කහවත්ත කොටකෙතනදී එල් ඒ ප්‍රේමවතී (63) සහ ඇගේ දියණිය එච් පී පුෂ්ප කුමාරි (33) ජූලි මස 19 වැනිදා මරා පිළිස්සූ අපරාධකරුවන් සොයාගැනීමට තොරතුරක් දෙන කෙනෙකුට රුපියල් දස ලක්ෂයක පරිත්‍යාගයක් පරිනමන බව පොලීසිය කියයි. තොරතුරු සපයන අයගේ නම් හෙළි නොකරන බවද පොලීසිය කියයි. තොරතුරු පහත දුරකතන අංකවලට ලබා දිය හැකිය. 077 3350556, 077 7425960, 011 2422176, 011 2320141
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොටකෙතන ඝාතන ඔත්තුවට ලක්ෂ දහයක් තෑගි
සෙනරත් Sunday, 12 August 2012 07:34 PM
මිනිසුන්ගේ සහාය අවශ්‍යයි
ෂරිෆ් Sunday, 12 August 2012 08:25 PM
මෙච්චර කල් මොනවාද කෙළේ (අ)
අමිල කටුනායක Sunday, 12 August 2012 08:47 PM
සල්ලි නොවෙයි. දන්න නිවැරදි තොරතුරක් ඇත්නම් එය ලබාදීම ජාතික මෙහෙවරක්. (නි)
මහන්ද Sunday, 12 August 2012 09:12 PM
පොලිසිය දන්නේ නැතිනම් අපි කොහොමද දන්නේ
සුනන්ද Sunday, 12 August 2012 09:12 PM
මේක හතරබීරි කතාවක්නේ. ගෙට මීටර් 100 දුරින් තිබුන පොලිස් මුරපොලෙ හිටිය පොලිසියෙ අය දන්නෙ නැතිනම් අනිත් මිනිස්සු දන්නෙ කොහොමද ?
ජනක Monday, 13 August 2012 12:16 PM
බොරු කියන්න එපා. සත 5 ක් දෙන්නේ නැහැ (දී)
දයා-සවුදි Monday, 13 August 2012 12:40 PM
මේකටත් අර කටුගෙයි කතාවට වෙච්ච දේම වෙයිද? (නි)
ජගත් චන්දන Sunday, 12 August 2012 11:22 PM
පොලීසියේ වැඩත් අපිටම කරන්ඩ වෙලා !(දී)
වරුන Monday, 13 August 2012 01:28 PM
අමිල හරි. සල්ලි දෙන්නැත්තං ඔත්තුවක්වත් දෙන්නැති මිනිස්සු ටිකක් ඉන්න රටක් වෙලා මේක! ගිය පාරත් ඔය ගමේම වෙච්චි කේස් එකක් මාස ගානක් ඇදුන සාකිකාරයො නැතුව. හැබැයි සල්ලි දෙනව කියපු ගමන් ඔත්තුත් ලැබිලා පහුවදාම වැරදිකාරයොත් අහු උනා. මේකෙන්ම පේනවා අපේ රටේ සමහර මිනිස්සු කොච්චර ආත්මාර්තකාමීද කියලා. (දී)
ලලිත් - කටාර් Sunday, 12 August 2012 01:50 PM
කරුණාකර නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න. අපි උදව් කළ යුතුයි සෙවීමට.
අමිල Monday, 13 August 2012 02:23 AM
දැන් කට්ටිය උනන්දුවෙන් වැඩ කරන පාටයි. බොහොම හොඳයි. ඉක්මණට ඔත්තුවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
නන්දික Sunday, 12 August 2012 02:28 PM
ලලිත් කවදාද කටාර් ආවේ? (නි)
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබිය Sunday, 12 August 2012 03:52 PM
ලොව සාමකාමී රට ලංකාවයි. (ස)
ප්‍රවීන් - මැනිලා Sunday, 12 August 2012 04:11 PM
නරකද ස්කූබි ඩූටවත් කිවුවොත්? (නි)
බු Sunday, 12 August 2012 04:25 PM
අර බලසම්පන්න කපු මහත්තයාට බාරයක් වුණා නම් හරිනේ. (නි)
කවීස Monday, 13 August 2012 02:49 PM
සල්ලි වලට නොවෙයි. වැරදි කාරයෝ අල්ලලා දේම අපේ යුතුකමක් (දී)
ශාන් Monday, 13 August 2012 03:16 PM
ඇමරිකාවෙ වගේ රටවල මිනිස්සුනං පොඩ්ඩ ඇත්තං 911 ට කතා කරලා සැක සහිත මොනවහරි දෙයක් තියෙනවනම් කියන නිසා ඒ රටේ අපරාදයක් කරන්න ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නෑ. අපේ රටේ අයත් රටෙත් එහෙම පුරුද්දක් හදාගත්තොත් මේ වෙන අපරාද ඔක්කොම අඩු වෙයි.........නැත්තන් ඉතින් හැමදාම එකතැනම තමයි ඉන්න වෙන්නෙ. (දී)
දමිත් Monday, 13 August 2012 09:28 AM
මීට වැඩිය වගකීමකින් කටයුතු කරන්න ඕනෑ. (නි)