නාරාහේන්පිට පොලිස් රෝහලේ ගබඩා කොට තිබු රුපියල් කෝටි දෙකකට අධික ඖෂධ අස්ථාන ගතවී ඇති බව පොලිස් රෝහලේ කටයුතු සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදී හෙළි වු බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතාට දැනුම් දුන්නේය.
පොලිස් රෝහලේ ඖෂධ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණ වලදී මේ බව හෙළි වු බව දැනුම් දුන් රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බවද දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පොලිස් රෝහලේ අරක්කැමි ක‍්‍රිස්ටෝපර් ඇන්ටනි සහ එහි ඹෟෂධවේදී බන්ධුල විජේවීර සහ නාරාහේන්පිට ඔසුසල් හිමියකු වන රුචිර සන්ධ්‍යාසිරි හේවාවසම් නමැති පිරිස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
සැකකරුවන් ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අතර දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බව කියන සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ බඩු පොලිස්සියට පරිස්සම් කරගන්න බැරිනම්. අනිත් බඩු ගැන මොනවා කියන්නද (බ)
අර හැමදේටම සර් කිය කියා ටෙලිෆෝනයෙන් කතාකරන ලොකු මහත්තයා මේ ගැන මොනවද කියන්නේ ආයුබොවන්ඩ? (නි)
කලියුග කාලෙ පොලිසිය හොරු වෙලා හොරු පොලිසිය වෙලා නේද? (නි)
මේ අපිව හොරුන්ගෙන් බේරාගන්න ඉන්නා පොලිසියද? හරි ෂෝක්. (නි)
ඕකට තව ටෙන්ඩර් මගඩි දෙක තුනකුත් එකතුවෙලා නැත්නම් කමක් නැහැ. (නි)
හැමදේටම හොරාගේ අම්මාගෙන් පේන අහන කාලේ මේකත් වැඩක්ද. (නි)
විද්‍යා, ඒවා පරෙස්සමට තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. වෙන කවුරුහරි හොරකම් කරාවි කියලා සැකේට! (නි)
හොරා කියන එකා බෝඩ් ගහගෙන නැහැ, මම හොරා කියලා. ඔවුන් හැම ආයතනයකම ඉන්නවා. විශේෂයෙන්ම රටේ උත්තරීතරම ආයතනය ලෙස සැළකෙන පාර්ලිමේන්තුවේත් හොරු ඉන්නවා නම් අනිත් තැන් ගැන කවර කතාද? (නි)
අයියෝ මෙහෙම පොලිසියක්! (බ)