පද්මරාග, ඕපල් සහ පච්චා මැණික් එබ්බවූ වටිනා ප්ලැටිනම් මුදු 32 ක් සහ විදේශීය මුදල් තොගයක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ජපන් ජාතිකයෙකු කටුනායකදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශත රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
සැකකරු 60 හැවිරිදි මැණික් හා ස්වර්නාභරණ ව්‍යාපාරිකයෙකි.
ප්ලැටිනම් මුදුවල වටිනාකම රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය හතලිහකි. ඇමරිකානු ඩොලර් දොලොස් දාස් හාරසීයක් සහ ජපාන යෙන් දස ලක්ෂ අනූදහසක්ද ඔහු ලග තිබී ඇත.
ඔහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 454 දරණ ගුවන්යානයෙන් ජපානයේ නැරීටා නුවර වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර සහකාර රේගු අධිකාරී නිශාද් රණසිංහ මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී වජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ටී. නන්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ටී.එච් පේ‍්‍රමචන්ද්‍ර සහකාර රේගු අධිකාරීවරුන් වන නිශාද් රණසිංහ, ටී.සේනාතිලක, ආර්.එච්.ආර් සමන්ත, පී.ඞී ගුණවර්ධන, ආර්.එම්.කේ.ආර් රත්නායක, සහන් ජයසිංහ යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් ජාතිකයෙක් වෙලත් ඔය තරම් මෝඩ වැඩකට පැටලීම ගැන අතිශයින්ම කනගාටු වෙනවා.(නදී)
සල්ලි දීල බඩුගන්න බැරිද රට යනකොට? මොකද මේවා පිට රටට විකුනන්න බැරිද? ඇයි ඒ අයව අල්ලන්නේ? මම දන්නේ නැති නිසයි අහන්නේ (නි)
මෙයාලට වෙන වැඩක් නැහැනේ. කොච්චර අහුවුණත් කිසිම ලැජ්ජාවක් නැහැ. (නි)