ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී රට පැන ඇතැයි පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නැතැයි ද, ඒ බව නුදුරු දිනකදී හෙළි වනු ඇතැයිද ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.
ෆේස්බුක් ඔස්සේ සහයෝගය දැක්වූ දහස් සංඛ්‍යාත පිරිසට ස්තුති වන්ත වන බවද එහි සඳහන්ය.
ඇමෙරිකා පුරවැසියකු වන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 11 වැනිදා සිය බිරිය පුෂ්පා රාජපක්ෂ සමඟ කටුනායකින් ඩුබායි හරහා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස්ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බබාලා. (නදී)
අනේ පව් අප්පා ! කොහේ හිටියත් වැස්ස වෙලාවට පරිස්සම් වෙන්න (නදී)
පුද්ගල සාක්ෂියට වැඩිය තමන්ගෙ හදවතේ සාක්ෂිය තමයි වැදගත්. ඒ හින්ද ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ව ඇපේට තියල යටි මඩි ගහගත්තු ඩොලර් වලින් කැඳ බොන්න,යූරෝ වලින් මැල්ලුම් කන්න. යෙන් වලින් සුප් බොන්න. පවුම් වලින් සම්බෝල කන්න. රුපියල් වලින් කොට්ට මෙට්ට වලට ඇඳ ඇතිරිලි දාන්න. (නදී)
පුද්ගල සාක්ෂියට වැඩිය තමන්ගෙ හදවතේ සාක්කිය තමයි වැදගත්.ඒ හින්ද ලංකාවේ දුප්පත් මිනිස්සුන්ව ඇපේට තියල යටිමඩි ගහගත්තු ඩොලර් වලින් කැඳ බොන්න,යූරෝ වලින් මැල්ලුම් කන්න.යෙන් වලින් සුප් බොන්න.පවුම් වලින් සම්බෝල කන්න.රුපියල් වලින් කොට්ට මෙට්ට වලට ඇඳ ඇතිරිලි දාන්න.(දිල්)
කවුද මේවගේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් (දිල්)
ඇයි ගියේ, වැරදි කරලා නැත්තන් ඉන්න තිබුණා.(දිල්)
ෆේස් බුක් එකෙන් නෙවෙයි ජනතාව ඉදිරියට ඇවිත් මේ දේවල් කියන්න (දිල්)
අපිත් මේ බලන් ඉන්නේ ඇත්ත එළි වෙනකල් (දිල්)
උඩ දෙවි කෙනෙක් බලාගෙන ඉන්නවා. ඔය කාට කාටත් නිසි වෙලාව ආවම දෙවියෝ දඩුවම් දේවි (නදී)
මෛත්‍රීත් අපිට කොකා පෙන්නනවාද මන්දා ? (නදී)
ලංකාවේ මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මහත්තයෝ. ඔයා ඩුබායි ගුවන්තොටුපොළෙන් මම හිටපු තැනින්මයි ගියේ. බොරුවට සීමාවක් තියෙනවා (නදී)
කටකතා බොරුනම් ගියේ මොකද ?(හේ)
අපේ සල්ලි ගොඩ ආපහු දෙන්න (බ)
ගින්දර කනකොට අගුරු පිටකරන්න වෙනවා දන්නේ නැද්ද්ද.? (ර)
ඔබ තුමා රටට ඇවිත් මුහුණ දීල නිවෙරදි වෙන්න. එදාට අපි ඔබ සමග බව සලකන්න. (ර)
කරපු හරිය දැන් ලෝකෙම දන්නවා. පැනලා ගියේ හොරකම් වලට බයේ නේ. (බ)
ඔබගේ වරදක් නැත්නම් මේ මිනිස්සු නගන ප්‍රශ්නවලට අවලාදවලට උත්තර දෙන්න මොකද බයේ පැනල ගියේ යෝෂිත වෙඩි තියන්න හැදුව කියන්නේ ඇත්තද ..අවරුදු දෙකකට කලින් ඡන්දෙ තියන්න බල කළේ ඔබ නිසා .???(බ)
ඔයාලගේ කාලයේ වගේ නෙවෙයි. දැන් රජයේ මාධ්‍යත් ඔයාලට විවෘතයි. ඇවිත් ඇත්ත කියන්න. ජනතාව ඔයාට කොහොමත් විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඉස්සර වගේම (බ)
ඔව් ඔව් බැසිල් රාජපක්ෂ පැන ගියේ නැහැ. එයා ගියේ එයාට අයිති රටට. එයාගේ මුළු සේසතම තියෙන්නේ එහේ. නමුත් ආපහු එනවා කලින් වාගේ අයියා බලයක් ගන්න විට අනිවාර්යෙන් (නදී)
රටට කරපු සේවය ගැන කතාකරන්න කව්රුත් නැද්ද ? (බ)
අපිට ආරංචි වුනේ යන්න ඉස්සෙල්ල බැංකුවකින් සල්ලි ගන්න ගියා කියලා.(හේ)
හොරුන්ව අල්ලා අධිකරණයට ඉදිරිපත් කරමු. දුප්පත් ජනතාවගේ මුදල් නැවත අය කර ගනිමු. (ර)
දැන් ඉතින් හොරු ඔක්කොමලා උපාසක මහත්තුරු වෙන්න වගේ හදන්නේ. ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා පොදු ජනතාව බලාගෙන ඉන්නේ. (හේ)
අනේ අපරාදේ කියන්න බැහැ, (හේ)