නයිජීරියාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මහා වනාන්තරය මැද දින නවයක් රදවා ගනිමින් පසු නිදහස් කල ලාංකික ඉංජිනේරු ඩි. ඒ. කරුණාදාස මහතා බේරාගැනීමට රුපියල් කෝටි 50ක කප්පම ගෙවූ බව ඉතාලි ආරංචි කියයි.
කරුණාදාස මහතාගේ නිදහස් වීම පිළිබඳව නයිජීරියාවේ වෙසෙන නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙක් මෙසේ පැවසිය.
‘ඇත්තෙන්ම ඔහුගේ ජීවිතය බේරා දුන්නේ මිහිපිට දෙවියන් වැනි ඔහුගේ හාම්පුතුන් වන ඉතාලි ජාතිකයි පිරිසයි. රුපියල් කෝටි 50 ගැන ඔවුන් හිතුවානම් අද කරුණාදාස මහත්තයා පොළොව යට වැළලිලා. මුදලට වඩා මනුෂ්‍ය ජිවිතයක ඇති වටිනාකම ගැන ඔවුන් ලෝකයට කිව්වා. ඉතාලි ජාතිකයින් ගැන මට තියෙන්නේ පුදුම පැහැදීමක්. මම ඉතාලියේ මාස කිහිපයක් ජිවත් උනා. ඔව්න් හරිම උතුම් ජාතියක්. මානව හිමිකම් ගැන කතා කරන ලෝකයේ දියුණු රටවල් දේශසිමාවක් හරහා තම රටට ඇතුළු වෙන සරණාගතයින්ට වෙඩි තියනවා. බලන්න ඉතාලිය දිහා. මුහුදු මාර්ග ඔස්සේ දහස් ගණනනින් පැමිණෙන සරණාගතයින්ට ඔවුන් සලකන විදිය. කන්න බොන්න, බෙහෙත් හේත් දීලා ඉඳුම් හිටුම් පහසුකම් සලසන මනුස්ස ගුණධර්ම ඉහළින් අගයන මිනිසුන් ජීවත්වෙන ඉතාලිය තව තවත් දියුණු වෙන්න ඕනෑ කියලයි මම කියන්නේ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉතාලියේ අවුරුදු 4 ක් සිටියා. ඒ අය උතුම් ගුණවත් අය. (නි)
මම ලංකාවේ අවුරුදු 44ක් හිටියා. ලංකාවෙත් අරකටයි මේකටයි හැමදේටම කප්පම් ඉල්ලනවා. ලාංකිකයොත් සුටුස් ගාලා ගෙවලා දානව. හැබැයි ඉතාලි මහත්වරුන්ට බොහෝම පින් අපේ ඉංජිනේරුවා බේරලා දුන්නට (නි)
ඒ රටෙවල්වල ඉපදෙන්න පින් කරන්ඩ ඕනේ (ම)
මම ඉතාලියේ අවුරුදු 4 ක් සිටියා, ලංකාවේ අවුරුදු 44ක් හිටියා. ඉතාලියේ වගේම ලංකාවෙත් හොද ගුණවත් උතුම් මිසිසු ඉන්නවා. එතුමා වැඩකරපු ආයතනයෙන් සමහර විට රක්ෂණයක් තිබුනද දන්නේ නැහැ (නදී)
අනේ ඔයා දන්නා බම්බුව, මම ඉතලියේ අවුරුදු 20 ක් හිටියා. ඉතාලි කාරයෝ හැමදේම කරන්නේ තමන්ගේ වාසියට ලංකාවට දෙවෙනි නැහැ. විශේෂයෙන් අාසියාතිකයන්ට කැපිල්ල .(නදී)
මේ මහතා ඉතා හොඳින් තමන්ගේ සේවාව ඉටු කරන්න ඇති. අන්න ඒ කාරණාවත් මෙහෙම හාම්පුතුන් ඉදිරිපත් වෙන්න හේතුවක් විය යුතුයි. නැති නම් කිසිම ආයතනයක් ආවාට ගියාට රැකියාව කල සේවකයෙකු වෙනුවෙන් මෙසේ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. (නදී)
එම මුදල ලබාගත් සංවිදානය හිතනවා ඇති දෙවියෝ අද අපේ මුහුණ බැලුව කියල. ඒ වගේම මේ මහතාත් ඒකම හිතනවා. එම මුදල දීපු සමාගම හිතනවා ඇති මේක දෙවියෝ අපේ මුහුණ දිහා බලපු වෙලාවක්, මේ ගෙවීම පෙන්වා ටැක්ස් වලින් යම් ප්‍රමාණයකට ගැලවෙන්න පුළුවන්. බලාගෙන ගියාම හැමෝම දිනලා; දෙවියෝන්ගේ ප්ලැන් තමයි ඉතින්. අර කියමනක් තියෙන්නේ දෙවියෝ ළඟ හැම දෙනාම සඳහා ප්ලැන් තියෙනවා කියල. නමුත් මෙවැනි ප්ලැන් නම් ඉතින් මාස්ටර් ප්ලැන්ම තමයි. මුලින්ම කොම්පැනිය හදන්න ඕන. ඊට පස්සේ මේ මහතාව එතෙන්ට සේවයට දාන්න ඕන. ඊට පස්සේ අර සංවිදානය හදන්න ඕන. ඊට පස්සේ පැහැර ගැනීම - එතැනදී කීප දෙනෙක් මැරිලා මේ මහතා විතරක් ඉතිරි වෙන්න ඕනා. ඊට පස්සේ වෙන විවිදාකාර ටෙලිපොන් කෝල්ස්, අරව, මේවා, එම්බසි එක (මේක වෙනමම වැඩක්)... කොච්චර දේවල් ප්ලැන් කරන්නද... සමහරවිට දෙවියෝ යටතේ තව කට්ටියක් වැඩ කරනවා ඇති මෙවැනි නරි නාටක ලියල අපිට පපුවේ අමාරුව හදවන්න. කොහොම වුනත් මේ මහතා දිවි බේරාගෙන පැමිණීමට හැකිවීම ගැන සතුටුයි. (නදී)
ලක්මාල් ට තියෙන්නේ ගුටි කන මූණක් වෙන්න ඇති. එකයි කැපිල්ල. (නදී)
කප්පම දුන්නා නම් හෙළිකරන්න බය මොකටද ? එහෙම දුන්නා නම් ඉතාලි නිව්ස් වල ඕක ලොකුවට උදේ - හවස දානවා එහෙම නැහැනේ. (නදී)
මැටිපහන, මෝඩ කතා කියල උතුම් දෙයක් අව තක්සේරු කරන්න එපා. ටැක්ස් වලින් අඩු කර ගන්නේ කොහොමද , දැන් ආදායම් බදු ආයතන දන්නවා මොවුන්ට කෝටි 50 ක් ගෙවන්න වත්කම් තියෙන බව. මුළු ජීවිත කාලයටම මේ ගණන් පදනම් කරගෙන තමා ආදායම් බදු හදන්නේ. දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න.(බ)
ලක්මාල්, ඔයා වගේ අය ඉන්නවා, ඉතාලි නෙමේ කොයි දීපංකරේ ගියත් වගතුවක් නැහැ. (බ)
ජනක , මම ගුටි කලානම් නැහැ ගුටි දීල තියෙනවා, යුරෝ වලට මම කොහෙත්ම රට පාවලා දෙන්නැහැ. මොකද හිතට අමාරුද ඉතාලියට විරුද්දව කතා කරනකොට.? (ර)
කපිලගේ කතාව හරියට හරි (නදී)
මමත් ඉතාලි සමාගමක වැඩ කරන්න පටන් අරං වසර තිස්පහක් වෙනවා ඉතාලි ජාතිකයන් ගෙන් මට නම් හොඳක් මිස අවැඩක් කවම දාකවත් වෙලා නැහැ සමහරුන්ගේ ක්‍රියා කලාප නිසා මිස නැතිනම් සංවේදී මිනිසුන්, අනිත් බටහිර ජාතිකයන්ට වැඩිය. (ර)
මම කියන්නේ මට පේන විදිහ. කාටහරි හිතට අමාරු නම් මට කරන්න දෙයක් නැහැ. කොයි රටෙත් හොද - නරක මිනිස්සු ඉන්නවා. දුන්නනම් හංගන්නේ මොකටද ? මොකක්ද තියෙන ප්‍රශ්නේ? අපේ ලංකාවේ ටික දෙනෙකුට වාසි උනාට , අන්තිමේදී බලනකොට උන් අපිව සුරන්කාලා. තේරෙනකොට රවලා (නදී)
කරපු පින් නිසා අද එතුමා කරදරයක් නැතිව බේරුනා. කරපු පව් නිසා එය අහුවූනා. එක නිසා හැමදෙයක්ම වෙන්නේ කුසල අකුසල මත. (ර)
මොහාන්, මම මේ ආර්ථික පැත්තෙන් කතා කරන්නේ. මනුස්සකම, උතුම් ක්‍රියා, හොඳ නරක පොඩ්ඩක් පැත්තකින් තියමු : ඔහොම සල්ලි දෙන එකෙන් කොම්පැනියට ලැබෙන වටිනාකම මම හොඳට දන්නවා. ඔය සල්ලි නිසා අනිවාර්යයෙන්ම ටැක්ස් එක අඩු වෙනවා, ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි ඔය විවිද සත්කාරක වැඩ සටහන්, ඒවා පෙන්නලා ජනතාව අතරට යන ගමන් ටැක්ස් එකෙනුත් යමක් අඩු වෙන බව කොම්පැනි දන්නවා. (ර)
ඉතාලි ජාතිකයන් ඇත්තටම හොද පිරිසක්. යුරෝපයේ බොහෝ ජාතීන්ට වඩා කාරුණිකයි. විශේෂයෙන් විපතේදී ඔවුන්ගේ සිත සැලෙනවා. ලක්මාල් ඔබ අවංකව වැඩ කරන්න එවිට ඔබටම වෙනස තේරේවි.ලෝකයේ හැම දෙනාගේම අඩු පාඩු කම් තියෙනවා. ඉතාලි ජාතිකයන් අනිකාට උදව් කරණ පිරිසක්. සුනාමියෙදී අපේ ලංකාවේ බොහෝ දෙනාට උදව් කළා.ඉතාලි ජාතිකය හැමදාම කළේ ඔවුන්ගේ කෙනෙක් ත්‍රස්තවාදීන් අල්ලගත්විට මුදල් දී බේරා ගැනීමයි. ඉතාලියේ පසුගිය කාලයේම ඔය දෙය සිදු උනබව ඉතාලියේ සිටින රටේ ලෝකේ සිදුවන දේ දන්නා අය දන්නවා. අපි කිසිත් නොබලා ඉතාලි ජාතිකයන්ට දොස් කීම වැරදියි. (කේ)
මටිපහන, ඔයා හරි, සල්ලි තිබුනට උගත්කම නැත්නම් වැඩක් නැහැ. ඉතාලි හිටපු අගමැති ( berlusconi ) පවා එයාගේ tax වලින්, එයාගේ wife ට ගෙවන වන්දි අඩු කරනවා . සම්පූර්ණ අගයම නොවේ යම් ප්‍රතිශතයක්. ප්‍රශ්නය එක නොවේ . ඇත්තටම කප්පම දුන්නද කියනඑක . කවුරුවත් එක සහතික කරේ නැහැ අද වනතුරු . (කේ)
ඉතාලියේ හොද වගේම නරක අය ඉන්නවා දන්නේ නැති අය නොදැන කතා කරන්න එපා. (ර)
ලක්මාල්, හරි මම තාම ඉන්නේ ඉතාලියේ ඉතාලියේ අය එහෙම තමයි. (ර)