( ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
සමෘද්ධි අරමුදලේ අතුරුදන් වී ඇති බවට අගමැතිවරයා චෝදනා කරන රුපියල් කෝටි 675 පිළිබඳ ව විධිමත් සමුපුර්ණ පරීක්සනයක් කර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
රුපියල් කෝටි 675 ක් නොව ශත675 ක් පිළිබඳ සියලු වගකීම් තමා බාර ගන්නා බවත් කී දිසානායක මහතා ඒ පිළිබව විශේෂ ප්‍රකාශක් කරමින් මේ පිළිබඳව පැවසීය.
අගමැතිතුමා පසුගිය මැයිදිනයේදී කියලා තිබුණා සමෘද්ධි මුදල් කෝටි රුපියල් 675 ක් අතුරුදන් වෙලා කියලා . කෝටි 675 ක් නොවේ ශත 675 ක් හරි වංචා වෙලා තියෙනවානම් ඒක බරපතල වරදක්.
මම ඒ විෂයභාර ඇමැතිවරයා ලෙස ඉතාම වගකීමෙන් කියන්න කැමැතියි මේ කාරණය වෙන කාගේවත් පිට මා පටවන්නේ නැහැ. මෙහි වගකීම මම බාරගන්නවා.
එහෙම ප්‍රශ්නයක් තියෙනවානම් මං අගමැතිතුමාට කාරුණිකව කියනවා ඒ ගැන පරීක්ෂණයක් කර නීතිමය කටයුතු කරන්න ඒ වගකීම ගන්න මම කැමතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඟුරන්කෙත සමෘද්ධි වාර්තාවත් පාර්ලිමේන්තුවට ගේන්න. සේරම එකයි.
අර හඟුරන්කෙත මාලිගාව ඔබතුමාට පරම්පරාවෙන් හම්බ වුණු ධනයෙන් ඉදිකරන්න ඇති නේද?
සමහර සමෘධිලාභීන් යොදවාගෙන රැස්වීම්වලට සෙනඟ එකතු කරගන්නා ආකාරය කවුරුද නොදන්නේ?
කුලප්පු වෙන්න එපා මල්ලියේ. මෙව්වා සේරටම පරීක්ෂණ පටලවලා හැමෝටම විලංගු දාලා සමෘද්ධියේ සල්ලි ටිකත් අත දිගහැරලා වියදම් කරලා දුර දිග බලලා මල්ලවපොරේට ලෑස්ති වෙන වෙලාවේ...
ඇමතිතුමා අරමුදල රකින එක ස්ථිරයි.