(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හයක් අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම ආසන්නයේ සඟවා තිබියදී සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
මෙම මත්කුඩු තොගය කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම අසළ පාලු පෙදෙසක සඟවා තිබූ බවද පොලිසිය කියයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් අනුව එය සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ අල්ලනවා කියන මත්කුඩුවල ගණන් මිනුම් ගැන සැකය කොච්චර අල්ලනවා කිව්වත් කුඩ්ඩන්ට කුඩුවල හිඟයක් නැහැ...
අම්බලන්තොට ඇල්පිටිය මාර්ගයේ නොව අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය විය යුතුයි.