(සිරාජ් හසීම්)
යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මිහිදන් කර ඇති කිළිනොච්චියේ කනකපුරම් සොහොන ප්‍රතිසංස්කරණය කිරීම සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා තම විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇත.ඒ සදහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇත.
2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී,ඊ.සොහොන් කොත් 97 ක් තිබූ බවත් මෙම මුදලෙන් එම සොහොන් කොත් තිබූ ආකාරයටම සකස් කරන බවත් නව සොහොන් බිමේ වැඩකටයුතු නිරීක්ෂණයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ තීරණයක් සහ අවසරය සහිතව මෙම සොහොන ප්‍රතිසංස්කරණය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රභාකරන්ගේ පිලිමෙකුත් හැදුවනම් හරියටම හරි!
රටේ අනෙකුත් පලාත්වල ආදායමින් දෙන්නකෝ ත්රස්තවාදීන්ගේ සොහොන්කොත් හදන්න
ගත්ත ණය ගෙවා ගන්න බැරිව උතුරේ මිනිසුන් මිනිසුන් වස කා මැරේද්දි රටට පිළලයක් වු එල්.ටි.ටි.ඊ සංවිධානයේ ත්‍රස්ත නායකයින් සහ සමාජීකයින් වෙනුවෙන් නැවත ස්මාරක ඉදිකරන්න මේ මන්ත්‍රිවරුන් වැය කරන මුදල ගැන දෙවරක් රටේ බළධාරින් අවධානය යොමු කල යුතුයි. මේ ජනතාවගේ සංවර්ධනයට දුන්න ප්‍රථිපාදන මිසක් ස්මාරක ඉදිකරන්න දුන්න මුදල් නොවන බවත් මේ මන්ත්‍රිවරයා සිහියට ගත යුතුයි.
ඔය බලතල දීලත් නැතුව, දුන්නනම් කොහොමට හිටීද
එදා කොටි ත්රස්තවාදීන් මායිම් ගම්මානවලට පැන කිරි දරැවන්, ගැබිණිමව්වරැන්, දෙමව්පියන් කඩුවෙන් කෑලි කෑලි කපා මරාදමා මිනිස් බෝම්බ, බස් බෝම්බ වලින් මස් ගොඩවල් බවට පත්වූ අපේම මිනිසුන්ව ඩෝසරෙන් වලවල් කපා එක වලේ තිහ හතලිහ වලදමා අද කොටි ත්රස්තවාදීන්ගේ සොහොන් කොත් අපේම සල්ලි වලින් ප්‍රතිසංස්කරණය කරනවලු.... මේක අැත්තටම ජරාම රටක්...
කෝ මේ අගමැති ,ජනාධිපති. කොටි ලංකාවේ තහනම් ද ?
රටේ ජනාධිපති, ආරක්ෂක රාජ්‍ය ඇමති, පොලීසිය භාර ඇමති කොහෙද ඉන්නේ? රාජ්‍ය බුද්ධි මොනවාද කරන්නේ?
අනේ කාලේ වනේ වාසේ
කොටි සොහොන්කොත් ප්‍රතිසංස්කරණයට විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40 ක් ලබාදීම කිසිසේත් පිළිගත හැකි දෙයක් නොවේ. කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල වෙන්කර තිබෙන්නේ පළාත සංවර්ධනය සඳහා මිස සොහොන් හදන්න නොවන බව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොදන්නවාද ? පළාතේ බදු ගෙවන්නන්ට විශාල සේවයක් කිරීමට තිබු මේ අති විශාල මුදල යලි භාරදෙන ලෙස මධ්‍යම රජය ඔහුට බල කල යුතු වෙනවා. එමෙන්ම ඒ සඳහා පළාතේ සාමකාමී මහජන උද්ඝෝෂණයක් පවත්වා මේ මුදල් කන්දරාව යලි ඉල්ලා සිටිය යුතු වෙනවා ! කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබුනේ කොහොමද කියාත් පරික්ෂා කරන්න. මෙහෙම ගියොත් මහජන මුදල් කාබාසීනියා කරමින් මිනීමරු කොටි ත්රස්තවාදීන් වෙනුවෙන් "ටජ් මහල්" වැනි මන්දිරයක් හදන දිනය වැඩි ඈතක නොවනු ඇත !!!!!
කොහොමද වෙනස සැපයි නේද
මේ ඡන්ද ගන්නම කරන වැඩක්මත් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් හිතන්න වෙනවා. මේ කරන්නේ මැරිච්ච අයව වීරයන් කරන්න.
සංවර්ධනයයි සොහොන් කොතයි අතර සම්බන්ධය මොකක්ද? මේවා රජය මුදල් අවභාවිතයක්. නිත්‍යානුකුලව කටයුතු කරන්න.
යුද්ධයකින් මියයන්නේ මිනිසුන් බව ඇත්ත. සටන පැවතියේ බල අරගලයක් ලෙස නොව කුරිරු ත්‍රස්තවාදයකට විරුද්ධව මිස අහිංසක සිවිල් වැසියන්ට විරුද්ධව නොවේ. අපේ හමුදාවල අය තම ජීවිතය පුදා ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ භුමිය පමණක් නොව සෑම ජන වර්ගයකටම අයත් මිනිස් ජීවිතයි. ඒ නිසා යුද්ධයෙන් මියගිය හැම කෙනෙක්ම වීරයෙක් නොවන්නේ එහි එක පාර්ශවයක් මිනිස් කමට එරෙහිව අවි එසවූ නිසයි. වෙනත් වචන වලින් කිවහොත් එවැනි පාපතරයන් වල දමන්න උතුරේ වේවා දකුණේ වේවා එක බිම් අඟලක් වෙන් කිරීම යුද්ධයේදී දිවි පිදු විරුවන්ට කරන අවමානයක්.
සිංහලයා ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා. ජාතික කොඩිය පිළිගන්න බැහැ කියනවා , මේ රටේ ආණ්ඩුවක් නැද්ද එක එක නරින්ට ඕන විදිහට නටන්න දෙන්න..
ඔය සල්ලිවලින් දුප්පත් පීඩිත උතුරේ ජනතාවට යමක් කරනවකෝ ඒක ලොකු පිනක්. ඒ බව තමුන්ගේ අම්ම අප්පා හෝ ගුරුබවතුන් හෝ කියා දුන්නේ නැතිද ...