කොළඹ ජාතික කෞතුකාගාරයෙන් කඩු බස්තම් ඇතුළු මිල කළ නොහැකි පුරාවස්තු රැසක් සොරකම් කළැයි විශ්වාස කැරෙන පුද්ගලයකුගේ හැඩරුව දැක්වෙන පින්තූර දෙකක් පොලීසිය නිකුත් කර ඇත.
සොරකම පිළිබඳ ලැබුණු කටඋත්තරවලින් දුන් විස්තර අනුව මේ චිත්‍රය නිර්මාණය කර ඇත. මේ පින්තූරයේ දැක්වෙන්නේ ප්‍රධාන සැකකරු විය හැකි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරි නමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය සුරැකීමට වග බලා ගන්නා බවද හෙතම පවසයි.
සැකකරුගේ රූප විස්තර පහත පරිදි වේ.
1 මුහුණේ කුරුලෑ පිහිටා ඇත.
2 වයස අවුරුදු 30 ත් 35 ත් අතර අයෙකි.
3 උස අඩි 05 අඟල් 06 ක් පමණ වේ.
4 දත් මඳක් ඉදිරියට නෙරා ඇත.
5 දෙඅත්වල ඝනව රෝම වැවී ඇත.
දැනුම් දිය හැකි දුරකථන අංක-
මෙහෙයුම් මැදිරිය- 0112422176
පොලිස් අධිකාරී- 0722117620
පැය 24 පුරා- 0112320141 – 5
ෆැක්ස්- 0112380380
වෙනත්- 0773291500, 0770888539, 0783862214
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 1000000 ගන්න පුළුවන් ඉතින් ඔයා වැඩේට අනුබල දුන් කෙනාටම තමයි (දී)
මොහු මෙලොව නැත . ඕන කෙනෙක්ගෙන් අහන්න . (දී)
මේ කතාව නාටකයක් වගෙයි , අපේ ලංකාවේද කියලත් හිතෙනවා !!!! (දී)
මහජනතාව ගොනාට අන්ද වීමට ගන්න තවත් නිෂ්ඵල ප්‍රයත්නයකි ............බුද්ධියෙන් වටහාගන්න ......... (දී)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියලනේ කියන්නේ. (ත)
හරියට හරි රැවුල තියනවා. තොප්පියක් පළදිනවා. (ත)
කාටද මේ බොරු කියන්නේ? මහජනතාවටද? (ත)
ගම්පහ පොලිස් උත්සවයකදී ලොක්කෙක් කිව්වා මතකයි සතියකින් කටුගෙයි හොරුන්ව අල්ලනවා කියලා . තවම ඒ සතිය ඉවර නෑ වගේ?????????? (දී)
කොහොමද අපි මෙයාව හොයා ගන්නේ (දී)
මේ පාට ඇඳුමක් අන්දල තියෙන්නේ ඇයි. (අ)
මේ රොබෝ එකක්ද ඇත මනුස්සයෙක් ද (දී)
මට නම් පෙන්නේ ඔය අර පිල්.......න්, තුමා නොවැ, නැගෙනහිර අපේ උරුමයන් කාබාසිනියා කොරල දැම්මෙත් ඔය උන්දැ නොවැ, අගේ ඉදගෙන කන කනවා, මුන්දෑගේ ගෙදර සෝදිසි කරනම් හොද හොද පුරාවස්තු සොයාගන්න තිබුන. (සවි)
මෙහෙම දැම්මොත් හොරා හෙටම රට පනී. (ත)
අප්‍රිකාවෙ කෙනෙක්ද දන්නේ නැ කටුගේ කැඩුවෙ (දී)
රට යන අත ලංකාවේ ඉතිහාසයත් ඉවරයි. වර්තමානයත් ඉවරයි. අනාගතයත් ඉවරයි. අපි අසරණවෙලා බුදුහාමුදුරුවනේ. (සවි)
මටනම් මේගොල්ලො ගැන හරිම දුකයි. මෙකද අකමැත්තෙන් වුණත් කියන පදයට නටන්න එපායැ (අ)
හරිම කෙනාද මේ ඉන්නේ (දී)
හොරාට තියෙන්නේ අප්‍රිකානු පෙනුමක්..(ත)
ආයෙත් විනෝද සමය පටන් අරගෙන වගේ... (ත)
කටු ගෙට පැන්න හොරා මොහු විය හැකි ද ? මොහු විය නොහැක ! (දී)
දැක්ම හිනා යනවා නේද? (ත)
මේ දේවල් හරියට මිනිස්සුන්නට පෙන්නන්න හොද නාඩගහක් වගේ. කාටද මේ බොරු කරන්නේ? (ත)
මට නම් හිනා යනවා කවුද මේ නාටකයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය මේ ගොල්ලො හිතනවාද දන්නෑ ලංකාවේ වැසියෝ කන්නේ තණකොල කියල. ලංකාවට දෙවියන්ගේ පිහිටයි. (අ)
අපි කන්නේ බත්? (දී)
මෙයාගේ නම ඉන්න තැන මම හරියටම කියනවා. මගේ බැංකු පොතට ඉස්සෙල්ල 1000000 දාන්න ඕනේ! (දී)
ගොළුවන්ට කසාය දුන්නවගේද ? (දී)
මම හිතන්නේ.......... නැහැ. මම දන්නේ නැහැ (දී)
මේ නම් හොරා නෙවයි. ඒක100% විස්වාසයි (දී)
මේ වගේ මනංකල්පිත දේවල් පිලිගන්න මිනිස්සු ඉන්නතාක් කල් රටට දෙවියන්ගෙම පිහිට තමයි. කවදාවත් අහුවෙන හොරෙක් නෙවෙයි මේ හොරා. හොරට ජනතාව අහුවෙන පාටක් තමයි තියෙන්නේ.
කටුගේ කඩපු හොරට හිනාත් ඇති (දී)
"කටුගේ සැකකරු ළඟ තවත් රන් ගොඩක්" එසැනින් පුවත් තුලින් මීට කලින් දාපු නිව්ස් එකක තමා ඉහලින් තියෙන්නේ . දැන් කියනවා ෆොටෝ එකක් දාල තොරතුරක් දෙන කෙනෙකුට රු 1000000 ක් දෙනවා කියල . එතකොට කලින් අල්ලපු කෙනා නමේ කටුගේ කඩලා තියෙන්න. එහමනම් ඒ මනුස්සය ගාව තිබ්බ රත්තරන් කොහෙන් හොරකම් කරපු ඒවාද ? මට නම් මෙතෙන මොකක් හරි හොරයක් තියෙනබව කියල පෙන්නේ (දී)
අපි හොරාගෙ අම්මගෙන් අහමු...(නු)
මෙච්චරකල් පරීක්ෂණ කරලා කරලා හොයා ගත්තෙ පිංතූරයක් විතරයි වගේ..(නු)
(6) නහයට පහලින් කටක් ඇත ....... (ස.වි)
මේ හොරා ජීවතුන් අතර නැත..නැතහොත් තවම ඉපදී නැත..... (ස.වි)
මේ ප්‍රධාන සැකකරු විය හැකි ද?............... (ස.වි)
කාවද මේ රවට්ටන්න හදන්නේ...... (ස.වි)
කටුගේ කඩපු දවසෙ රෑ දෙකට පොලිස් කාර් එකකින් එනව දැක්කා කියපු ආරක්ෂකයකුගේ කන් අඩි පළලා තිබුණා. ඉතින් අනිත් අය නිකන් ඉල්ලගෙන කාවිද. කටුගේ බැරිනම් ඕනම ගෙයක් කඩාගෙන කාපල්ලා. අපිට මොකද ?
දැන් බොරු හොරෙක් හොයනවා කියලා අපි දන්නවා. දැන් මේ වගේ පෙනුම තියෙන අහිංසකයෙක් අල්ලාගෙන ඇවිල්ලා හත අටක් ඇන්නට පස්සෙ සියලු හොරකම් කම්මුතුයි. නිවාරණයි. තීන්දුයි. කොහොමද ටිකිරි මොලේ ? ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ ......... (ස.වි)
අනේ ඉතින් පවුනේ ද? මෙච්චර ගොඩක් තනියම උස්සගෙන යන්න ඇත්තෙ නේද? වාහනයක් එහෙම තිබිල නැහැ... අපි කවුරු කියලද හිතන් ඉන්නේ....මේ ජාවාරම කරපු ලොක්කො මේ ප්ලෑන් එක ගහල ඇති දැන් මේ මනුස්සයාව ඇරෙස්ට් කරලා පොලිසියේ නමයි තමන්ගේ නමයි රැකගන්න.මේ අහිංසක මනුස්සයා තව දවසකින් දෙකකින් කියයි මම තමයි මේක කලේ කියලා....හැබැයි ඉතින් හොද ගානක් ලැබෙන්න ඇති. (ස.වි)
රටේ ජාතික උරුමය විකුණන් කන අයට මොනවද කරන්න ඕන.....??????????
ලෝකේ ඉන්න හොඳම ගවයෝ ටික ඉන්නේ ලංකාවේ........... (ස.වි)
මෙයාව අල්ලල වැඩක් නෑ.....අනේ අනේ මිනිස්සුන්ව මෙහෙමත් ගොනාට අන්දවනවද ???? (ස.වි)
පසුගිය කාලේ පොලිස්පති කිව්වෙ මේ හොරු ටික වැඩි කල් නොගොස් නීතිය ඉදිරියට ගේනවා කියලා නේද? ඒ අය ගැන තොරතුරු තියනවා කිව්වා නේද? මේ කාටුන් දාලා මොකද්ද දැන් කරන්නෙ..(නු)
1 මුහුණේ කුරුලෑ පිහිටා ඇත. 2 මුහුණ හරිමැද නහයක් ඇත. 3 වයස අවුරුදු 30 ත් 35 ත් අතර අයෙකි. 4 උස අඩි 05 අඟල් 06 ක් පමණ වේ. 5 දත් මඳක් ඉදිරියට නෙරා ඇත. 6 දෙඅත්වල ඝනව රෝම වැවී ඇත. (දී)
මේ ඔක්කොම බොරු විහිලු (දී)
හොර වැඩ කරන්නේ කටු ගෙදරමයි. 1000000 එපා 1000 දෙන්නකෝ (දී)
මේකනම් අගහරු ලෝකෙන් ආපු කෙනෙක්ගේ වගේ. හොයාගන්නනම් ලැබෙන්නේ නෑ. (ත)
බොලං මේ මහත්තුරු එලියට දාල තියෙන්නේ අර ගොල්ෆ් ගහන ටයිගර් වුඩ්ස් ද කාගේද පින්තුරයක් නේද? (දී)
දැකපු අය හරියට දැකලා නැද්ද මෙයාට රැවුලක් එහෙම තියෙනවා..(නු)
ඇයි අර හොරු අල්ල ගත්තා කියුවේ. ගමේ කෙසෙල් හොරෙක්ද කොහෙද අල්ලාගෙන (දී)
අර රන් ජිත් ගෙන් අහල බැලුවනම් නරකද...? නෑ මන් කීවේ රන් වලට ජිත් කීවම රත්තරන් වලට අධිපති වගේ නිසයි මට එහෙම හිතුනේ. (ස.වි)
රැවුල දැම්මනම් හොරාව නියමෙට පෙනෙනවා..(නු)
අනිවාර්යෙන්ම මේ හාදයා මියගිහින් ඇති. ඒකයි බය නැතිව ඡායාරූපයක් ප්‍රසිද්ධ කළේ. (ත)
දියවන්නාව පැත්තේ එක්කෙනක් වගේද? (ත)
එතකොට අර ඉස්සරවෙලා අල්ලගත්ත මනුස්සයා රත්තරං ගොඩකුත් එක්ක.. එයා කොහෙන්ද ඒවා හොරකං කරලා තියෙන්නෙ...(නු)
කළින් කිව්වේ සුමාන දෙකෙන් අල්ලනවා කියලා නේද? දැන් සුමාන දෙක අවරයිනේ. (ත)
පුළුවනිනම් අල්ලන්න... බලන්න...(නු)
"ගමේකොල්ලා 2012-07-20 20:57:06 ගම්පහ පොලිස් උත්සවයකදී ලොක්කෙක් කිව්වා මතකයි සතියකින් කටුගෙයි හොරුන්ව අල්ලනවා කියලා . තවම ඒ සතිය ඉවර නෑ වගේ? (අ)
කවුද දන්නේ රැවුල කපල එනකොට මේ වගේද කියලා...... (ස.වි)
මේවා හොඳයි කොන්ඩේ බැදපු චීන්නුන්ට ...මේ ෆොටෝ එකේ කකුල් දෙක කාගෙද දන්නේ නෑ නේද ???.... (ස.වි)
මෙයා රගර් ක්‍රීඩකයෙක්ද? (ස.වි)
මේ කරන වැඩවලින් තමයි ආණ්ඩුවෙ නම කැත වෙන්නෙ.. බොළද වැඩ කරන්න එපා..(නු)
මෙයගෙ හැඩ හුරුකම් අනුව නම් මෙයා මනසික රොගියෙක් වගේ. (අ)
කෝ ඕනම දේ නෑනේ....... (ස.වි)
හොරකම මෙහෙයවපු කෙනාගේ මූණ පුරා රැවුල වවල තිබ්බ කියලා ආරන්චියි..... (ස.වි)
මේවා හොයන්න ගිහිල්ලා අපට මොනවා වෙයිද දන්නෙ නැහැ..(නු)
දෙ අත්වල විතරද ඝණව රෝම වැවිලා තියෙන්නෙ... අනේ අනේ තණකොල කන අය කියලාද හිතාගෙන ඉන්නෙ..(නු)
බොලං මේ කතාව නාටකයක් වගෙයි. මේව හොදයි කොන්ඩෙ බදපු චිනුන්ට................?????????????? (ස.වි)
මේ වගේ කෙනෙක් මම දන්නවා.... (ස.වි)
මගේ අම්බලමේ වළං වගේකුත් හොරකම් කරල තිබුණා.......
එතකොට මෙචචර විස්තරයක් කියන්න හොර ළගටම දකපු කෙනෙක් ඉන්න ඔනෙ නේ.... හොරාගෙ හඩරුව අහගත්ත කෙනාව අල්ල ගත්තනම් හරිනේ.. මේ බොරු වලින් ජනතව රවට්ටන්න බෑ ........... (ස.වි)
මෙයා විතරද තව අය නැද්ද? තනිවම ද කරලා තියෙන්නේ? (අ)
කෝ අද ආචාර්‍ය තුමාගේ අදහස් ඇත්තෙම නෑනේ..... (ස.වි)
හරි මගේ කඩෙත් කඩන්න ඇත්තෙ මයාම තමයි.. මෙයා අල්ලා අල්ලලා රුපියල් 250ක දඩයක් එක්ක මාස තුනක අත්හිටවූ සිර දඩුවමක් දෙන්න...(නු)
බොරු වැඩ....හැමෝම දන්නවා කවුද හොරා කියලා........ (ස.වි)
ශුවර් එකටම මෙයා කොටි නායකයෙක්..... (ස.වි)
කුරුණෑගල පැත්තේ කෙනෙක් වගේ..... (ස.වි)
මේ ඉන්නේ අරය නේද ? (ස.වි)
බොරු වැඩ....හැමෝම දන්නවා කවුද හොරා කියලා (ස.වි)
අත් දෙකේ විතරද තිබුණේ....... (ස.වි)
මේ රටේ ඉන්න මිනිස්සු හරිම බුද්ධිමත් (අ)
රැවුලක්වත් දැම්මොත් ටිකක් හරි අදුනගන්න පුළුවං වෙයි කියලා හිතෙනවා..(නු)
ඒ හොර දැන් ලොවෙත් නැ (දී)
මෙයාගෙ කකුල් දෙක සහ අත් දෙක ෆොටෝ එකකින් අරන් තියෙන්නෙ. මුන පරිගණකයෙන් හදලා. කකුල් දෙකේ ෆොටො එකක් තියෙනවනම් මුන වෙනස් කරේ ඈයි? මේකනම් අහින්සක මිනිස්සුන්ව අන්දන්න ඈදපු එකක් කියලා පේනවා. (අ)
මමයි හොරා ,,, මමයි හොරා .. පුලුවන්නම් අල්ලන්න (දී)
පොලිස් උසස් නිලධාරියෙක් කිවා හොරාව සතියෙන් අල්ලනවා කියලා, එකත් බොරු. කඩවත පෙත්තෙ කාවද අහිංසකයෙක් අල්ල ගත්තා හොරා කියල, එකත් බොරු. කටුගේ ලග හිටපු මුරකාරයෙක් අල්ල ගත්තා හොරා කියල, එකත් බොරු. දෑන් අමුතුම සෙල්ලමක් කරනවා . රටට ගිය කලක්. හෑමාදාම මිනිස්සුනව රටවටවා මිනිස්සුත් රෑවටෙනවා. පුදුම රටක්. ලොකේ කොහේවත් නෑතුව ඈති මෙහෙම රටක්. (අ)
රටම දන්නවනෙ හොරා කවුද කියල.ආයෙ මොනවද මේ පිස්සු වැඩ. (ස.වි)
හිනායනවා හලේ....... (ස.වි)
මටත් තානාපති කමක් දෙනවනම් කියනවා ටක්කෙටම (දී)
අපි මේවා දකින්න පව් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. කාවද මේ රවට්න්න හදන්නෙ..?(නු)
මම තමයි ඔය කියන හොරා....... (දී)
මේ අදහස් දක්වන අය කියල තියෙන දේවල් දැක්කම මර පිස්සු වගේ (දී)
ඇඳගෙන ඉන්න ඇඳුමේ පාට නම් හරි වගේ (අ)
නිකන් කාලය නාස්ති නොකර වැදගත් දෙයක් කළා නම් නොද හොඳ ආර්ථිකය කොච්චර නරක වුණත් මිනිස්සු තණකොළ කන්නේ නෑ. (අ)
ඔය මහ රෑ කටුගෙට බැහපු පොරගේ විස්තර දිහා බලනකොට අපට සැකයක් නෑ....එක්කෝ මේසන් බාස් කෙනෙක් නැතිනම් ටේලර් කෙනෙක් (උස හරියට මැනීමට) දත් දොස්තර කෙනෙක් (ඉස්සර දත් නෙරාද බලන්න) හම් විශේෂඥයෙක් (මුහුණේ කුරුලෑ සහ අත් රෝමයන් බලන්න) මේ සියළු හැඩහුරුකම් ඔය රෑ ජාමේ තිතට බැලිය හැකි ඉහත කී අය කටුගේ ළග ඉන්න ඇති....අනේ අපොයි !!!! (සවි)
ආටක නාටක , නියම විහිළුව......(සවි)
ඔච්චර දෙයක් දන්නවනම් කෙනාවත් දන්නවා ඇතිනේ....(සවි)
කවුරු උනත් මේ වස්තු හොරකම් කර කෙනාට හොඳක් නම් වෙන්න එපා.....(සවි)
කට්ටිය හිතනවා ඇති මිනිස්සු කන්නේ තණ කොළ , බොන්නේ පුන්නක්කු කියලා....(සවි)
මෙයා හරියට අපේ මෛත්‍රී වගේනේ .(සවි)
අපි ජනතාව බුද්ධිමත්..(නු)
කවුරු හරි රජ කෙනෙක්ගේ අවතාරයක්ද දන්නේ නෑ. (ත)
මේක මිනිසුන් නොමග යැවීමක්වත්ද?(නු)
අස්සයා පැනලා ගියාට පස්සෙනේ ඉස්තාලේ වහන්න කට්ටියටම මතක් වෙලා තියෙන්නේ.(ත)
නිල් කමිසයක් නේද ඇදගෙන ඉන්නෙ?(නු)
මේ කෙනාට ගමක් නෙද්ද ? (දී)
මේ රූපෙට සමාන රූපයක් කොහෙන් හොයන්නද?(නු)
මේ වෙනෙකොට හොරා ලංකාවෙත් නැතිව ඇති.. බඩු ටිකත් අරං රට ගිහිල්ලා ඇති.. (නු)
මේ ඡායාරූපයෙන් කොහොමද හොරෙක්ව අල්ලන්නෙ...(නු)
කිසිසේත්ම විය නොහැකිය..(නු)
මට හිතෙන්නෙ මේක නොඅල්ලා ඉන්න පොලීසියට ලොකු ඕනෑකමක් තියෙනවා කියලා. මහජනයා මේගැන දක්වන අවධානය තුනී වී යනකල් සතියට වරක් පමණ මොනවා කරනවා... කෝ දැන් අර අල්ලපු කඩවත රත්රන් ගුලි? කෝ අල්ලපු සැකකරුවෝ? (නු)
මීට මාසෙකට විතර කලින් කිව්වා නේද සති දෙකකින් හොරාව අල්ලනවා කියලා.. දැං මහජනයාගෙ සහාය ඉල්ලනවා..(නු)
තරිඳු ඔයා දන්නේ නැද්ද, නිල්පාට ඇඳුම් ඇඳලා තියෙන්නේ මොන පැත්තේ අයද කියලා? (ත)
කිසිම සැකයක් නැහැ.. මේවගේ පුදගලයෙක් ලංකාවෙ නම් නැහැ.. අපි අප්‍රිකවෙ වගේ රටක සෙවිය යුතුයි... (නු)
මෙයා දැන් ඉන්නේ ඉතියෝපියාවේ (දී)
කන්දක් විලිරුදාව දී මී පැටියෙක් වැදලා (දී)
මෙයා මම දන්නවා අමීබවගේ බාප්පා (දී)
ඔව්. ඔව්. මුහුණෙන් නම් නියම හොරා නෙවෙයි (දී)
මේ ඔක්කොම සැලසුම් සහගත වැඩ (දී)
මේ කතාවේ අග මුල හොයන්න මටනම් තේරෙන්නේ නැ. තව ටික දවසකින් තව දෙයක් කියයි (දී)
මෙයාගේ පින්තුරයක් කොටුව නගරය මැද්දේ ගහමු (දී)
ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා (දී)
කලින් කිව්වා නේද කටු ගෙයි නැති වෙච්ච කදු හොයා ගත්ත කියල. (දී)
මේ වැඩ කරන අයට සහ කරන්න උදව් වන අයට යහපතක් නම් සිදුවන්නේ නැහැ.. පුරාවස්තු මංකොල්ලය මෙලොව මෙන්ම පරලොවද දඩුවම් කර්මයන්ය..(නු)
"සොරකම පිළිබඳ ලැබුණු කටඋත්තරවලින් දුන් විස්තර අනුව මේ චිත්‍රය නිර්මාණය කර ඇත" ඇති යාන්තං කට්ටිය 3D සොෆ්ට්වෙයා එකක් ගෙන්නගෙන. මෙච්චර කල ඇන්ඳෙ පැන්සලෙන් නේද? ලොකු ගානක් දීලනෙ ගෙන්න ගන්න ඇත්තෙ, ඒ නිසා ඕකෙන්වත් වැඩක් උනොත් හොඳයි.(නු)
ඇයි ජනතාව මේතරම් අඥාණයි කියලා හිතන්නෙ.. (නු)
දැං මේ කවුරු ගැනද කියන්නෙ.. අල්ලපු කෙනාට මොකද උනේ.. මේවා බලලා අපට තමයි පිස්සු හැදෙන්නෙ..(නු)
එතකොට මෙයා ගැන කවුරුවත්ම දන්නේම නෑ ? (නි)
සරත් ෆොන්සේකා මහත්තයට රට බාර දෙන්න හොරු පැයෙන් අල්ලාවී. හොරු එකතු වෙලා රට පාලනය කරනකොට මීට වඩා දේවල් වුනත් බලාපොරොත්තු වෙන්න වෙනවා තමයි. (දී)
ඔය හොරු ගමන බිමන බෙන්ස් වාහන වල . දෙන්න 100000 දැන් (දී)
මටනම් සල්ලි එපා. මම කියන්නම් හොර කව්ද කියල. මට තානාපති කමක් දෙන්න (දී)
මමනම් දන්නවා මේ කවුද කියල. කියන්න බැ. මම සුදු වැන් වලට බයයි (දී)
අස් ඉදිරියට නෙරා තිබුනානම් මගේ මංගල අයියා වගේ (දී)
දෙකක් නෑ මේ ටයිගර් වූඩ්ස් ම තමයි (දී)
මේ වගේ බොරු වැඩ කරන්න එපා. මොකද මේ වගේ අසත්පුරුෂ වැඩ වලට සම්බන්ඳ වෙන අයට දිට්ඨ දම්ම වේදනීය කර්ම පඩිසන් දෙන්ඩ ගත්තාම අනේ අපොයි කියන්නවත් කවුරුවත් නැතිව යනව. දැක්කනෙ එක්කෙනෙක් කකුල් දෙක කඩාගෙන වින්ද දුකක්.(වි)
මෙයානම් හොයාගන්න බෑ. නියම කකුලක් තමයි ඇමතිතුමෙකුගේ. (ස)
හොරු කවුද කියලා ලංකාවේ හැමෝම දන්නවා. ඒත් පොලීසිය දන්නෙ නැහැ. (ස)
සමහරු හිතාගෙන ඉන්නේ මේ රට එයාලගේ බූදලයක් කියලයි.ඔහොම යමුකෝ. (නි)
අනේ අනේ .. මෙයා නොදන්නා අය තවත් ඉන්නවනේ ...?????? (නි)
හැමෝම දන්නවනේ හොරා කවුද කියලා. (නි)
පුදුම දේවල්නේ මේවා. මේ මනුස්සයා හොරකම් කළ බව දන්නවා නම් ඇය ඒ වෙලාවේ කවුරුවත් එයාව අල්ල නොගත්තේ? නිකන් මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා. අපි ඇත්ත දන්නවා. (නි)
කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ඕන දේවල් නේද මේ කොන්ඩේ බදින්නේ නැති අපිට කියන්නේ ...කටුගේ තියෙන්නේ මහා ගන කැලයක් මැද්දේ නිසා තමයි මේ හොරකම සිද්ද වුනේ කටුගේ කොලබ පිහිටුවා තිබුනානම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ .(ත)
කොළඹ ජාතික කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටවන ලද්දේ 1877 ජනවාරි 01 දිනය. එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි එහි ආදි කර්තෘ විය. ආචාර්ය පි. ඊ. පී. දැරණියගල යුගයේදී මෙම ආයතනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවක තත්ත්වයට පත්විය. (නි)
ජාතික කෞතුකාගාරයේ තුන්වන මැදිරිය වෙන්වී ඇත්තේ පොළොන්නරු යුගය වෙනුවෙනි. (ක්‍රි. ව. 1055-1235) අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමග පළමුවන විජයබාහු රජතුමා පොළොන්නරුව රාජධානිය බවට පත්කර ගන්නා ලදී. එතැන් සිට දීර්ඝ කාලයක් පොළොන්නරුව අග නගරය ලෙස පැවති අතර එම යුගයේ සුවිශේෂතා රැසකි. මෙම මැදිරිය තුළ දැකගත හැකි සුවිශේෂ කෞතුක භාණ්‌ඩ අතර පාර්වතී ප්‍රතිමාව (ක්‍රි. ව. 11- 12 සියවස) රන් ආලේපිත සමාධි බුද්ධ ප්‍රතිමාව, දැදිගම කොට වෙහෙරෙන් හමුවී ඇති ඇත් පහන ආදිය දැකිය හැකිය. ලාංකික ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් හෙළි කෙරෙන පනාකඩුව තඹ සන්නස ප්‍රදර්ශනයට තබා ඇත්තේ ද මෙම මැදිරිය තුළයි. පළමුවැනි විජයබාහු රජු විසින් බුදල්නා වෙත කරන ලද විශේෂ ප්‍රදානයක් පිළිබඳ පනාකඩුව තඹ සන්නසේ සඳහන්ව ඇත. මෙය ලාංකික රජකු විසින් කළ ප්‍රථම ප්‍රදානය ලෙස විද්වතුන් විසින් පෙන්වා දෙයි. (නි)
මිනිසා තුළ සහජයෙන් මෙන් පිහිටා තිබෙන අපූර්ව හෝ විශේෂිත දේ එක්‌රැස් කිරීමේ පුරුද්ද විසින් කෞතුකාගාර සංකල්පය බිහි කරන්නට ඇතැයි සිතිය හැක. කෞතුකාගාරයක් යනු යම් රටක ජනතාවගේ සංස්‌කෘතිය, ජීවන රටාව අතීත උරුමය පිළිබිඹු කරන කැඩපතක් බඳුය. අප රටේ අතීත උරුමයන්, එහි ඇති සුවිශේෂතා එක්‌තැන් කළ කෞතුකාගාර සංකීර්ණයක් පිහිටා ඇත. ඒ කොළඹ ජාතික කෞතුකාගාරයයි. (නි)