මහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළදසලක රෙදි තොගයක් අතර තිබූ කොටිනායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ රුවද ඊලාම් රාජය්‍යක් සඳහා යෝජනා කර තිබූ ප්‍රදේශ යැයි කියන ස්ථාන සලකුණු කළ ටී ෂර්ටයක් තිබී හමුවූ බව මහනුවර පොලිසිය පවසයි.
කඩයට ලැබුණු රෙදි තොගයක් විවෘත කර බැලිමේදි එය දුටු පසු අදාළ වෙළඳසලේ හිමිකරු මහනුවර පොලිසියට ඒ බව දැනුම් දි ඇති අතර රෙදි එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිත බව පොලිසිය කියයි.

COMMENTS
මේවා ගැන සොයන්න විශේෂ එ්කක තිබුනා නේද? ඒවා දැන් විසුරුවලද? (නි)
ගෝනි ඇතුළේ නොයෙක් වර්ගයේ ඇඳුම් තියෙනවා. මේකත් එකක් විතරයි. මේ ඔක්කොම පිටරටින් එවන පරණ ඇඳුම් (නි)
සිරිසේන නිදිද තවම පත්තර ගෙනත් නැද්ද (බ)
මේ රටේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කොපමණ කලක් යාවි ද (බ)
මේක තමයි අපි පතපු සැබෑ වෙනස ඉස්සරහට තව තව හොද දේවල් බලා ගන්න පුළුවන්. (බ)
ශෝක් හරි ශෝක් තව ඒවා හමු වේවි . තව කල් යනකොට (බ).
මෙය ප්‍රංශ භාෂාවෙන් මුද්‍රිත ඇඳුමක්.සමහරවිට ලංකාවෙන් ප්‍රංශයට යැවීම සඳහා තොග නිෂ්පාදනය කරන තැනකින් වැරදීමකින් මහනුවර රෙදි කඩයට එන්න ඇති. ප්‍රංශේ ඉන්න කොටි හිතවාදීන් ප්‍රසිද්ධියේ කොටි ලාංඡනය සහිත නොයෙකුත් වර්ගයේ දේවල් පළඳිනවා.අනිවාර්යෙන්ම මේ ගැන සොයා බලා ලංකාවේ සිට ක්‍රියාත්මක වන කොටි ක්‍රියාකාරකම් නැවත්වීමට පියවර ගන්න. (බ)
මේක දෙන්න තමා ඔය නොර්වේ අරෙහෙ මෙහේ කාන්ඩේ නිතරම ලංකාවට එන්නේ. (බ)
විජයභා කොල්ලයේ රජතුමා කියුවා " අහෝ සේනාධීර ..අද ඔබ නැති පාඩුව මට දැනේ" කියල . අපිටත් කවදා හෝ එහෙම හිටපු ආරක්ෂක නායකයෙකුගේ නමක් කියල අමතන්න වේවිද මන්ද. (බ)
සිරිසේන මහත්තයාගේ සන්හිදියාවට බාධා නොකර ඔන්න ඔහේ ඔය ටී ශර්ට් ටික විකුණා ගන්න ඉඩ දෙනවා. අදින්න කැමති එවුන් ඇඳගෙන ගියාවේ. තව ටික කලකින් කොළඹ, නුවර පරිසරේ ඉතාලිය ප්‍රංශය වගේ කොටි ඇඳුම් ඇඳගත් ඩයස්පෝරා කට්ටියගේ දර්ශනේ ඇතිවේවි. (බ)
තිස්ස, ඕවා කතා කොරන්න එපා ජාති වාදේ අවුස්සනවා කියාවි. (ර)
නෑ නෑ මටනම් හිතෙන්නේ, නිවැරදි දෙයක් මේ විදියට වැරදියට පේනවා කියලා, කෝ දැන් අර ඊළම කොහේතියන එකක්ද කියලා අහපු තොත්ත බබාලා? (ර)
දෙවියනේ! මොනවද මේ වෙන්න යන්නේ? (නි)
මෙන්න... ආණ්ඩු පෙරලන්න තුරුම්බුවක් හොය හොයා හිටියේ... (ර)
මේ තමයි සංහිඳියාවේ පෙර මග සලකුණු. (ර)
අපි දැන් ඉතින් තුරුම්ප්පු ගැන හරි, වෙන මොනවා ගැන හරි හිතල, කියල, අපේ හිත් හදාගමු. (බ)
මේවා දැන්ම නැවත් විය යුතුයි . ගස මෝරා වැඩීමට පෙර මුදුන් මුලින්ම උපුටා දැමිය යුතුයි.. වගකිව යුතු පුද්ගලයින් හා ඒ සඳහා ඇති විශේෂ පොලිස් ඒකකය මගින් මේ වෙළඳ සල ඇතුළු තවත් ස්ථාන තිබේදැයි දැඩි පරික්ෂාවට ලක් කොට ඒ කඩ හිමිගෙන් ප්‍රශ්නකර කොහොමද ආවේ කවුද ගෙනාවේ කොහෙන්ද යන්න සොයා ගත හැකිවේ .(බ)
අනේ අපොයි! අායෙත් නිදහසේ බස්වල කෝච්චි වල ගිහින් ඉවරයි. තව ටික කලකින් තැන තැන අපේ කෑලි අහුලන්න පුළුවන් වෙයි. කොටියා කොටියාමයි. (නි)
ඔය පටන්ගැන්ම විතරයි (නි)
නියපොත්තෙන් කපන්න හැකි දේ පොරොවෙන් කැපියයුතු කාලය එනතෙක් නොසිටින්න (නි)
මිනිසුන් දහස් ගණනක් ඝාතනය කර, රටේ දේපල විනාශ කර, පොඩි ළමුන් සටනට යැවූ ප්‍රභා දැන් අපායේ ඊළාම් කොඩිය ඔසවාගෙන ඉන්නවා ඇති. (නි)
හා..හා..බලාගෙන. මොකුත් කියන්න එපා. සංහිඳියාවට බාධාවෙයි. (නි)
නායකයනි, රන් තැටියේ කිරි පෙව්වත් නයා නයාමය. දුටු තැන දෂ්ට කරනවා (නි)
එල් ටී ටී එක ටික ටික කරලියට එනවා...? (ර)
අම්මෝ සමහරුන්ගේ සතුට මේක දැක්කහම...! (නි)
අනේ ඔව් හරිම සතුටුයි, අපි කිරිබත් කමුද ඉක්මනට?