සිතුම් චතුරංග
අලෙවි කිරීමට සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හසීෂ් මත්ද්රව්ය කිලෝ 34ක් සමඟ ධීවරයකු තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්රදේශයේදී මන්නාරම විශේෂ කාර්ය බළකාය හා මත්ද්රව්ය නාශක කාර්යංශය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ගෙන්වන ලද හසීෂ් නැමති මෙම මත්ද්රව්ය තොගයක් අලෙවිකිරීම සඳහා ගැනුම්කරුවකු සොයන පුද්ගලයකු පිළිබද මන්නාරම මත්ද්රව්ය කාර්යංශය වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් උපායධූතයකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි.
සැකකරුගේ නිවසෙහි කාමරයක බැරලයක බහා මෙම තොගය සඟවා තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුහුද මැද්දෙන් මහා උසට තාප්පයක් ගහලා ඉන්දියාව කියන කාලකන්නි රටට අපේ රට පෙනෙන්නේ නැතිවෙන්න තියන්න ඕනෑ. අපේ රටට කෙලවෙනකන් මේ අයට නින්ද යන්නෙම නැහැ වගේ.
කට්ටිය හොයන්නේ බලන්නේ නැතුව කලින් ජනාධිපතිට චෝදනා කළාට මත්ද්රව්ය පැමිණීම නොනවත්වා කෙරෙනවා වගේ !!