(උපාලි ආනන්ද)
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප‍්‍රබල සාමාජිකයෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ප‍්‍රකාශ කළාය.
එම පාපොච්චාරණය නිත්‍යානූකුලද නැද්ද යන්න පිළිබදව තීරණය කිරීම සදහා අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයේ තීන්දුව ලබා දෙමින් විනිසුරුවරිය මෙලෙස ප්‍රකාශ කළාය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධි චෝදනා ලබා දැනට රිමාන්ඩි කර සිටින කොටි මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබලයින් දෙදෙනා තවදුරටත් මාර්තු මස 21 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණ.
2000 වසරේදී තලාව වීරවැව ප්‍රදේශයට කඩාවැටුණු මෙම යානයේ සිටි රුසියානු ගුවන් නියමුවකු ඇතුළු 32 දෙදෙනෙක් මරණයට පත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd