IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කෝටි දෙකහමාරේ කප්පම වරදී

ප්‍රසිද්ධ දේශපාලනඥයකු මිනුවන්ගොඩ හොරම්පැල්ලේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පෞද්ගලික අංශ විධායකයකුගෙන් රුපියල කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලූ බවට මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. පැමිණිල්ලක් ලැබී ඇතත් ඒ කාගෙන්දැයි නොදන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ මහතා කියයි. පසුගිය 26 වැනි දින දහවල් 12.00ට පමණ දුරකතන ඇමතුමකින් මෙම කප්පම ඉල්ලා ඇත්තේ මිනුවන්ගොඩ  පදිංචි පුද්ගලයෙකු ගෙනි. අධිකරණයට කරුණු දක්වා අධිකරණ නියෝගයක් මගින් අදාළ ජංගම දුරකතන අංකයේ විස්තර පරීක්ෂා කර බැලීමට පොලීසිය සැරැසෙයි. ඔහු විසින් මිලට ගත් ඉඩමට තමා රුපියල් කෝටියක් වැයකළ බවත් ඉඩමද දැන් තමාට අහිමිව ඇති බවත්  දේශපාලනඥයා ගැනුම්කරුට කියා ඇත.



අදහස් (0)

කෝටි දෙකහමාරේ කප්පම වරදී

අලි ජේමිස් Friday, 02 March 2012 09:00 PM

දුරකථන අංකය පරීක්ෂාකරල ඉවරවෙලා මාධ්‍ය ප්‍රකාශයක් කලානම් හොඳ නැද්ද? දැන් වෙන්නේ කප්පම් ඉල්ලපු අයට හැංගෙන්න කලින්ම අවස්ථාව දෙන එකයි

:       0       0

සෝමදාස Friday, 02 March 2012 09:21 PM

කප්පම්කරු කැළණිය පැත්තෙද?

:       0       0

කෝරලේ මහත්තයා....... Friday, 02 March 2012 10:12 PM

ජාතිය වෙනුවෙන් මිනිස්සු පාරට බහිද්දි දේශපාලනඥයො කප්පම් ගන්නවා..

:       0       0

සමන් Friday, 02 March 2012 10:35 PM

දේශපාලන මහත්තයෙක් සම්බන්ධනම් වැඩේ යට යනවා ෂුවර්..

:       0       0

අනිල් Friday, 02 March 2012 10:53 PM

මේකද ආශ්චර්ය කියන්නේ?

:       0       0

නයිවල තෙපානිස් Friday, 02 March 2012 10:56 PM

කොහොම වුණත් කප්පම්කරු ගම්පහ දේශපාලකයෙක් ද කොහෙද..

:       0       0

ප්‍රසන්න Friday, 02 March 2012 11:28 PM

ඇයි නම දාන්න බැරි?

:       0       0

Rio Saturday, 03 March 2012 01:04 AM

සෝමදාස, හරියට හරි පොලිසිය සැර්සෙනකොට අපි දන්නවා.

:       0       0

උපුල් Saturday, 03 March 2012 01:41 AM

අන්තිමේදි කියයයි දුක සැප අහන්න කතා කළා කියලා?

:       0       0

ලාල් ගලබඩ... Saturday, 03 March 2012 01:46 AM

පොලිසිය මෙවැනි රහස්‌ කලින් එලි කරන එක වැරදියි.

:       0       0

සේන Saturday, 03 March 2012 01:58 AM

මේකත් කප්පම්වලට ප්‍රසිද්ධ කෙනාගෙ වැඩක්ද කොහෙද?

:       0       0

රනිල් Saturday, 03 March 2012 03:18 AM

ඇමැතිවරයකුගේ වැඩක්ද?

:       0       0

චමින්ද Saturday, 03 March 2012 07:52 AM

ගම්පහ දේශපාලකයා ගැන හැමෝම දන්නවා. පොලීසිය ඔය තරමටවත් එඩිතර වුණානම් ඇති.

:       0       0

චන්දු Saturday, 03 March 2012 09:14 AM

දැන් කියයි බොරුවට ඇමැතිතුමාගෙන නම වෙන අය විකුණල කියලා..

:       0       0

ril Saturday, 03 March 2012 12:06 PM

පොලීසියට මොනවත් හම්බෙන්නේ නැතිව ඇති.

:       0       0

ප්‍රසාදනී Saturday, 03 March 2012 01:12 PM

ඔය වැඩේ කරන්නේ නොදන්න කෙනෙක් නෙමෙයිනේ..

:       0       0

මොහොමඩ් Saturday, 03 March 2012 01:25 PM

නීතිය කාටත් පොදුයිද බලමු..

:       0       0

Nirandana Attygalle Saturday, 03 March 2012 06:15 PM

හරි දැනුමක් නැති අයට ඡන්දය දීලා යවපු එකේ විපාකෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 722 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site