කොටි සංවිධානයේ පින්තූර හා ලාංඡන ඇතුළත් මුද්දර අත්වැරැදීමකින් ‘ලා පෝස්ට්‘ ප්‍රංශ තැපැල් සේවකයන් නිකුත් කැර ඇතත් එම මුද්දර ප්‍රංශ තැපැල් සේවයේ නිල මුද්දර නොවන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයය කියයි. ප්‍රංශ නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.
‘නිශ්චිත කොන්දේසි හා වගකීම මත පෞද්ගලික ස්වරෑපයේ මුද්දර සීමාසහිත ප්‍රමාණයක් ඇනැවුම් කිරීමේ අන්තර් ජාල සේවාවක් ප්‍රංශයේ ‘ලා පෝස්ට්‘ තැපැල් සේවය හඳුන්වාදෙයි. මෙම සේවය යටතේ පුද්ගලයන් පිරිසක් ඉහත කී මුද්දර ඇනැවුම් කළ බව පෙනේ. එවැනි මුද්දර නිකුතුවක් සඳහා වන කොන්දේසි ඉටුකැර ඇද්දැයි සොයා ගැනීමට ‘ලා පෝස්ට්‘ අපොහොසත් වී ඇත. ඉන් ඇතැම් මුද්දර වැරැදීමකින් මුද්‍රණය කැර ඇත. කොටි සංවිධානය 2006 සිට ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා හවුලෙන් ලැයිස්තු ගත කැර ඇති බව ප්‍රංශ විදේශ අමාත්‍යංශයෙන් දන්වා ඇති හෙයින් එවැනි මුද්දර මින් මතු මුද්‍රණය නොකරන බව ‘ලා පෝස්ට්‘ සහතික වෙයි. ප්‍රංශ තැපැල් සේවයේ කොටසක් වන ‘ග්රූප් ලා පෝස්ට්‘ 1991 සිට ස්වාධීන, පොදු, කාර්මික හා වාණිජ ආයතනයකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි දිනක නොදකින සිහින