
(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සංචරණ සීමා උල්ලංගණය කරමින් ජාවාරම් කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයකු කැලණිය වණවාසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ 8 අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පොලිස් වසමේ වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉිදිරිපිට දී සිදුකළ මෙමා වැටලීමෙන් අයිස් කිලෝ 01 ග්‍රෑම් 666 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය යමින් සිටි කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇතැයි ද එම බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුව ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සැකකරු සහ නඩු භාණ්ඩ පහර දුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් අල්ලා ගත් පසු, මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය ගබඩා කරන්නේ කොහේද? ඒ සඳහා ආරක්‍ෂිත ස්ථානයක් තිබේද, මෙතරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබීමෙන් පසු කුමක් සිදු වේද සහ ඔවුන් කරන දේ, මත්ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවට මෙම මත්ද්‍රව් ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩක් තිබේද? පොලිසිය හෝ නාවික හමුදාව සිදු කළ මැදිහත් වීමක් ගැන පමණක් අපට අසන්නට ලැබුණේ, පසුව සිදු වූයේ කුමක්ද? නැවතත් මෙම අලෙවි නියෝජිතයින්ටම නැවත පැමිණීමද?