ශ්රී ලංකා රජය යුද අපරාධ කළ බව කියාපාන දැවැන්ත රැස්වීමක් ඉතාලි දමිල සංවිධානය මෙහෙය වීමෙන් යුරෝපා කොටි ජාලයේ උපදෙස් පරිදි ඔක්තෝබර් 26 වැනි දා සවස හතරට ඉතාලියේ ලෙව්වේ නගරයේ පලස්සෝ තුරස්සා පලුම්බෝ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට යයි. මේ සඳහා යුරෝපයේ රටවල් හයකට අයත් කොටි නියෝජිතයින් සමග රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයින් පැමිණීමට නියමිත බව දමිල ආරංචි මාර්ග පවසයි. ඉතාලියේ ඉන්තේග්රා ඔන්සුල් නැමති රාජ්‍ය නොවන සංවිධානය මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. එම සංවිධානය කියා සිටිනුයේ ඉතාලි රජයේ සිවිල් සංවිධාන කිහිපයක සහයෝගය මේ සඳහා දෙන බවයි. ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධය අතරතළ ළමයින් හා වැඩිහිටි මිනිසුන් විශාල වශයෙන් ඝාතනය කළ බවත් හමුදා සෙබළුන් තවමත් උතුරේ දමිල කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක් කරන බවත් කියමින් රජය අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ උත්සහාය බවත් කියති. ඉන්තේග්රා ඔන්සුල් සංවිධානයේ ප්‍රධාන ක්ලෝදිනා කුකා කියනුයේ තම සංවිධානය ලෝකයේ බොහෝ රටවල අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙනුවෙන් කොටි සංවිධානය මෙලෙස සූදානම් වන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ඉවරවෙලා අවුරුදු 2 ක් ඉවර උනත් තවමත් විසඳුමක් ඉදිරිපත් කරලා නෑ..මේ වගේ සම්මන්තණ පැවැත්වීම සාධාරණයි (ස)
තව මොනවද ඉල්ලන්නේ ...(ස)
රාජා මොකද්ද ඕන විසදුම.. උතුර නැගෙනහිර ඕනද? සියළුම ජාතින්ට ලංකාවෙ ජීවත් වෙන්න පුළුවං.. හැබැයි රට බෙදන්න බැහැ..!(නු)
අර දහතුන ඒ එක අවලංගු කරනවා කියලා ආරංචියක් තියෙනවා ඇත්තද?(නු)
පුළුවං නම් ඇවිල්ලා සම්මන්ත්‍රණ කරන්නකො මිලානෝ වල.. මතක ඇතිනෙ ගියපාර ගුටිකාලා ගියා..!(නු)
අර පිටේ පච්ච ගහපු එක්කෙනාට මේවගේ වෙලාවට රට ගැන කැක්කුමක් නැද්ද?(නු)
රජය මේ ගැන පියවර ගත යුතුයි... සුළුවට තැකීම හොද නැහැ..!(නු)
අනේ මන්දා මේ වෙන වැඩ
අයියෝ සල්ලි
රාජා මහත්තයෝ,ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන විසඳුම මොකද්ද? රට බෙදා වෙන් කිරීමටද? ඒවට නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. සියළුම ජාතින්ට ජීවත්වීමේ අයිතිය තිබූණත් අද අසාධාරණයක් වී ඇත්තේ සිංහල පිරිසටම නොවේද? අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලට පෙනෙන්නේ නැද්ද දන්නෙ නැහැ සිංහළ,දෙමළ,මූස්ලිම් ගම්මාන වලට ඇවිත් විශාල වශයෙන් කරපූ ඝාතන. ඒවට කෝ කවූද කතා කරන්නේ? (නි)
ඉතාලියේ ඉන්නා සෙසු ශ්‍රී ලාංකිකයන් මෙයට ප්‍රතිවිරුද්ධව කොටින් කළ අපරාධ ලොවටම හෙළිකරන සමන්ත්‍රණයක් පැවතුවා නම් හොදයි. (නි)
රාජා, මතකද ප්‍රභාකරන්ට වෙච්ච දේ? (නි)
පුලුවන්නම් එනවකෝ මිලානෝ වලට... (නි)
අනේ හැබෑටම මෙහෙමත් දේවල්!