IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කේට් කුමරියගේ උපන්දිනය

1405962237_kate-middleton-prince-william-george-zoom    

 

ජනවාරි 9 දා කේට් මිඞ්ල්ටන් නොහොත් කේම්බි්‍රජ් ආදිපාදවරිය ඇගේ 34 වන උපන්දිනය සැමරුවාය. ඒ දිනයේ ඇය සැන්ඩි්‍රන්හැම්හි සාන්තමේරි මග්දලේනා දේවස්ථානයේ උදෑසන දේව මෙහෙයට සහභාගි වෙන්නට යාම සියලු දෙනාම පුදුමයට පත් කරන්නට සමත් විණි. ඇය එහි ගියේ මව කැරොල්, පියා මයිකල්, නැගණිය පිපා සහ මල්ලී ජේම්ස් සමඟය. ඇගේ ආගමනය පිළිබඳ ඉඟියක් හෝ කිසිවෙකුට දී නොතිබිණි.

 

The Duke And Duchess Of Cambridge Diamond Jubilee Tour - Day 4

Kate-Middleton-Style
දේව මෙහෙයෙන් අනතුරුව ඇය විලියම් කුමරා සමඟ ගියේ රණවිරුවන් සැමරීමේ උත්සවයකටය. පළමු වන ලෝක යුද්ධය නිමා වී අවුරුදු 100ක් ගතවීම මෙම සැමරුමේ අරමුණ වී තිබිණි. මියගිය රණවිරුවන් වෙනුවෙන් මල් කළඹ තැන්පත් කිරීම සඳහා කේට් සහ විලියම් සමඟ මහ රැජින ද සහභාගී වූවාය.
කේට් ඇගේ උපන් දිනය වෙනුවෙන් කරන්නට නියමිත කාර්යයන් පිළිබඳව කිසිදු පුවතක් පළ වී තිබුණේ නැත. එහෙත් ඇය විලියම් කුමරා සමඟ නිස්කලංක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූවාය.


“අවුරුදු 34ක් වුණත් ඇගේ සුන්දරත්වය යන්තමින්වත් අඩු වෙලා නෑ”


ඇය පිළිබඳව බොහෝ දෙනෙක් දැක්වූයේ එවන් අදහස්ය.


මේ වසරේ වසන්ත කාලයේදී රාජකීය යුවළ ඉන්දියාවේ හා භූතානයේ සංචාරයක යෙදීමට නියමිතය. ඔවුන් භූතානයට යන්නේ පළමුවෙනි වතාවටය. ඔවුන් මේ සංචාරයට දරුවන් කැටුව යන්නේ නැත.


මේ අවුරුද්ද කේට් මිඞ්ල්ටන්ට වැදගත් වසරකි. ඇගේ වැඩිමහලු පුතණුවන්වන ජෝර්ජ් කුමරා සිය පාසල් දිවිය ඇරඹුවේ ඇගේ උපන් දිනය යෙදුණ සතියේ ආරම්භයේදීය.


ජෝර්ජ් කුමරාගේ වයස මේ වනවිට අවුරුදු දෙකහමාරකි. ඔහු ඇතුළත් කරන ලද්දේ නෝෆෝක්හි ඉහළ මධ්‍යම පාන්තික ළදරු පාසලක් වන වෙස්කර්ට් පාසලටය. අනාගත රජෙකු වුවත් ජෝර්ජ් කුමරා දිස් වූයේත් ප්‍රථම දින පාසලට යන සාමාන්‍ය බි්‍රතාන්‍ය දරුවෙකු ලෙසින්මය.


චාල්ස් කුමාරයා සහ සොහොයුරත් ඉගෙනුම ලැබුවේ ඈත ස්කොට්ලන්තයේ ගෝර්ඩොන්ස් ටවුන් නේවාසික පාසලේය. එහි නීතිරීතිවල දැඩි බව නිසාදෝ චාල්ස්, විලියම් සහ හැරී කුමරුන් ඇතුළත් කළේ ඊටන් විද්‍යාලයටය. එය ද බි්‍රතාන්‍යයේ ඉහළ පෙළේ පුරවැසියන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලකි. විලියම් සහ කේට් විසින් සිය පුතු සාමාන්‍ය පාසලකට ඇතුළත් කිරීමට තීරණය කිරීම පුවත් මවන්නක් බවට පත්ව ඇත්තේ එහෙයිනි.


කේට්ගේ හා විලියම්ගේ දියණිය ඉපදුණේ පසු ගිය වසරේ වසන්ත සමයේදීය. දැන් ඇගේ වයස මාස අටකි. රාජකීය යුවළ ඔවුන්ගේ සිව්වන විවාහ සංවත්සරය සමරන්නේත් මේ වසරේදීය.

kate-middleton_glamour_17mar14_rex_b_720x1080

 

                             සටහන - චන්දි කොඩිකාර                                    

 



අදහස් (0)

කේට් කුමරියගේ උපන්දිනය

කුමාරි Friday, 22 January 2016 02:57 PM

හරි ලස්සනයි (නි)

:       0       0

සොපි Thursday, 21 January 2016 04:08 PM

කොහොම වුණත් ඩයනට කිට්ටු කරන්න බැහැ නේද? (නි)

:       0       0

ආරච්චි Sunday, 24 January 2016 08:29 AM

සොපියො, ගුන දකින්න අගුනම දකින්නේ නැතුව ඇය හැබෑම ලස්සනයි. (ර)

:       0       0

ශ්‍රීලාල් Saturday, 30 January 2016 09:22 PM

අනේ අපිට මොකෝ! අපේ පවුල් වලත් උපන් දින තියෙන්නේ. තවමත් එංගලන්තෙට ගොඩක් අය හිතවත් (නි)

:       0       0

රෝහිත Monday, 25 January 2016 09:02 AM

බබාගේ ලස්සන කවුරුත් බැලුවේ නැහැ නේද ?(ම)

:       0       0

රැචි Thursday, 21 January 2016 06:19 PM

හරිම ලස්සන කාන්තාවක්. ඉතාම ආදරයෙන් ඉන්න පවුලක්. සුබපැතුම්!(‍රේ)

:       0       0

වසන්ජය Saturday, 06 February 2016 10:25 PM

අපේ ගීතා අක්කා මීට වැඩිය ලස්සනයි මට (නි)

:       0       0

සොපි Wednesday, 27 January 2016 12:25 PM

ඩයනා තරම් ආකර්ශනීයව මට ඇයව පේන්නේ නැහැ ආරච්චියෝ . (අ)

:       0       0

ප්‍රනීතා Saturday, 23 January 2016 05:25 PM

ඩයනාට වඩා ලස්සනයි. (නි)

:       0       0

බන්දු Saturday, 06 February 2016 05:48 AM

රජ පවුල නඩත්තු කරන්නේ මහජන මුදල් වලින් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site