තම පාර්ලිමේන්තු ආසනය යළිත් තමාට ලබාදෙන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ මන්ත්‍රී ධූරය නතර කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (9) ප්‍රතික්ෂේප කළේය.
විරෝධතා ගොනු කිරීම සඳහා ෆොන්සේකාට ලබන 27 තෙක් කල් ලැබිණි.
විජිත් මලල්ගොඩ හා එච්.සී.ඒ.මඩවල මහත්වරු ඉදිරිපිට මේ විභාගය පැවැත්වුණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරාල්ව උසාවිත් අරගෙන යනවා?? මට නම් හරිම තරහයි (නි)
සෙන්පතියාණෙනි, අපි ඔබ සමඟයි. මෙවැනි සුළු දේවල් පසුපස පන්නන්න එපා. වැඩක් නැහැ.ළඟ එන මහා මැතිවරණයට සුදානම් වෙන්න. (නි)
ඉවසන්න ජෙනරාල්තුමනි... (නි)
විජයබාහු, ඔයා කියන්නේ තාමත් අධිකරණය ස්වාධීන නැහැ කියලද එතකොට? (නි)
බලන්නකෝ තිබෙන සතුට... (නි)
මේ නම් අවස්ථාවාදියෙක්. කිසිම ප්‍රතිපත්තියක් නැහැ (නදී)
මේ තීරණේ දුන්න අය දැන් පරස්සම් වෙන්න. මේක යහපාලන සමයනේ (නදී)
එතකොට ජනතාවගේ තීරණය කල් ඉකුත් වෙයිද ? (නදී)
අනේ ජේනෙරාල් තුමෝ උණු වතුර ටිකක් නාල ගෙදෙට්ට වෙලා ඉන්න (නදී)
මෙයාලට කව්ද අප්පා ඡන්ද දෙන්නේ. මෙයාල දේශපාලනේ ගැන මොනවද දන්නේ?. පුළුවන්නන් පරණ විදිහට ඔය ටෙලිනාට්‍යයක් රගපාගෙන ඉන්න. අහල තියෙනවද කතාවක්, දැන වෙළදන්-නොදැන ගොවිතැන් කියල. (අ)
ජනරාල්තුමාගේ ඉල්ලීම්වල කෙළවරක් නැහැනේ. දැන් මුලික දේ ලැබුනානේ. පරදින නඩු දම දමා ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක්වෙන්න එපා. (බ)
මේක ජේ .වී .පි නිපුන ආරච්චි මහතාගේ මනාප ආසනය නේද ? අනේ පව් (නදී)
ජෙනරාල් තුමනි ඔබ තුමාගේ සියලු ප්‍රශ්ණ ඉක්මනින් විසදේවා (නදී)
ජනරාල් තුමනි ඉවසන්න ජනතාව තීරණය කරනකන්. (නදී)
ජයවේවා ජෙනරාල්තුමනි! (නි)
ජෙනරාල්තුමනි, ටිකක් ඉවසන්න. තව මාස කීයද තියෙන්නේ? (නි)