IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටකෙතන ඝාතකයාට මරණ දඬූවම

(මනෝප්‍රිය ගුණසේකර සහ අප්සරා යෝෂිත් විජේසූරිය)

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මරණ දඬුවම අද (19) නියම කළාය.

අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර විත්තිකරුට මරණීය දඬුවම පැනවු විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.

ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය පෑන කඩා දැමුවාය. 

පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙනවිය අධිකරණයේ කටයුතුවලට සහාය දැක්වූවාය.



අදහස් (5)

කොටකෙතන ඝාතකයාට මරණ දඬූවම

Ratne Monday, 19 February 2024 05:26 PM

මරණ දඬුවම නියම කළාට ඒක ක්‍රියාත්මක කරන්නේ නැති එක රට මෙච්චර දුෂිත වෙන්න එක හේතුවක්...!

:       4       81

Amara Monday, 19 February 2024 06:15 PM

මිනිසුන් මරණවා, දරුවන් දූෂණය වෙනවා... පාලකයා තීන්දුව දීලා තියෙද්දී පඹයෙක් වගේ ඉන්නවා.

:       4       60

Asela Monday, 19 February 2024 06:24 PM

ප්‍රසිද්ධියේ වෙඩි තියලා බුලට් එකේ සල්ලිත් පවුලේ අයගෙන් අයකර ගන්න ඕනෑ.

:       2       56

viraj Tuesday, 20 February 2024 10:32 AM

මහා මොලකරු ජෝනා බේරුනා

:       0       4

සුරනිමල Tuesday, 20 February 2024 12:36 PM

මේ මනුස්සයා කී දෙනෙක් මැරුවද? අන්තිමට ජීවිතන්තය දක්වා හිරේ. දැන් මෙයාට කන්න බොන්න දෙන්නේ අපේ බදු සල්ලිවලින්. අර අටුලුගම දරුවා මරා දැමීමේ නඩුවේ තීන්දුව අවරුදු 27 හිරේ. ජීවිතයක වටිනාකම ඒකද. මිනිස්සු මරලා හිරේ ගිහිල්ලා අර මිනිස්සුන්ගේ පවුලේ අය ගෙවන බදු සල්ලිවලින් උන්ට කන්න දෙනවා.වෙනස් විය යුතුයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site