(සුමතිපාල දීයගහගේ)
හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (25) උදේ සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
ඉඩම් වෙන්දේසියකින් මෙම ඉඩම මිලදි ගෙන ඇති ඉංජිනේරුවරයෙක් එම ඉඩමේ පොල් පැළයක් රෝපණය කිරිමට වළක් කපමින් සිටින විට ජිව අත් බෝම්බය හමුවීමෙන් පසුව එම ඉංජිනේරුවරයා මේ බව හබරාදුව පොලිසියට දැනුම්දී ඇත.
ඒ අනුව බෝම්බය නිශ්ක්‍රිය කිරිමට යුද හමුදාවේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණෙන තෙක් එම බෝම්බය තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. හබරාදුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි නැගිටලා නම් හංගන්න එපා.
වෙලාවට ඉංජිනේරු මහතා බෝම්බය ගැන පොලිසියට කිව්වේ. එහෙම නොකරන්න මේකත් කොටින්ගේ වැඩක් කියලා මහා ප්රචාරක වැඩ පිළිවෙලක් දියත් කරාවි උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා.
ගම්මන්පිල උන්නැහේ කියාවි මේකත් කොටි බෝම්බයක් කියලා !
ඔය අහුවෙන්නෙ දැන් රටේ හැමතැනම .. ආණ්ඩුව මේවා වහනවා, මාධ්‍ය වලින් එළියට දෙන්නෙත් නෑ. මිනිස්සු කුපිත වෙයි කියලා බයට. ඒක තමයි ඇත්ත තත්වේ...