(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි මුහුදු වෙරළේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තිබූ මොටාර් උණ්ඩ රැසක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.
මන්නාරම් තාල්වුපාඩු ධීවරයකුට මුහුදු වෙරළේ වළදමා තිබූ යකඩ පෙට්ටියක් මතු වීමෙන් ඒ පිළිබඳව සැක සිති ධීවරයින් පිරිසක් විසින් පේසාලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව මෙම උණ්ඩ තොගය සොයා ගෙන තිබේ.
මෙම පෙට්ටියේ තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක් හා මිලිමීටර් 61 වර්ගයේ මෝටාර් උණ්ඩයක් හමු වී ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදැමූ මෝටාර් උණ්ඩ තොගයක් බවට සැකකරන බවටත් මන්නාරම් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකටද අනුව එම මොටාර් උණ්ඩ විනාශ කිරීමට පියවර ගන්නා බවත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැඩිදුරටත් කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු නැගෙනහිර පුරාම වලලපු ආයුධ තිබෙනවා. එම නිසා පළාත් දෙකම කණපිට ගහලා සෝදිසි කරනතුරු හමුදාව ගන්න එපා