IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොටි චිත්‍රපටයට රතු පැන්සල

එල්.ටී.ටී.ඊ සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “පෝර්කලත්ති ඔරු පූ” චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කර තිබේ.

 චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ. ගනේෂන් විසින් ඊට අදාළ අනුමැතිය ඉල්ලා සිටියත් ඉන්දීය චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය  එය ප්‍රතික්ෂේප කර ඇතැයි එරට පළවන හින්දු පුවත්පත කියයි.

ඉසිප්‍රියා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් බහුල අවධියේ ඔවුන් විසින් පවත්වාගෙන ගිය බව කියන රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක ලෙස සේවය කළ අතර 2009 අවසන් සටනේදී ඇය මියගොස් තිබිණ.ඇයගේ ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කළ බව එහි අධ්‍යක්ෂ කේ. ගනේෂන් පවසා තිබේ.එහෙත් එය ඉන්දියාව තුළ හැර වෙනත් ඕනෑම රටක කිසිදු කොටසක් ඉවත් නොකර ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.

මීට විරෝධය පළ කරන කේ. ගනේෂන් පවසන්නේ අසල්වැසි ශ්‍රී ලංකාව මිත්‍ර රටක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? යන ලෙසයි.
යුද්ධයේදී සිදුවූ අමානුෂික ඝාතන ගැන චිත්‍රපටියකින් විවේචනය කිරීමට පවා ඇති අයිතිය අහිමි කර ඇති බවත්, මීට පෙර තමිල්නාඩු ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාව මිත්‍ර රටක් නොවන බවට යෝජනාවක් සම්මත කර ඇත්තේද මෙවන් හේතු මත බව, ඔහු පෙන්වාදී තිබේ.

ඉසිප්‍රියා සම්බන්ධ චිත්‍රපටය පමණක් නොව යුද ගැටුම් අලලා නිර්මාණය කළ ‍චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය තහනම් කෙරුණු අතර එහි උණුසුම් කතා බහ මතු වූයේ චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කළ නෝ ෆයර් සෝන් චිත්‍රපටයට අදාළවය.

කෙසේ වුවද මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් ඉන්දීය චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය පවසා ඇත්තේ අසල්වැසි රට සමග පවත්නා මිත්‍ර සබඳතා පළුදුවිය හැකි ක්‍රියාවකට අවසර දිය නොහැකි බවයි.චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වන සිනමා පනතේ නීතිවලට යටත්ව  එයට අවසර දිය නොහැකි බව එම මණ්ඩලය පවසා ඇති බව ඉන්දීය හින්දු පුවත්පතේ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.



අදහස් (0)

කොටි චිත්‍රපටයට රතු පැන්සල

විජයබාහු Tuesday, 26 May 2015 09:11 AM

අැයි අපේ යටත් මේ වගේ චිත්‍රපටි හදන්න බැරි ඇත්ත තත්වේ දාල. අර ගාමිණී චිත්‍රපටිය වගේ (බ)

:       0       0

විදුර Tuesday, 26 May 2015 10:21 AM

ඉන්දියාව අසල්වැසි අපේ රට ගැන හිතුවාට මේ කියන චිත්‍රපටියට අපේ දෙමුහුන් කට්ටිය අනුමත කරන්න ඉඩ තිබෙනවා. (ස)

:       0       0

ෂේන් Tuesday, 26 May 2015 10:57 AM

ඕක ලංකාවේ පෙන්වන්න උත්සාහ කළොත් කැමැති වෙන අයත් ඉන්නවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site