කහවත්ත කොටකෙතනදී එල් ඒ ප්‍රේමවතී (63) සහ ඇගේ දියණිය එච් පී පුෂ්ප කුමාරි (33) ජූලි මස 19 වැනිදා මරා පිළිස්සූ අපරාධකරුවන් සොයාගැනීමට තොරතුරක් දෙන කෙනෙකුට රුපියල් දස ලක්ෂයක පරිත්‍යාගයක් පරිනමන බව පොලීසිය කියයි. තොරතුරු සපයන අයගේ නම් හෙළි නොකරන බවද පොලීසිය කියයි. තොරතුරු පහත දුරකතන අංකවලට ලබා දිය හැකිය. 077 3350556, 077 7425960, 011 2422176, 011 2320141
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හතරබීරි කතාවක්නේ. ගෙට මීටර් 100 දුරින් තිබුන පොලිස් මුරපොලෙ හිටිය පොලිසියෙ අය දන්නෙ නැතිනම් අනිත් මිනිස්සු දන්නෙ කොහොමද ?
ඇමරිකාවෙ වගේ රටවල මිනිස්සුනං පොඩ්ඩ ඇත්තං 911 ට කතා කරලා සැක සහිත මොනවහරි දෙයක් තියෙනවනම් කියන නිසා ඒ රටේ අපරාදයක් කරන්න ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නෑ. අපේ රටේ අයත් රටෙත් එහෙම පුරුද්දක් හදාගත්තොත් මේ වෙන අපරාද ඔක්කොම අඩු වෙයි.........නැත්තන් ඉතින් හැමදාම එකතැනම තමයි ඉන්න වෙන්නෙ. (දී)
සල්ලි වලට නොවෙයි. වැරදි කාරයෝ අල්ලලා දේම අපේ යුතුකමක් (දී)
අමිල හරි. සල්ලි දෙන්නැත්තං ඔත්තුවක්වත් දෙන්නැති මිනිස්සු ටිකක් ඉන්න රටක් වෙලා මේක! ගිය පාරත් ඔය ගමේම වෙච්චි කේස් එකක් මාස ගානක් ඇදුන සාකිකාරයො නැතුව. හැබැයි සල්ලි දෙනව කියපු ගමන් ඔත්තුත් ලැබිලා පහුවදාම වැරදිකාරයොත් අහු උනා. මේකෙන්ම පේනවා අපේ රටේ සමහර මිනිස්සු කොච්චර ආත්මාර්තකාමීද කියලා. (දී)
මේකටත් අර කටුගෙයි කතාවට වෙච්ච දේම වෙයිද? (නි)
බොරු කියන්න එපා. සත 5 ක් දෙන්නේ නැහැ (දී)
මීට වැඩිය වගකීමකින් කටයුතු කරන්න ඕනෑ. (නි)
දැන් කට්ටිය උනන්දුවෙන් වැඩ කරන පාටයි. බොහොම හොඳයි. ඉක්මණට ඔත්තුවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
පොලීසියේ වැඩත් අපිටම කරන්ඩ වෙලා !(දී)
කරුණාකර නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න. අපි උදව් කළ යුතුයි සෙවීමට.
පොලිසිය දන්නේ නැතිනම් අපි කොහොමද දන්නේ
සල්ලි නොවෙයි. දන්න නිවැරදි තොරතුරක් ඇත්නම් එය ලබාදීම ජාතික මෙහෙවරක්. (නි)
මෙච්චර කල් මොනවාද කෙළේ (අ)
මිනිසුන්ගේ සහාය අවශ්‍යයි
අර බලසම්පන්න කපු මහත්තයාට බාරයක් වුණා නම් හරිනේ. (නි)
නරකද ස්කූබි ඩූටවත් කිවුවොත්? (නි)
ලොව සාමකාමී රට ලංකාවයි. (ස)
ලලිත් කවදාද කටාර් ආවේ? (නි)