නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ සෑම පුරවැසියෙකුම නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි.
මෙහිදී නීතිය පිළිබඳතොරතුරු, අධිකරණ කාර්ය පටිපාටිය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර ආදී විවිධ මාතෘකා ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
අදාළ වැඩසටහන් නීති කේෂ්ත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු විද්වත් මඩුල්ලකගේ මෙහෙයවීම් මත සිදුකරන බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව නීතිගරුක නම් රටක් ඉබේම දියුණු වෙනවා. අපේ රටේ දේශපාලඥයාගේ ඉඳන් පහළට යනකමම් නීතිගරුක නැහැ. ඒකයි මේ හුඟක් ප්‍රශ්න වලට හේතුව. (නි)
කපිල මහතා 100% ක් නිවැරදියි. උසාවියකට ගිහින් බලන්න ඕනෑ මොන තරම් රස්තියාදුවක්ද කියලා. මින් එක් පැත්තක් වැරදි වුණාට එක් පැත්තක් හරි. ඒ නිවැරදි පුද්ගලයට මොනතරම් අසාධාරණයක් වෙනවද මේ රස්තියාදුව සහ අනවශ්‍ය කල්මැරිම් නිසා. (නි)
අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලාගත් මිනිස්සු තමන් ඉස්සරවෙලා නඩු දානවා. ඒ නඩු දාන්නේ අවුරුදු ගානක් නඩුව ඇදගෙන ගිහිල්ලා ඒ කාලෙට හරි භුක්ති විඳින්න බලාගෙන. මේක හරිම බරපතල ප්‍රශ්නයක්. දුක් මහන්සියෙන් හරි හම්බ කරලා ඉඩම් ගත් කෙනාට මොනතරම් අසාධාරණයක් වේදනාවක් පාඩුවක් වෙනවද? ඇයි මේවා ගැන කතා නොකරන්නේ නිති විශාරදයෝ? (නි)
මේක නම් ඉතාම හොඳයි (නි)
සෑම පුරවැසියෙකුම නීතිය පිළිබඳ දැනුවත් කරන්න කලින් නීතිය ඇස් පනාපිටම කඩන ප්‍රවාහන සේවය, කඩ, සමහර රාජ්‍ය ආයතන වැනි තැන් වල අයට තමන්ගේ වපසරිය ගැන අවබෝධයක් ලබාදෙන්න. හැමෝම දැනුවත් කරනවට වැඩිය ඒක පහසුයි සහ ඵලදායකයි. (නි)
දවසට එක ගණනේ සාමාන්‍ය නීති ගැන දෛනික පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය වල දාන්නකෝ. (නි)
ඉසුරු අනුමත කරමි. තවද ප්‍රජා පොලිස් අණපනත හඳුන්වාදීම අවශ්‍යයි (නි)
ජනතාව නීතිය ඉගෙනගැනීම නිතිඥයින්ට පාඩුවක්. (නි)
අප නීතිය ගැන දැනුම්වත් විය යුතුය. මෙය ඉතා හොඳ යෝජනාවකි. (ස)
මොනවා නැතිවුණත් මම කැමතියි රථ වාහන නීතිරීති පිළිබඳව දැනුවත් වෙන්න.එතකොට මටත් පුළුවන් නීතිය පිළිබඳව මඟතොටේදී වාදවිවාද කරන්න. (නි)
අපේ රටේ මිනිස්සු අනුනට කරදර වන ලෙස ශබ්ද කරනවා, බස්වල පාරේතොටේ කාන්තාවන්ට උසුළු විසුළු කරනවා. මේවා ඔවුන්ට කළහැකි සාමාන්‍ය දේවල් ලෙසයි හිතාගෙන ඉන්නේ. ඒවා කළනොහැකි බව, ඒ සම්බන්ධ නීති පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. (නි)
පාසැල් අධ්‍යාපනයට අනුන්ට කරදර නොකර ජීවත්වීමටත්, තමන්ගේ අයිතිවාසිකම් රැකගැනීමටත් තිබෙන නීති ගැන අධ්‍යාපනයක් ලබාදෙන්න. මීට වඩා නීතිගරුක, අනුන් ගැන හිතන පුරවැසියන් අනාගතයේදී බිහිවේවි. (නි)
කඩේක බඩුවක් ගන්නකොට පාරිභෝගිකයාට ඇති අයිතිවාසිකම්, මුදලාලි නීතියෙන් බැඳෙන තැන් ගැන දෙපාර්ශවයම දැනුවත් කරන්න. (නි)
දැනට ඇති අධිකරණ කාර්ය පටිපාටිය නම් අකාර්යක්ෂමයි.තින්දු එනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. (බ)
මට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මූලික නීති ටිකවත් පාසැල් විෂය නිර්දේශයේ නැත්තේ කියලා. පුංචි අයට තමයි උගන්නන්න පුළුවන්. මහ මිනිස්සුන්ව හරිගස්සන්න අමාරුයි.(හේ)
අධිකරණ කාර්ය පටිපාටිය කාර්යක්ෂම කරන්න යමක් නොකරන්නේ ඇයි? දියුණු රටවල ක්‍රම ඇයි අපි ආදර්ශයට නොගන්නේ? (නි)
ඉසුරුගේ අදහසට මමත් එකගයි. අපේ දරුවන් පාසලේදී ඉගෙන ගන්නේ පයින් යන අය සහ වාහන පාරේ යා යුතු පැත්ත ගැන පමණයි. ඒ නිසා මාර්ග නීති ඇතුළු සමාජය තුළ පිළිපැදිය යුතු නීති හා රීති උගැන්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම හොඳයි. (හේ)
මේවා ඇත්තටම පාසල් වලින් තමයි පටන් ගන්න ඕනෑ. මුල හැදුවහම නිකන්ම අග වෙනකොට හොඳ පුරවැසියන් පිරිසක් බිහිවෙනවා. අදකාලේ ළමුන් තියා ගුරුවරුවත් හරියට මූලික නීතිවත් දන්නෙ නැහැ. (නි)
ඔව්, ලංකාදිපෙම තිබුනේ නඩු තින්දුව එන්න කලින් ගහ වැටිලා අවසන් ගමන් ගිය කතාවක්. මේවා ඇත්තටම ඛේදවාචක. නිතියේ පොඩි හිඩැසක් හෝ අඩුපාඩුවක් නිසා මිනිස් ජීවිත වලින් වන්දි ගෙවන්න වෙනවා. කරුණාවෙන් ඇමතිතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා, නඩු තින්දු දිමේදි අනවශ්‍ය කල්මැරිම් අවම කරන්න වහ වහා කටයුතු සම්පාදනය කරන්න කියලා. කොච්චර හොඳ නිති තිබුනත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ කල් ගිහින් නම් ඵලක් නැහැ.(නදී)
නිතිය ගැන ඕනවට වැඩිය දැනුවත් කරන්න ගිහින් හැමදේටම උසාවි යන ජනතාවක් බිහිවෙයිද දන්නේ නැහැ. නඩත්තු පනත නිසා එහෙම දෙයක් වෙලා කියලා මටනම් හිතෙනවා. පොඩ්ඩ බැරි වෙනකොට නඩු දාන තැනට අද අපේ කාන්තාවෝ පත්වෙලා. (බ)
මුළු රටටම නිතිය උගන්වන්න කලින් අපේ රියදුරු සහ කොන්දොස්තර මහත්තුරුන්ට රටේ නිතිය, මගින්ට සැලකිය යුතු ආකාරය, පාරේ නිතිය පොඩ්ඩක් ඉගැන්නුවා නම් නරකද? බරපතල ලෙස නිතිය කඩන කැනත් බවට ප්‍රවාහන ක්ෂේත්‍රය අද පත්වෙලා. (බ)