පද්මරාග, ඕපල් සහ පච්චා මැණික් එබ්බවූ වටිනා ප්ලැටිනම් මුදු 32 ක් සහ විදේශීය මුදල් තොගයක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ජපන් ජාතිකයෙකු කටුනායකදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශත රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
සැකකරු 60 හැවිරිදි මැණික් හා ස්වර්නාභරණ ව්‍යාපාරිකයෙකි.
ප්ලැටිනම් මුදුවල වටිනාකම රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය හතලිහකි. ඇමරිකානු ඩොලර් දොලොස් දාස් හාරසීයක් සහ ජපාන යෙන් දස ලක්ෂ අනූදහසක්ද ඔහු ලග තිබී ඇත.
ඔහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 454 දරණ ගුවන්යානයෙන් ජපානයේ නැරීටා නුවර වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර සහකාර රේගු අධිකාරී නිශාද් රණසිංහ මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී වජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ටී. නන්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ටී.එච් පේ‍්‍රමචන්ද්‍ර සහකාර රේගු අධිකාරීවරුන් වන නිශාද් රණසිංහ, ටී.සේනාතිලක, ආර්.එච්.ආර් සමන්ත, පී.ඞී ගුණවර්ධන, ආර්.එම්.කේ.ආර් රත්නායක, සහන් ජයසිංහ යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි එකහමාරක පලැටිනම් මුදු රේගුවේ හිරවේ
ගාමිණී Saturday, 06 April 2013 10:02 PM
ජපන් ජාතිකයෙක් වෙලත් ඔය තරම් මෝඩ වැඩකට පැටලීම ගැන අතිශයින්ම කනගාටු වෙනවා.(නදී)
රංජිත් Saturday, 06 April 2013 10:50 PM
සල්ලි දීල බඩුගන්න බැරිද රට යනකොට? මොකද මේවා පිට රටට විකුනන්න බැරිද? ඇයි ඒ අයව අල්ලන්නේ? මම දන්නේ නැති නිසයි අහන්නේ (නි)
පියල් Sunday, 07 April 2013 02:21 AM
මෙයාලට වෙන වැඩක් නැහැනේ. කොච්චර අහුවුණත් කිසිම ලැජ්ජාවක් නැහැ. (නි)