ශ්රී ලංකා රජය යුද අපරාධ කළ බව කියාපාන දැවැන්ත රැස්වීමක් ඉතාලි දමිල සංවිධානය මෙහෙය වීමෙන් යුරෝපා කොටි ජාලයේ උපදෙස් පරිදි ඔක්තෝබර් 26 වැනි දා සවස හතරට ඉතාලියේ ලෙව්වේ නගරයේ පලස්සෝ තුරස්සා පලුම්බෝ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට යයි. මේ සඳහා යුරෝපයේ රටවල් හයකට අයත් කොටි නියෝජිතයින් සමග රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයින් පැමිණීමට නියමිත බව දමිල ආරංචි මාර්ග පවසයි. ඉතාලියේ ඉන්තේග්රා ඔන්සුල් නැමති රාජ්‍ය නොවන සංවිධානය මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. එම සංවිධානය කියා සිටිනුයේ ඉතාලි රජයේ සිවිල් සංවිධාන කිහිපයක සහයෝගය මේ සඳහා දෙන බවයි. ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධය අතරතළ ළමයින් හා වැඩිහිටි මිනිසුන් විශාල වශයෙන් ඝාතනය කළ බවත් හමුදා සෙබළුන් තවමත් උතුරේ දමිල කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක් කරන බවත් කියමින් රජය අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ උත්සහාය බවත් කියති. ඉන්තේග්රා ඔන්සුල් සංවිධානයේ ප්‍රධාන ක්ලෝදිනා කුකා කියනුයේ තම සංවිධානය ලෝකයේ බොහෝ රටවල අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙනුවෙන් කොටි සංවිධානය මෙලෙස සූදානම් වන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටි අඬු බඬු ඉතාලියේ හොල්මන් කරයි
ටෙනිසන් Saturday, 26 November 2016 03:34 PM
අනේ හැබෑටම මෙහෙමත් දේවල්!
රාජා Tuesday, 23 October 2012 03:02 PM
යුද්ධය ඉවරවෙලා අවුරුදු 2 ක් ඉවර උනත් තවමත් විසඳුමක් ඉදිරිපත් කරලා නෑ..මේ වගේ සම්මන්තණ පැවැත්වීම සාධාරණයි (ස)
සුරංග Tuesday, 23 October 2012 08:35 PM
අනේ මන්දා මේ වෙන වැඩ
සදුනි Tuesday, 23 October 2012 08:44 PM
අයියෝ සල්ලි
බන්ඩාර Tuesday, 23 October 2012 03:48 PM
තව මොනවද ඉල්ලන්නේ ...(ස)
නිශාන්ත Tuesday, 23 October 2012 03:58 PM
රාජා මොකද්ද ඕන විසදුම.. උතුර නැගෙනහිර ඕනද? සියළුම ජාතින්ට ලංකාවෙ ජීවත් වෙන්න පුළුවං.. හැබැයි රට බෙදන්න බැහැ..!(නු)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 23 October 2012 09:52 PM
රාජා මහත්තයෝ,ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන විසඳුම මොකද්ද? රට බෙදා වෙන් කිරීමටද? ඒවට නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. සියළුම ජාතින්ට ජීවත්වීමේ අයිතිය තිබූණත් අද අසාධාරණයක් වී ඇත්තේ සිංහල පිරිසටම නොවේද? අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලට පෙනෙන්නේ නැද්ද දන්නෙ නැහැ සිංහළ,දෙමළ,මූස්ලිම් ගම්මාන වලට ඇවිත් විශාල වශයෙන් කරපූ ඝාතන. ඒවට කෝ කවූද කතා කරන්නේ? (නි)
හිරන්ත Tuesday, 23 October 2012 04:39 PM
අර දහතුන ඒ එක අවලංගු කරනවා කියලා ආරංචියක් තියෙනවා ඇත්තද?(නු)
ශම්ස් Tuesday, 23 October 2012 10:14 PM
ඉතාලියේ ඉන්නා සෙසු ශ්‍රී ලාංකිකයන් මෙයට ප්‍රතිවිරුද්ධව කොටින් කළ අපරාධ ලොවටම හෙළිකරන සමන්ත්‍රණයක් පැවතුවා නම් හොදයි. (නි)
පිටිගල මිලානෝ Tuesday, 23 October 2012 04:32 PM
පුළුවං නම් ඇවිල්ලා සම්මන්ත්‍රණ කරන්නකො මිලානෝ වල.. මතක ඇතිනෙ ගියපාර ගුටිකාලා ගියා..!(නු)
අනිල් Tuesday, 23 October 2012 11:10 PM
රාජා, මතකද ප්‍රභාකරන්ට වෙච්ච දේ? (නි)
සිතුම් Tuesday, 23 October 2012 11:38 PM
පුලුවන්නම් එනවකෝ මිලානෝ වලට... (නි)
වසන්ත කුමාර Tuesday, 23 October 2012 05:26 PM
අර පිටේ පච්ච ගහපු එක්කෙනාට මේවගේ වෙලාවට රට ගැන කැක්කුමක් නැද්ද?(නු)
ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:52 PM
රජය මේ ගැන පියවර ගත යුතුයි... සුළුවට තැකීම හොද නැහැ..!(නු)