(ටී.කේ.ජී.කපිල, ප්‍රසාද් මුතුකුඩ )
රුපියල් කෝටි 2 ක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (10) අලුයම අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිසිය පවසයි.
මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අලුයම 2.15 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණ ගුවන් තොටුපොළ පිටත පර්යන්තය ඔස්සේ, පිටතට ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
තම කරේ එල්ලා ගෙන පැමිණි කුඩා බෑගයක් තුළ මෙම රත්තරන් බිස්කට් 20 සඟවා ගෙන පැමිණ තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd