බොහොම සුභ ආරංචියකින්නේ අද දවස පටන් ගන්න ලැබුණේ.. නියමයි පොලිසිය... නියමයි..!(නු)
පොලිස් කොල්ලන්ට අපේ උත්තමාචාරය..(ස)
මේ සිද්ධියට කීදෙනෙක්ට නම් අපහාස කළාද අපේ අය.. බොරුවටනෙ එක එක්කෙනාගෙ නම් මේකට පැටලුවෙ..!!(නු)
මට ලංකාවෙ පොලිසිය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නෙ.. ඒත් මේකෙදි මොකක් හරි දෙයක් තියෙනවා..!!(නු)
ඇත්තටම සතුටුයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා දකිනකොට.සමහර අයට නම් මේක වහ කදුරු වගේ ඇති නේද? (නු)
පිලියන්දල පොලීසියේ විශිෂ්ඨ නිලධාරීන්ට මාගේ ප්‍රණාමය..(ස)
නියමායි පොලිස්! ලෝකෙ හොඳම රණවිරුවොයි ලෝකෙ හොඳම රහස් පරීක්ෂකයොයි ඉන්නෙ වෙන කොහෙවත් නෙමෙයිනෙ ඉතිං. ඇත්තටම මගේ ලංකාව ගැන මට ආඩම්බරයි .(ස)
අපේ පොලිස් මාමලා ඔය හොරාට හොදට සළකන්න ඕනෑ හොදද? හැබැයි ඔන්න, හොරාගේ මානව හිමිනම් එහෙම කඩනවා නොවෙයි හොදේ. (නි)
විශිෂ්ටයි නිලදරුවනි. ජාතියේ නම්බුව සහ උරුමය රැක දුන්නාට ඔබට පින්. (නි)
රටේ නීතිය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් මේක...(ස)
ගුවන් සේවිකාවෝ හැම වැඩකටම සම්බන්ධ වෙන්නේ පඩි අඩුද දන්නේ නෑ...(ස)
ලංකාවටම සුභ ආරංචියක් මේක..(ස)
කොච්චර අබිරහස් විසදුවත් අපේ සමහර මිනිස්සු එයාලා දාගෙන ඉන්න පාට කණ්ණාඩි ගළවන්න කැමති නැහැ (නි)
මෙවැනි හොරුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.. බලං ඉන්න කෙනෙකුටත් ආයෙ නොකරන්න හිතෙන විදියට...!!(නු)
කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ..!!(නු)
මෙහෙමත් තිරිසන් හොරු... අපේ රටේ වස්තුවනෙ මෙහෙම කඩලා බිඳලා දාලා තියෙන්නෙ..... අවුරුදු 5, 6කටවත් හිරේ යැවන්න ඕනෙ.(ස)
කුලියට හිරේ යන්න මිනිස්සු ඉන්න රටක කෙනෙක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ නේද කුලියට..!!(නු)
ඕක මවාපෑමක් විතරයි. වැරදි කාරයෝ නිදැල්ලේ..(ස)
ඔය හොරුන්ට නම් හොඳක් වෙන්න හොඳ නෑ(ස)
මේක නම් ටිකක් තාත්විකයි වගේ (ස)
පුදුම ගැහැණු තමයි.. දැං ගැහැණු පිරිමි භේදයක් නැතිව හොරකම් කරනවා.. (නු)
මාර හොරුනේ ගෑනු..කටු ගේ කැඩුවේ මේ ගොල්ලොද? තව ටිකක් ප්‍රශ්න කරන්න.මීට වඩා මහ මොල පිටිපස්සේ ඇති...(ස)
ඔය හොරුන්ගේ ගෙවල් විකුණල කැඩිච්ච බඩු හදාගන්න තියෙන්නේ..(ස)
ගඟේ දාන්නද අනේ හොරකම් කළේ?(නු)
ඔහොම යං පොලිසිය.. කහවත්තේ අනිත් මිනීමරුමත් ඔය වගේම අල්ලමු..!!(නු)
කොපමණ කලක් ගියත් වැරදි කරුවන්ට දඩුවම් ලැබෙන බව මේකෙන්ම පැහැදිලි වෙනවා..(ස)
මං නිකමට වගේ හිතුව මේක පොලිසියට දීපු ඕතුතවකින් වෙන්න ඇති කියලා.. ගත්තු බඩු ටික ටික එළියට දානව දැං.. මේක ඇත්තනම් මේ තුන්දෙනා දැන ගන්න එපායැ මේකෙ කතන්දරේ.. කෝ ඒත් ඇත්ත කතන්දරේ හැංගිලා වගේ.. (නු)
කාවද මේ රවට්ටන්නේ..(ස)
අපේ පැත්තේ ගුවන් සේවිකාවක් තමන්ගේ ස්වාමියා අතහැරීමේ හා බොරු චෝදනා වලට පොලිසිය ඇතුළෙදිම මිනිහගෙන් වෙඩි කෑවා. දැන් මේක. මෙයාලා යන ප්ලේන් වල යද්දී එවුවත් කඩා වැටිලා අහිංසක මිනිසුන් මිය යයිද කියලත් සැකයි. (නි)
හොරාව ගස්බඳින්න.(ස)
අජිත්, ඔබ හරියට හරි. වරදක් කළොත් විපාක විඳින්නම වෙනවා (ස)
"සමන්ත බලන්න අපේ ජාතික වස්තු වලට කරලා තියෙන දේ !!!! පොලිස් මහතුනි, ඔය සැකකාරයො තව මොනව හරි බොල්ගොඩ ගඟේ හංඟලා තියෙනවද කියන්න බෑනෙ? ඒ නිසා කකුලෙ තඩි ගලක් එහෙම ගැට ගහලා පොඩ්ඩක් ගඟ පැත්තට එක්කන් ගියොත් නරකද? " ජාතික හැගීම වැඩිවෙලා හින්දා වෙන්න ඇති මිනිසුන්ව නඩු අහන්නේ නැතුව මරන්න කතාකරන්නේ. පොලීසිය මීට කලින් මේකට අහිංසකයෝ කීයක් අල්ලලා අත ඇරියද? ඒ වෙලාවෙත් අල්ලපු හැටියේ මැරුවා නම් කොහොමද? ශ්‍රී වික්‍රම වගේ අයගේ පරපුරවල් වලින් එන ලේ වෙන්න ඇති ඔය උනුවෙලා දඟලන්නේ. (ස)
ඒක තමයි කියන්නේ දිට්ඨධම්ම වේදනීය කරුම පටිසන් තමයි මේ.... මොනවා කරන්නද බළලෝ කුම්බලා මාලු කෑවනම් දැං ඉතිං විදවන එක තමයි තියෙන්නෙ...!!(නු)
කෝ අර එක එක කතා හදපු කට්ටිය... දැං සද්දයක්වත් නැහැනේ..!!(නු)
කල් ගිහින් හරි අල්ලපු එක හොදයි. බරපතළ දඩුවම් දෙන්න. මරණ දඩුවම වුවත් සුදුසුයි. (නි)
කාවද මේ රවට්ටන්නෙ..!!(නු)
ඉස්සර ඇදපු ඡායාරූපයේ හිටියෙ මේ ත්‍රීරෝද රථ රියදුරා නේද?(නු)
එල්ලුම් ගහට යවන්නයි තියෙන්නේ (නි)
අපිට අහන්න දකින්න ලැබෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්..!(නු)
මෙච්චර මාස ගානක් ගිහිල්ලා.. හදිස්සියෙම මොකද මෙහෙම කරන්න හිතුනෙ. ලංකාවේ මිනිස්සු මෝඩ නෑති බව කරුණාවෙන් සලකන්න.(ස)
බඩුත් එක්කම හොරු අහුවුණු නිසා තීණ්දුව දෙන්න ලෙහෙසි වෙයි නේද? (නි)
"රාජාභරණ හොරකමක් නිසා රජකාලේ දඩුවම් දිය යුතුයි" කියන කතාව නම් හරියටම හරි. (නි)
මේකෙ නම් මොකක්හරි හොරයක් තිබෙනවා (නි)
හා හා, චෞර හිමිකම් රකින්න අමතක කරන්න එපා හොඳේ? (නි)
මේවට ඇත්තටම අපිට හිනා.. පොලිසියට මෙච්චර දෙයක් කරන්න බැහැ..!!(නු)
එතකොට ඔය හොරකම කරේ ගෑනු දෙන්නෙක්ද ?? (ස)
ෂුවර් එකට, මේකට ලොක්කෙක් සම්බන්ද ඈති.....(ස)
මට නම් හිතෙන්නේ මේක සැළසුම් කරපු රග පෑමක්.... (නු)
ප්‍රසාද්, මේකනේ ගුවන් සේවිකාවන්ට ලෝකේ ඕනම රටකට යන්න පුළුවං.. එයාලට යන්න විශේෂ දොරටු තියෙනවා... සමහර ඒවායින් පරීක්ෂා කරන්නෙත් නැහැ.. මේ බඩු වෙන රටකට යවන්න ගුවන් සේවිකාවෝ සම්බන්ධ වෙන්න ඇති..!!(නු)
නම ගම විස්තර ඇතිව පළ කරන්න.. (නු)
මේක හරියටම හරිද? මට නම් සැකයි.. කොහොම උනත් තවත් විස්තර සහිතව ඊළග පුවත ලැබෙනතුරු බලා සිටිමු..(නු)
තව විස්තර මදි.. ලොකු අභිරහසක් ඇති...!!(නු)
මට හිනා යනවා.. කොණ්ඩෙ බැදපු චීන්නු ඉන්ලෙ ලංකාවෙද?(නු)
හුරේ.......!!!!!! (ස)
අපේ රටේ ඉන්න ටික දෙනෙකුට දැන් තියෙන අලුත්ම ස්ටයිල් එක තමයි මොකක් හරි එකක් උනාම ඒකෙ වැරදි කාරයො දවසෙන් දෙකෙන් අල්ලන්න ඕනෙ කියල හිතන එක. එහෙම උනේ නැත්තන් ඒක පොලීසියෙන් යටගැහුවා කියලා කියනවා. නැත්තන් දේශපාලන බලපෑමක් ය කියනවා. ඒ අය ඒවා මොනතරම් මෝඩ තර්ක ද කියලා මේ සිද්ධියෙන් දැන්වත් තේරුම්ගත්තොත් ඇති. කෝ දැන් අර එක එක අයට සුරංගනා කතා ගොතපු අය?(ස)
පිලියන්දල පොලීසිය වගේ පොලීසි තමයි රටට ඕන.සුභ පැතුම්..(ස)
ඒකත් ඇල්ලුව එහෙනම්..!!(නු)
අපරාදයක් කලොත්, කොහේ හැඟිලා හිටියත් කවදා හරි අහු වෙන එක අහු වෙනවාමයි (නු)
මේකෙ හොරුන්ට කියපු කතා.. කෝ දැං ඒ අය රෙදි ඇදගෙනද ඉන්නෙ...!!(නු)
මෙහෙමත් හොරු තාමත් පණ පටිං ඉන්නවානේ..!(නු)
රාජාභරණ හොරකමක් නිසා රජකාලේ දඩුවම් දිය යුතුයි...(නු)
අපි මෙච්චර කල් එක එක්කෙනා සැක කළේ මේකට මේ කටකතා වලට රුවටිලා නේ...!!(නු)
අපේ ජාතික උරුමයන් වනසන ...මේ වගේ අයට උපරිම දඬුවම් දිය යුතුයි.... (ස)
මේ මිනිස්සු කටුගෙයි ප්‍රදර්ශනයට තියන්න. (ස)
මේක රගපෑමක්..!! පුහුණුවීම් තිබ්බෙ ටෙලිගම්මානෙ..!!(නු)
අපේ උරුමය විවිධාකාරයෙන් විනාශ වෙන හැටි බලන්න. ඒ ඒ පළාත් වලින් ගෙනත්, අග නගරයෙ බොහොම ආරක්ෂාව මැද තිබුණු පෞරාණික මිලකළ නොහැකි වස්තු කොල්ලකනවා. ඒ අතරෙදි, නැගෙනහිර පළාතෙ ඒක දරුණුවටම වෙනවා. නැගෙනහිර පළාතේ සිංහලයන් බොහොම අසරණ වෙලා. ඔවුන් දමිළ නිලධාරීවාදයෙන් සහ දමිළ, මුස්ලිම් දේශපාලනයෙන් බොහෝ බැට කනවා. 1965 සිට පදිංචි වෙලා ඉන්න මිහිඳුපුර සිංහලයන්ට, ඔවුන්ගෙ වාසස්ථාන අහිමි කරන්න හදනවා. නමුත්, නැගෙනහිර කියන්නෙ, එදා කන්ද උඩරට රජ්‍යයට අයිතිව තිබූ, එයින් පාලනය වූ එහි කොටසක්. සෙනරත් රජු, බටහිර ආක්‍රමණිකයන්ගෙන් බැට කන මුස්ලිම්වරුන්ට එහි පදිංචි වෙන්න ඉඩ දුන්නා. ඒ පරම්පරා 3න් සිංහල ජාතියට බද්ධ වෙන පොරොන්දුව පිට. එදා ඉදලා පොරොන්දු කඩල පුරුදු මුසල්මානුවන්, ඒ පොරොන්දුවත් කඩකළා. ඔවුන් අද නැගෙනහිර බොදු උරුමය වනසනවා. දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේවා ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ. යුද්ධයට පෙර, නැගෙනහිර පළාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. සිංහලයන්ගෙ ඉඩ කඩම් ව්‍යාජ ඔප්පු හදල කොල්ල කනවා. (නි)
කටු ගෙට ගිය කලක් (දී)
කොහොමද කියන්නේ මේ ඒ බඩු ටිකමයි කියලා (දී)
මේකේ විශ්වාස කරන්න අමාරු තත්වයක් තියෙනවා. යම් යම් කාල වලදී අපේ රටේ සාමාන්‍යයෙන් තෙල් මතු වෙනවා. හොරු අහු වෙනවා. බඩු මිල අඩු වෙනවා වාගේ විපර්යාස වෙනවා. ඒත් මම ඉහත සිද්ධිය බොරුය කියන්නේ නැහැ. ඒ ගැන ඉදිරියේදී අපිට පැහැදිලි වෙයිනේ. මේ අයගෙන් ගුවන් සේවිකාවට හැර අනිත් අයට මේ වාගේ හොරකමකටමොළයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. මෙහෙම බලනකොට වෙන හොරකමකට අහුවුණු කට්ටියකට මේ හොරකමටත් වග කියන්න වුණාද කියලා සැක කරන්නත් පුළුවන්. එහෙම සිද්ධි ගැන මෑත කාලේ ඉතිහාසය ශාක්ෂි දරනවා. ඒකයි මම එහෙම කියන්නේමේ සිද්ධිය තාම හරියටම අනාවරණය කරගෙන නැති බැවින් අපි මෙහෙම හිතමුකෝ. 'හොරකමකටහෝ මිනී මැරුමකට සම්බන්ධ ද්‍රව්‍යක්හෝ ආයුධයක් අපේ වත්තක තිබුණහොත් අපිටත් පොලීසි යන්න වෙන්න පුළුවන්'. (නි)
මේක විශ්වාස කරන්න අමාරු තත්වයක් (දී)
ඒ කටු ගෙයි බඩු ටිකමද? (දී)
අනේ මන්දා තව කොහේ තියෙනවාද කියලා? (දී)
අල්ලයි?........... තාම ෂුවර් නැද්ද? (දී)
පිළියන්දල කියන්නේ මගේ ගමනේ (දී)
මේ වගේ වැඩකරන පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබාදෙන්න.. (නු)
මීට පොලිසියේ ලොකු තනතුරක් දරන කෙනෙකුත් සම්බන්ධ බවට රාවයක් තියෙනවා නේද? ඇත්තද නම් මන්දා ඉතිං. (නි)
කවුද රගපාන්නෙ කියලා හෙට අනිද්දට පෙනෙයි..!!(නු)
මේ සැකකරුවන් හරි ඇති නේද නැත්නම් පවු අහිංසකයෝ..!!(නු)
අපේ ජාතික උරුමයන් වනසන ,මේ වගේ අයට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
පවට මිසක් පව් කාරයින්ට ගල් ගහල වැඩක් නෑ...(ස)
අල්ලයි?(දී)
මේක නම් විශ්වාශ කරන්නත් අමාරුයි. (නි)
කාන්තාවන් පළමුවෙන්..(ස)
"ඩුබ්ලිකේට්" භාණ්ඩ නිපදවන්න දක්ෂයන් ලංකාවේ සිටින බවත් අමතක නොකළ යුතුයි. (නි)
මෑත කාලයේ මහජනයා හා පොලිසිය අතර විශ්වාසය හීන වීමට හේතු සාධක වූයේ මේ සිද්ධිය වටා ගොඩ නැගුණු අසත්‍ය ප්‍රචාර බව නොරහසකි. මීට රටේ නායකයන් සම්බන්ධ බවත් ඒ නිසා පොලිසිය මුනිවත රකින බවත් කියවෙන ප්‍රචාරයක් යැවූ අපේම ඇතැම් දේශපාලඥයන් ගැන කාටත් හොඳින් මතකය. මෙය විසඳුණු එක දෙගොල්ලන් අතර සම්බන්ධතාව යළි දලු ලෑමට ඉවහල් වනු නොඅනුමානය. මේ පුවතට ලැබී ඇති ප්‍රතිචාර වලින් ම ඒ බව තහවුරු වන්නේය. එය මුලු රටේම යහපතට හේතු සාධක වනු ඇත. (නි)
මේ ප්‍රතිචාර දැක්කහම මට හිතෙන්නේ හාල් වල මිළ වැඩි කරලා පුන්නක්කු වල මිළ අඩු කළානම් හොදයි කියලයි. (නි)
අපේ සම-හරක් මිනිස්සුන්ට මොන දේ පැහැදිලි කරලා දුන්නත් තමන්ගේ මතයෙන් ඈත් වෙන්න අමාරුයිනේ. (නි)
එයාලටත් අයිතියක් තියෙන නිසායි එහෙම කළේය. (අ)
දැන් කී පාරක් ඇල්ලුවද? (නි)