ප්‍රසිද්ධ දේශපාලනඥයකු මිනුවන්ගොඩ හොරම්පැල්ලේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පෞද්ගලික අංශ විධායකයකුගෙන් රුපියල කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලූ බවට මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. පැමිණිල්ලක් ලැබී ඇතත් ඒ කාගෙන්දැයි නොදන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ මහතා කියයි. පසුගිය 26 වැනි දින දහවල් 12.00ට පමණ දුරකතන ඇමතුමකින් මෙම කප්පම ඉල්ලා ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි පුද්ගලයෙකු ගෙනි. අධිකරණයට කරුණු දක්වා අධිකරණ නියෝගයක් මගින් අදාළ ජංගම දුරකතන අංකයේ විස්තර පරීක්ෂා කර බැලීමට පොලීසිය සැරැසෙයි. ඔහු විසින් මිලට ගත් ඉඩමට තමා රුපියල් කෝටියක් වැයකළ බවත් ඉඩමද දැන් තමාට අහිමිව ඇති බවත් දේශපාලනඥයා ගැනුම්කරුට කියා ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකථන අංකය පරීක්ෂාකරල ඉවරවෙලා මාධ්‍ය ප්‍රකාශයක් කලානම් හොඳ නැද්ද? දැන් වෙන්නේ කප්පම් ඉල්ලපු අයට හැංගෙන්න කලින්ම අවස්ථාව දෙන එකයි
කප්පම්කරු කැළණිය පැත්තෙද?
ජාතිය වෙනුවෙන් මිනිස්සු පාරට බහිද්දි දේශපාලනඥයො කප්පම් ගන්නවා..
දේශපාලන මහත්තයෙක් සම්බන්ධනම් වැඩේ යට යනවා ෂුවර්..
මේකද ආශ්චර්ය කියන්නේ?
කොහොම වුණත් කප්පම්කරු ගම්පහ දේශපාලකයෙක් ද කොහෙද..
ඇයි නම දාන්න බැරි?
සෝමදාස, හරියට හරි පොලිසිය සැර්සෙනකොට අපි දන්නවා.
අන්තිමේදි කියයයි දුක සැප අහන්න කතා කළා කියලා?
පොලිසිය මෙවැනි රහස් කලින් එලි කරන එක වැරදියි.
මේකත් කප්පම්වලට ප්‍රසිද්ධ කෙනාගෙ වැඩක්ද කොහෙද?
ඇමැතිවරයකුගේ වැඩක්ද?
ගම්පහ දේශපාලකයා ගැන හැමෝම දන්නවා. පොලීසිය ඔය තරමටවත් එඩිතර වුණානම් ඇති.
දැන් කියයි බොරුවට ඇමැතිතුමාගෙන නම වෙන අය විකුණල කියලා..
පොලීසියට මොනවත් හම්බෙන්නේ නැතිව ඇති.
ඔය වැඩේ කරන්නේ නොදන්න කෙනෙක් නෙමෙයිනේ..
නීතිය කාටත් පොදුයිද බලමු..
හරි දැනුමක් නැති අයට ඡන්දය දීලා යවපු එකේ විපාකෙ